zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චීනයත් 3I/ATLAS ඡායාරූපගත කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉකුත් මස 3I/ATLAS අන්තර්තාරීය ධූමකේතුව අඟහරු අසලින් ඇදී යන විට චීනයට අයත් Tianwen 1 අඟහරු කක්ෂගත යානාව විසින් ලබා ගැනුණු ඡායාරූප ද මේ වන විට මුදාහැර තිබෙනවා.

2017 වසරේ පැමිණි ‘Oumuamua සහ 2019 වසරේ පැමිණි 2I/Borisov ට පසු ව, වෙනත් ග්‍රහලෝක පද්ධතියකින් සම්භවය වී අපගේ සෞරග්‍රහ මණ්ඩලයට හරහා යන බවට තහවුරු කරගැනුණු තුන්වැන්න වන්නේ 3I/ATLAS වස්තුවයි. ලොව පුරා අභ්‍යවකාශ නියෝජිතායතන, සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරී ඇති ගවේෂණ යානා යොදා ගනිමින්, වල්ගාතරුවක් බවට විශ්වාස කෙරෙන මෙම ආගන්තුක වස්තුව අධ්‍යයනය කිරීමට පෙළඹී සිටිනවා.

යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) සහ NASA ආයතනය සිය යානා සහ රෝවර මඟින් 3I/ATLAS කැමරාවට හසු කරගැනීම සඳහා කටයුතු කර තිබූ අතර, චීන ජාතික අභ්‍යවකාශ අධිකාරිය (CNSA) පසුගිය දා නිවේදනය කළේ ඔක්තෝබර් 1 සහ 4 අතර කාලයේ, අඟහරු කක්ෂයේ තිබෙන සිය Tianwen 1 යානාව මඟින් ද මේ වස්තුවේ ඡායාරූප ලබාගැනීමට සමත් වූ බවයි. ඔක්තෝබර් 3 වැනි දා ලබාගත් ඡායාරූපයක් ඔවුන් එහි දී මුදාහැර තිබෙනවා.

Tianwen 1 යානය මෙලෙස 3I/ATLAS ග්‍රහණය කරගෙන තිබෙන්නේ එහි ඇති High-Resolution Imaging Camera (HiRIC) කැමරාව උපයෝගී කරගෙනයි. මෙය NASA සතු අඟහරු කක්ෂගත යානාවක් වන Mars Reconnaissance Orbiter (MRO) යානය සතු HiRISE කැමරාවට සම කළ හැකි වුවත්, එයට වඩා තරමක් විභේදනය අතින් අඩුයි. මෙම ඡායාරූප ලබාගැනුණේ 3I/ATLAS ඉකුත් මස මුල දී අඟහරුගේ සිට කිලෝමීටර මිලියන 28.96ක් දුරින් ඇදී යන විටයි. එය ඒ වන විට තත්පරයට කිලෝමීටර 58ක වේගයෙන් ගමන් කරමින් පැවතියා.

3I/ATLAS ඉකුත් ඔක්තෝබර් 29 වැනි දා හිරුට සමීපතම ලක්ෂ්‍යයට ළඟා වුණා. එය හිරුගේ අනෙක් පසින් මතු වන තුරු පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ නැහැ. නමුත් මේ වන එය හිරුගේ අනෙක් පසින් මතු වී ගමන් කරමින් සිටින අතර, යළිත් පෘථිවියේ නිරීක්ෂණාගාර මඟින් නිරීක්ෂණයට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ඉකුත් නොවැම්බර් 5 වැනි දා චිලී රාජ්‍යයේ පිහිටි R. Naves නිරීක්ෂණාගාරය මඟින් එය ඡායාරූපගත කෙරුණා. විශේෂත්වය වන්නේ මේ ඡායාරූපයේ 3I/ATLAS සතු ව වල්ගයක් ඇති බවක් නො පෙනෙන බවයි.

පිළිගත් මතය ලෙස මෙය ධූමකේතුවක් ලෙස සැලකුණත්, අවි ලොයෙබ් වැනි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය සතු ව ධූමකේතුවකට පරස්පර හැසිරීම් රටා 10කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවයි.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තැටියට අංශක 5ක් තරම් අවම ආනත ස්වභාවයකින් යුතු අතිශය විරල මාර්ගයක පැමිණීම, අඟහරු, සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහයන්ට (සාපේක්ෂ ලෙස) සමීප වන මෙන් ම හිරුට ආසන්නත ම ලක්ෂ්‍යය පෘථිවියට නො පෙනෙන සේ පසු කිරීම, පිටතට නිකුත් වූ වායු ගොමුවේ සාමාන්‍ය වල්ගාතරුවකට වඩා අතිශය වෙනස් ලෙස අධික නිකල් ප්‍රතිශතයක් අඩංගු වීම, ඉකුත් ජුලි සහ අගෝස්තු අතර කාලයේ හිරු දෙසට ද වල්ගයක් ඇදී ඇති ආකාරය නිරීක්ෂණය වීම මෙන් ම හිරූට සමීප වන විට දැඩි ලෙස උණුසුම් ව නිල් පැහැයකින් දිස් වීම ආදිය 3I/ATLASගේ ආගන්තුක හැසිරීම්වලට ඇතුළත්.

ඉකුත් ඔක්තෝබරයේ 3I/ATLAS අඟහරුට සමීප ව කළ පියාසැරිය අතතුර දී අඟහරු කක්ෂයේ ඇති ප්‍රබලම කැමරා පද්ධතිය හිමි NASA ආයතනයට අයත්, Mars Reconnaissance Orbiter (MRO) යානය මඟින් ලබාගැනුණු ඡායාරූප මෙතෙක් පිටතට නිරාවරණය නො කිරීම පිළිබඳව ද ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා. රිපබ්ලිකන් කොංග්‍රස් මණ්ඩල සභික ඇනා පෝලිනා ලූනා වැඩබලන NASA ප්‍රධානී ශෝන් ඩෆී වෙත ලිපියක් යොමු කරමින් ගෝලීය විද්‍යා ප්‍රජාව වෙනුවෙන් මෙය හැකි ඉක්මනින් මුදාහරින ලෙස ඉල්ලා සිටියත්, එරට රාජ්‍ය ආයතනවල පවතින ‘ශට්ඩවුන්’ තත්ත්වය හේතුවෙන් තවදුරටත් එය පමා වන ලකුණු පළ ව තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/63M9uOf
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!