zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ස්ටෝන්හෙන්ජ් අල්තාර ගල පැමිණ ඇත්තේ ස්කොට්ලන්තයෙන්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

දකුණු එංගලන්තයේ ඉදි වී ඇති ස්ටෝන්හෙන්ජ්හි සැබෑ අරමුණු කුමක් විණි ද යන්න තවමත් පවතින්නේ අබිරහසක් ලෙස වුවත්, එය විසඳා ගැනීම සඳහා යන ගමනේ පියවරක් ඉදිරියට තබන්නට නවතම අධ්‍යයනයක් වෙර දරා තිබෙනවා.

ඉකුත් දා Nature ජර්නලයේ පළ වූ එකී අධ්‍යයනයෙන් යෝජනා කෙරෙන්නේ මේ පුරාතන ඉදිකිරීම මැදින් පොළොවේ පැතලි අතට තබා ඇති ගල එහි ගෙනැවිත් තිබෙන්නේ උතුරු ස්කොට්ලන්තයෙන් බවයි. එහි සිට මීටර 5ක් දිග මේ පාෂාණය කිලෝමීටර 740ක් පමණ වන දුරකින් පිහිටා ඇති ස්ටෝන්හෙන්ජ් භූමිය වෙත රැගෙන ආවේ භූමිය මතින් ද නැතහොත් මුහුදෙන් ද යන්න මෙතෙක් පැහැදිලි කරගෙන නැහැ.

“එය ඒ තරම් ම දුර ඈතක සිට පැමිණීම පුදුමය දනවන්නක්.” අධ්‍යයනය සඳහා සම්බන්ධ නො වූ Exeter විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ Susan Greaney පවසනවා.

සියවසකට වැඩි කාලයක් තිස්සේ විද්‍යාඥයන් විශ්වාස කළේ ස්ටෝන්හෙන්ජ්හි මධ්‍යෙය් තිරස් අතට තබා තිබෙන ‘altar stone’ හෙවත් ‘අල්තාර ගල’ ගෙනැවිත් තිබෙන්නේ ස්කොට්ලන්තයට වඩා ළඟින් පිහිටන වේල්සයෙන් බවයි. කෙසේ නමුත් ඉහත අධ්‍යයනය සඳහා මුල් වූ විද්‍යාඥයන් ම පසුගිය වසරේ හෙළි කරගත් පරිදි මේ අල්තාර ගලේ ලක්ෂණ වේල්සයේ වැලිගල් භූමි සංස්ථානය සමඟ පෑහෙන්නේ නැහැ. කෙසේ නමුත් පසුගිය වසරේ සිට මේ දක්වා ම එහි සැබෑ මූලාශ්‍රය සොයා ගන්නට හැකියාව ලැබී තිබුණේ නැහැ.

කෙසේ නමුත් මෙවර සිදු කරන ලද අධ්‍යයනයේ දී පර්යේෂකයන් කලින් කලට අල්තාර ගලෙන් එක්කාසු කරගනු ලැබුණු ප්‍රමාණයෙන් කුඩා සාම්පලවල ඇති ලෝහ විවිධත්වය විශ්ලේෂණයට ලක් කළා. මෙහි දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ ස්කොට්ලන්තයේ ගිනිකොණ දෙසට වන්නට පිහිටි Orcadian Basin ද්‍රෝණිය අවට හටගන්නා වැලිගල්වල ස්වභාවයට එය අතිශය නෑකම් කියන බවයි.

“මේ භූ ගර්භීය ‘ ඇඟිලි සලකුණ’ එක්සත් රාජධානියේ වෙන කොතැනකවත් දකින්නට නැහැ.” අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන Aberystwyth විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ Nick Pearce සඳහන් කරනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/a90tjEL
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!