zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Starliner වෙතින් ‘අමුතු හඬක්’ නිකුත් වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළත් සමඟ ඈඳී ඇති දෝෂ සහගත Boeing Starliner කැප්සියුලයෙන් ‘අමුතු ශබ්දයක්’ නිකුත් වන බව NASA ගගනගාමී Butch Wilmore හූස්ටන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය අමතා දන්වා තිබෙනවා. ඒ යානය නියමු රහිත ලෙස යළි පොළොවට ගෙන්වා ගැනීමේ මෙහෙයුම අනිද්දා (06) දිනට යෙදී තිබෙන පසුබිමකයි.

Wilmore මේ බව සඳහන් කළේ ඉකුත් සෙනසුරාදා දිනයේ බව The Guardian වාර්තා කරනවා. “මට Starliner සම්බන්ධ ව ප්‍රශ්නයක් තියෙනවා. ස්පීකර හරහා අමුතු ශබ්දයක් පැමිණෙමින් තිබෙනවා… ඒකට හේතුව මම දන්නේ නෑ.” ඔහු හූස්ටන් අමතා සඳහන් කර තිබෙනවා.

මේ සමඟින් ශබ්දය ඇති කරන්නේ කුමක් දැ යි සොයා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඉකුත් ජුනි මාසයේ Wilmore සහ Suni Williams රැගෙන පළමු වැනි පරීක්ෂණ නියමු පියාසැරිය සඳහා Starliner අභ්‍යවකාශගත වුණේ දින අටක කෙටි මෙහෙයුමක් සඳහා වන නමුත්, කැප්සියුලයේ ඇති වූ හීලියම් කාන්දු වීම් සහ ප්‍රචාලන අකර්මන්‍යතා හේතුවෙන් මේ වන තෙක් මාස තුනකට අධික කාලයක් අනෙකුත් ගගනගාමීන් සමඟ අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කිරීමට ඔවුන්ට සිදු වී තිබෙනවා. NASA නිවේදනයන්ට අනුව ඔවුන් දෙදෙනා Starliner මඟින් ම පොළොවට ගෙන්වා ගැනීම අනතුරුදායක වන බැවින් ලබන 06 වැනි දා එය තනි ව ම ස්වයංනියමු ක්‍රියාපටිපාටියකින් නිව් මෙක්සිකෝව වෙත ගොඩබස්වා ගැනීමට නියමිත ව තිබෙනවා. Wilmore සහ Williams, SpaceX Dragon කැප්සියුලයකින් පොළොවට ගෙන්වාගනු ඇත්තේ ලබන වසරේ පෙබරවාරියේයි.

ස්පන්දනය වීමක් මෙන් නැඟෙන මේ ශබ්දය ස්පීකර ඔස්සේ නිකුත් වන්නේ අභ්‍යවකාශ නැවතුම්පොළ හා Starliner කැප්සියුලය අතර සන්නිවේදන මාර්ගවල ඇති වී ඇති ප්‍රතිචාරමය ලූපයක් (feedback loop) හේතුවෙන් බවට විශ්වාස කෙරෙනවා.

ශබ්දය නැඟෙන්නට හේතුව සොයන අතරතුර Wilmore එම ශබ්දය පාලන මධ්‍යස්ථානයටත් ඇසේ දැ යි විමසා සිටියත්, එය ඔවුන්ට ඇසෙන්නට ගෙන තිබුණේ ඔහු කැප්සියුලයේ ස්පීකරය වෙත මයික්‍රොෆෝනය සමීප කළ විටයි. “හරි දැන් අපට එය ඇසෙනවා. ඒක හරියට සෝනාර් ස්පන්දන ශබ්දයක් වගේ.” යැ යි පාලන මධ්‍යස්ථානයෙන් පිළිතුරු ලැබී තිබුණා.

Ars Technica වෙබ් අඩවිය වාර්තා කරන පරිදි කැප්සියුලය වෙතින් නික්මෙන මේ ස්පන්දන හඬ මිචිගන්හි වෙසෙන Rob Dale නම් කාලගුණ විද්‍යාඥයා විසින් ද ග්‍රහණය කරගන්නට සමත් වී තිබෙනවා. අභ්‍යවකාශ යානාවල දී ඇති වන ශ්‍රව්‍යමය විකෘතිතා අමුතු දෙයක් නො වන බව ඔවුන් පෙන්වා දෙනවා. 2003 චීන ගගනගාමී Yang Liwei ද තමන්ට ලෝහමය බාල්දියකට ලී මිටියකින් පහර දෙන අනුකරණයෙන් ඇසෙන ශබ්දයක් පිළිබඳ වාර්තා කර තිබෙනවා. එයට හේතුව, යානයේ වායු පීඩනය අඩු වීමත් සමඟ ඇති වූ ව්‍යුහාත්මක වෙනස්කම් බව පසු ව හෙළි වී තිබුණා.

The Guardian සහ Ars Technica ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!