zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මැතිවරණ සමයේ ඩීප් ෆේක් මඬින්න කැලිෆෝනියාවෙන් අලුත් නීති

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකාවේ මැතිවරණ උණුසුම එන්න එන්න ම වැඩි වෙමින් පවතින පසුබිමක කැලිෆොර්නියානු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පසුගිය අඟහරුවාදා කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීමේ පනතකය අත්සන් තැබුවා. ඒ එලැඹෙන නොවැම්බර් 05 වැනි දා එරට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කෘත්‍රිම බුද්ධිය සහ ඩීප්ෆේක් තාක්ෂණ යොදා ගනිමින් සිදු වන ප්‍රචාරණ කටයුතු තුරන් කිරීමේ එක් පියවරක් වශයෙන්. මේ වන විට හොලිවුඩ් නළු නිළියන්ගේ රුව යොදා ගනිමින්, ඔවුන්ගේ අවසරයෙන් තොර ව මැතිවරණ ප්‍රචාරණ සමය තුළ මුදා හැරෙන වීඩියෝපට එන්න එන්න ම වැඩි වෙමින් පවතින බව වාර්තා වනවා.

කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාර, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන Gavin Newsom පෙන්වා දෙන්නේ පසු ගිය වසරේ හොලිවුඩ්හි සිදු වූ රංගන ශිල්පීන්ගේ ඓතිහාසික වැඩ වර්ජනයට ද හේතුව වූයේ සිනමා කර්මාන්තය තුළ කෘත්‍රිම බුද්ධිය බහුල ලෙස යොදා ගැනීම බැවින්, මේ ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස සැලකිල්ලට භාජනය විය යුතු බවයි. Newsomගේ කාර්යාලය පෙන්වා දෙන පරිදි ලෝකයේ ඉහළින් ම වැජඹෙමින් තිබෙන කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමාගම් 50 අතරින් 32ක් ම පවතින්නේ කැලිෆෝර්නියාව පදනම් කරගෙන වීම විශේෂත්වයක්.

“මැතිවරණයේ අඛණ්ඩතාව රැකගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ම අද පවතින හැම අතින් ම පිරී ඇති දේශපාලන දේශගුණ තත්ත්වය තුළ කෘත්‍රිම බුද්ධිය සාවද්‍ය තොරතුරු මඟින් මහජනයාගේ විශ්වාසය පළුදු කරීම සඳහා යොදා නො ගැනීම අත්‍යවශ්‍යයි.” පසුගිය දා ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙමඟින් ගෙන ඇති පියවර අතර මෙවැනි සන්දර්භයන් සහිත දෑ පළ වූ වහා ම විශාල පරිශීලකයන් ගණනක් බැඳී සිටින මාර්ගගත වේදිකාවලට ඒවා ඉවත් කිරීම හෝ ලේබල් කිරීම කළ යුතු බවට සඳහන් වනවා. එසේ ම යම් මැතිවරණ දැන්වීමක් පළ කරන විට එය නිපදවීම හෝ යම් වෙනස්කම් සිදු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගත්තේ දැ යි හෙළි කිරීම ද අනිවාර්ය කෙරෙනවා.

ඉකුත් ජූලි මාසයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් සහාය පළ කරන බිලියනපති ව්‍යවසායක ඊලෝන් මස්ක්, තමාට ම අයත් සමාජ ජාලයක් වන X හි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වන කමලා හැරිස්ගේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීමක් යම් වෙනස් කිරීමකට භාජනය කර පළ කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබුණේ දැන්වීමක එන හඬ වෙනස් අදහසක් උද්දීපනය වන පරිදි විකෘති කිරීම නිති විරෝධී ක්‍රියාවක් ලෙස නම් කළ යුතු බවයි. එකල එය වැළැක්වීම සඳහා නව පනතක් සම්පාදනය කළ යුතු බව ද ඔහු පවසා තිබුණා. මෙසේ පසුගිය දා කරළියට පැමිණියේ ඒ පනතයි.

Washington Post ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/cX0wp3d
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!