zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Super Heavy බූස්ටරයේ කොටස් ගොඩගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පසුගිය ජුනි මාසයේ සිදු වූ සිව් වැනි Starship පරීක්ෂණ පියාසැරියේ දී යොදාගත් පළමු අදියර බූස්ටරයේ කොටස් සාගරයෙන් ගොඩගැනීමට SpaceX සමාගම කටයුතු කර තිබෙනවා. ඉකුත් 22 දා SpaceX ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සිය X ගිණුමේ පළ කළ ඡායාරූපයක දැක්වෙන්නේ දොඹකරයක් ආධාරයෙන් සාගරයෙන් ඉහළට ඔසවනු ලැබෙන රොකට්ටුවේ හානියට පත් දෘඩාංගයි.

“හරියට බොහෝ කාලයකට පෙර තුරන් වී ගිය අනාගතවාදී ශිෂ්ටාචාරයක නෂ්ටාවශේෂ වගෙයි” මස්ක් X පණිවුඩයක පළ කර තිබෙනවා.

SpaceX සමාගමේ Starship යනු මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම රොකට්ටුව වනවා. මිනිසා සහ භාණ්ඩ සඳ මතටත්, ඉන් එහා සීමා වෙතටත් රැගෙන යාම අපේක්ෂා කරමින් සංවර්ධනය කර ඇති එය වානේ නිර්මිත ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. මීටර් 50ක් උස පළමු අදියර Super Heavy බූස්ටරය ලෙසත් ඉහළ අදියර Starship ලෙසත් හැඳින්වෙනවා.

මේ අදියර දෙක ම සැලසුම් කර ඇත්තේ නැවත නැවත භාවිත කළ හැකි පරිදියි. Super Heavy බූස්ටරය සතු ව රැප්ටර් එන්ජින් 33කුත්, Starship සතු ව රැප්ටර් එන්ජින් හයකුත් ස්ථානගත කර තිබෙනවා. එක් ව ගත් විට මීටර 122ක් උසින් යුතු Starship රොකට්ටුව මේ වන විට සිව් වතාවක් පරීක්ෂණ පියාසැරි සිදු කර තිබෙනවා. ඒ දකුණු ටෙක්සාස්හි බොකා චිකාහි පිහිටි Starbase අංගණයේ සිටයි. එහි සිව් වැනි හෙවත් ආසන්නතම පියාසැරිය මේ වසරේ ජුනි මාසයේ දී සාර්ථක ලෙස සිදු වුණා.

පළමු අදියර වූ Super Heavy බූස්ටරය සාර්ථක ලෙස වෙන් වීමෙන් පසු නියමිත පරිදි ගල්ෆ් මෙක්සිකෝ මුහුදට පතිත වූ අතර Starship යානය සාර්ථක ලෙස කක්ෂීය ප්‍රෙව්ගය ලබාගනිමින් පෘථිවිය වටා ගොස් ඉන්දීය සාගරයට සාර්ථක පහත් වීමක් සිදු කළා.

ඡායාරූපයේ දිස් වන පරිදි Super Heavy බූස්ටරය ගල්ෆ් මෙක්සිකෝ සාගරයට පහත් වීමේ දී හානියට ලක් වී ඇති බව දැකගත හැකියි. මෙලෙස ගොඩගන්නා ලද කොටසේ රැප්ටර් එන්ජින් 33න් 14ක් සවි වී තිබෙනු දැකගත හැකියි. අනෙක් එන්ජින් 19 SpaceX විසින් ගොඩගනු ලැබුණේ ද යන්න තව ම තහවුරු කර නැහැ.

SpaceX ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/63Hi5aq
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!