zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රැමසීස් II පාරාවෝගේ නම කෙටූ අසිපතක් සොයා ගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වසර 3,200ක් පැරැණි ඊජිප්තු ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ව තිබූ හමුදා බැරැක්ක කිහිපයක නෂ්ටාවශේෂ හෙළි කර ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඒ අතර තිබී හමු වූ වටිනා පුරාවස්තු අතර රැමසීස් II ලෙස රූපාක්ෂරවලින් නම සටහන් කර ඇති අසිපතක් ද වනවා.

විද්‍යාඥයන් සඳහන් කරන පරිදි ගොඩනැඟිලි ව්‍යුහයේ ඇතැම් තැන්වල ධාන්‍ය ගබඩා කර ගැනීම සඳහා භාවිත කළ ස්ටෝරු කාමර සහ කෑම පිසීම සඳහා භාවිත කළ උදුන් ද පිහිටා තිබූ බව දැකගත හැකියි. මත්ස්‍යයන්ගේ සහ වෙනත් සතුන්ගේ අස්ථි කොටස් අඩංගු ව තිබූ මැටි බඳුන්වල නෂ්ටාවශේෂ ද මෙහි දී සොයාගනු ලැබ තිබෙනවා. මේ ඉදි කිරීමට යාබද තැනක ගවයන්ගේ ඇටසැකිලි ද වළ දා තිබිය දී සොයා ගෙන තිබෙනවා. ඊජිප්තුවේ සංචාරක සහ පුරාවිද්‍යා අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙහි කැණීම් කටයුතු සඳහා නායකත්වය සපයා දී තිබුණේ පුරාවිද්‍යාඥ Ahmed El Kharadly.

මේ අතර බැරැක්ක තුළ තිබිය දී ඉපැරැණි අවිආයුධවල නෂ්ටාවශේෂ සොයා ගැනීමට ද පුරාවිද්‍යාඥයන් සමත් වී තිබුණා. ඒ අතර ක්‍රිස්තු පූර්ව 1279 සිට 1213 දක්වා ඊජිප්තුව පාලනය කළ දෙවැනි රැමසීස් (Ramesses II) රජුගේ නම රූපාක්ෂරවලින් කොයා ඇති ලෝකඩ අසිපතක් ද වනවා. එය ප්‍රමාණයෙන් කුඩා කුටියක තිබිය දී සොයාගැනුණු අතර El Kharadly පෙන්වා දෙන්නේ එය සටන් කිරීම සඳහා සූදානම් කොට තිබූවක් මිස හුදු ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තබා තිබූවක් නො විය හැකි බව ය.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/qDw3Nnf
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!