zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පෘථිවියට ‘මිනි-සඳක්’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්‍යාලයේ ග්‍රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් නුදුරේ දී ම පෘථිවිය වටා සුළු කාලයකට කක්ෂගත වීමට නියමිත ව තිබෙනවා.

ඔවුන්ගේ අධ්‍යයනය ඉකුත් දා Research Notes of the AAS ජර්නලයේ පළ වී තිබෙනවා. අධ්‍යයනයේ සම කතුවරුන් දෙදෙනා වන Carlos de la Fuente Marcos සහ Raúl de la Fuente Marcos පෙන්වා දෙන්නේ 2024 PT5 ග්‍රහකය පෘථිවියේ ගුරුත්වයට නතු වීමත් සමඟ එය පෘථිවිය වටා වටයක් ගමන් කරනු ඇති බවයි.

පෙන සිදු කරන ලද නිරීක්ෂණ ගණනාවකින් සොයාගෙන ඇති පරිදි මෙවැනි ග්‍රහක බොහෝ ගණනක් පෘථිවිය වටා අර්ධ හෝ පරිපූර්ණ වශයෙන් ඉලිප්සීය කක්ෂයකට අවතීර්ණ වී ක්‍රමික ව ඉන් නික් ම යනවා. උදාහරණයක් වශයෙන් 2006 දී එක් ග්‍රහකයක් පෘථිවිය වටා වසරක පමණ කාලයක් කක්ෂගත ව පැවති අතර තවත් එකක් වසර ගණනාවක් ම මෙලෙස කක්ෂගත ව පැවත 2020 දී නික්ම ගොස් තිබුණා.

2024 PT5 මෙලෙස පර්යේෂකයන් දෙදෙනාගේ නිරීක්ෂණයට භාජනය වූයේ Asteroid Terrestrial-Impact Last Alert System විසින් සිදු කරන ලද නිරීක්ෂණ අතරවාරයේයි. මින් පෙර සිදු කරන ලද පර්යේෂණ මඟින් එය පෘථිවිය සමඟ ඝට්ටනය නො වන බව සොයාගෙන තිබුණා. පර්යේෂකයන් සැක කළේ ඒ වෙනුවට එය පෘථිවියේ ගුරුත්වයට හසු ව කෙටි කලක් ඒ හා බැඳි පවතින බවයි.

2024 PT5 සතු ව ඇත්තේ මීටර 10ක විෂ්කම්භයක්. එහි ප්‍රමාණය, වේගය සහ දැනට ගමන් කරමින් සිටින මාර්ගය ආදිය උපයෝගී කරගනිමින් මීළඟ මාස කීපය තුළ එහි ගමන් පථය ගණනය කිරීමට ඔවුන් සමත් ව තිබෙනවා. එහි ප්‍රතිඵල අනුව ඔවුන් පෙන්වා දෙන්නේ එය මාස දෙකකට ආසන්න කාලයක් පෘථිවි ගුරුත්වය මඟින් ඇද බැඳ තබාගනු ඇති තරමට ආසන්න වනු ඇති බවයි.

ගණනයන් පෙන්වා දෙන පරිදි එය දින 53ක කාලයක් ඇතුළත එක් වරක් පෘථිවිය වටා ගමන් කිරීමට නියමිතයි. ඒ අනුව මේ මස අවසානයේ සිට නොවැම්බර් මැද දක්වා එය පෘථිවිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට නියමිතයි.

පර්යේෂකයන් සැක කරන්නේ එය හිරු වටා පෘථිවිය මෙන් ම කක්ෂගත ව පවතින අර්ජුන ග්‍රහක පටියේ සිට නිවී සැනසිල්ලේ පැමිණෙන ග්‍රහකයක් වීමට ඉඩ තිබෙන බවයි.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 



from Vidusara Science Magazine https://ift.tt/DPicaYC
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!