zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කෘත්‍රිම බුද්ධියෙන් නැස්කා රේඛා චිත්‍ර 300ක් අලුතෙන් සොයා ගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පේරු රාජ්‍යෙය් මෙතෙක් හඳුනාගෙන නො තිබූ නැස්කා රේඛා චිත්‍ර 300කට අධික ප්‍රමාණයක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒ අතර පිටසක්වළ ස්වභාවයකින් යුතු මානවරූපීන්, සිඳ දැමුණු හිස්, අතීතයේ සිදු වූ උත්සව සැමරුම් දැක්වෙන රූප බවට සැක කළ හැකි දෑ මෙන් ම පිහියක් අතින් ගත් ඔර්කා තල්මහෙකු ද සිටිනවා.

මේ සොයාගැනීම් සියල්ල සිදු කරීමේ හැකියාව ලැබී තිබුණේ කෘත්‍රිම බුද්ධියේ ද සහයෝගය ඇති වයි. ඒ සඳහා මාස හයක කාලයක් ගත වී තිබෙන අතර ඉන් ඒ අවට කලාපය තුළ ඇති මුළු රූප සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබෙනවා.

නැස්කා රේඛා යනුවෙන් හැඳින්වෙන්නේ පේරු රාජ්‍යෙය් නැස්කා කාන්තාරයේ වර්ග කිලෝමීටර 440කට අයත් භූමි ප්‍රෙද්ශයක් තුළ පුරාතන මිනිසුන් විසින් හාරා සකස් කරනු ලැබ ඇති යෝධ රූපාක්ෂර විශේෂයක්. ක්‍රිස්තු වර්ෂ 200ත් 500ත් අතර කාලයේ වාසය කළ නැස්කා යනුවෙන් හඳුන්වනු ලබන පූර්ව – ඉන්ඩිකානු ශිෂ්ටාචාරය විසින් මේවා ඇඳ තිබෙන්නේ කාන්තාරයේ මතුපිට ඇති රතු පැහැති බොරලුමය පස් ස්තරය ඉවත් කර යටින් පිහිටන සාපේක්ෂ ව ළා පැහැයෙන් යුතු පස් ස්තරය මතුකර ගනිමින්. ඒවා දැවැන්ත වපසරියක් පුරා පැතිරී තිබෙන බැවින් සම්පූර්ණ රූපය දැකබලා ගත හැකි වන්නේ ගුවනේ සිට බැලූ විට පමණයි.

නැස්කා රේඛා මුලින් ම සොයා ගැනුණේ 1920 දී ගුවන් යානයක ගමන් කරමින් සිටි මඟියෙකුගේ නෙත ගැටීමත් සමඟයි. අලුත් රේඛා චිත්‍ර සොයා ගැනීමට පෙර 430ක් වූ යෝධ රේඛා චිත්‍ර සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් ව තිබුණා. ඉන් බොහෝමයක් සොයාගෙන තිබුණේ පසුගිය දශක දෙකක කාලය තුළ දියුණු වූ චන්ද්‍රිකා ඡායාරූප තාක්ෂණය සමඟයි. නමුත් කෘත්‍රිම බුද්ධියේ නැඟීමත් සමඟ මෙවැනි රේඛා චිත්‍ර සොයා ගැනීමේ සීඝ්‍රතාවය වැඩි වී තිබෙනවා.

අධ්‍යයනයට ඉකුත් දා PNAS ජර්නලයේ පළ වූ අතර එහි සඳහන් ව ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප මඟින් මිනිස් ඇසට හඳුනා ගැනීමට අපහසු නමුත්, සංවර්ධනය කරන ලද කෘත්‍රිම බුද්ධි මොඩලයක් මඟින් එය සිදු කිරීම සාපේක්ෂ ව කාර්යක්ෂම බවයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/0t5oZ4K
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!