zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම Bryde’s whale තල්මහ විශේෂය (𝐵𝑎𝑙𝑎𝑒𝑛𝑜𝑝𝑡𝑒𝑟𝑎 𝑒𝑑𝑒𝑛𝑖) විසින් නිකුත් කරන ලද බව නවතම අධ්‍යයනයක් යෝජනා කරනවා.

මේ ශබ්ද මුලින් ම පටිගත කරගනු ලැබුණේ දිය යට කිමිදෙන ග්ලයිඩර් මඟින් මරියානා අගාධයේ සිදු කරනු ලැබූ ධ්වනික ආවේක්ෂණයකින්. ඒ 2014 වසරේ දීයි. ලොව ගැඹුරු ම අගාධය වන මරියානාව අඩි 35,876ක් ගැඹුරට විහිදී යනවා.

biotwang ශබ්ද ප්‍රධාන ස්ත⁣ර දෙකකට බෙදා දැක්විය හැකියි. ඒ මන්ද්‍ර ස්වරයෙන් ඇසෙන ගොරෝසු හඬක් සහ Star Wars, Star Trek වැනි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල එන තාරකා යානාවලින් රැව් දෙන්නාක් මෙන් නැඟෙන උච්ඡ ලොහමය හඬ වශයෙන්.

මේ ශබ්ද මුලින් විද්‍යඥයන් වික්ෂිප්ත කිරීමට සමත් වුණා. එහෙත් 2016 දී එය බොහෝවිට නිල් තල්මහ හෝ හම්ප්බැක් තල්මහ වැනි විශාල තල්මහ විශේෂයකගෙන් නිකුත් වන හඬක් විය හැකි බවට මත පළ වුණා. එහෙත් ඒ ශබ්දය එතෙක් දැන හැඳින තිබූ කිසිඳු තල්මහ හඬ් සමඟ සමපාත වුණේ නැහැ.

පසුගිය 18 දා Frontiers in Marine Science ජර්නලයේ පළ වී ඇති අධ්‍යයනයකට අනුව මේ හඬ නිකුත් වී ඇත්තේ Bryde’s whale තල්මහෙකුගෙන් බව සනාථ කරන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ සඳහා පැය 200,000ක ධාවන කාලයකින් යුතු සාගරයෙන් නැඟෙන ශබ්ද තරංග පටිගත කිරීම් විශ්ලේෂණය කළ හැකි කෘත්‍රීම බුද්ධි පද්ධතියක සහාය ද ලබාගෙන තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/xLQ2bNg
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!