zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

mpox ඉන්දියාවටත් එයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඉන්දියාව සිය ප්‍රථම mpox රෝගියා තහවුරු කර ගැනීමත් සමඟින්, සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින රෝගය ගැන ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙලෙස ඉන්දියාවෙන් වාර්තා වූ පළමු වැනි රෝගියාට වැළඳී ඇත්තේ clade Ib ප්‍රභේදය බව ඉන්දීය බලධාරීන් තහවුරු කරනවා. කේරලයේ වෙසෙන 38 හැවරිදි පුද්ගලයෙකු වන ඔහු ඉකුත් දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරත ව සිට තිබෙනවා. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ඉකුත් දා කේරලයේ සෞඛ්‍ය පද්ධතිය අගයමින් සඳහන් කර තිබුණේ මේ රෝගියාගේ හඳුනා ගැනීම කඩිනමින් සිදු වූ බවයි.

මින් පෙර කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයට සීමා වී තිබූ mpox වසංගත තත්ත්වය අප්‍රිකානු මහාද්වීපයේ විවිධ රටවලට පැතිර යාමට පටන් ගැනීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරුණා. එතැන් පටන් අප්‍රිකාවෙන් පිටත රටවල ද mpox රෝගීන් වාර්තා වූ අතර ස්වීඩනය සහ තායිලන්තය ද ඒ අතර වනවා.

Mpox රෝගය clade I සහ clade II ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙනවා. මේ අතරින් වඩාත් ම භයානක සහ වැළඳුණු විට මාරාන්තික විය හැකි ප්‍රභේදය වන්නේ පළමු වැන්නයි. මෙවර ඇති වී තිබෙන වසංගත තත්ත්වය හටගෙන තිබෙන්නේ clade Iහි උප ප්‍රභේදයක් වන clade Ib මඟින්. 2022 සහ 2023 වසරවල වාර්තා වූයේ clade II ව්‍යාප්ත වීම්. ඒ අනුව මෙවර වසංගත තත්ත්වය පෙර වසරවලට වඩා භයානක වීමේ යම් ඉඩක් තිබෙනවා.

පැතලි කුෂ්ඨයක් ලෙස ආරම්භ වන mpox රෝග ලක්ෂණ පසු ව කැසීම සහ වේදනාව ගෙන දෙන බිබිලි බවට පත් වනවා. ඇතැම් විට මුඛය, ලිංගේන්ද්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත ව ද බිබිලි සහ තුවාල මතු වීමට ඉඩ තිබෙනවා. කැසීම සහ තුවාල සාමාන්‍යෙයන් සති දෙකත්, හතරත් අතර කාලයක් පවතින අතර අනතුරු ව උණ, හිස කැක්කුම, පේෂීන්වල වේදනාව, කොන්දේ කැක්කුම, වසා ගැටිති ඉදිමීම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මතු වනවා. පරීක්ෂනවලින් සොයාගෙන ඇති පරිදි වයිරසය වැළඳී රෝග ලක්ෂණ පළ වීමට දින 1ත් 21ත් අතර කාලයක් ගත වනවා. කෙසේ නමුත් වයිරසය වැළඳුණ ද රෝග ලක්ෂණ පළ නො වන අවස්ථා ද වාර්තා වී තිබෙනවා.
Mpox, ආසාදිතයෙකු සමඟ කෙරෙන සමට සම ස්පර්ශය, සිපගැනීම සහ ලිංගික සබඳතා පැවැත්වීම ආදී සමීප සබඳතාවලින් පැතිරීම සිදු වන අතර ශ්වසන බිඳිති ඔස්සේ සහ වයිරසයට නිරාවරණය වූ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් ඔස්සේ ද වයිරස ව්‍යාප්තිය සිදු වීමේ අවදානම තිබෙනවා.

CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/cGz98ng
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!