zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පිලිපීනයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ 2024 RW1

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඊයේ රාත්‍රියේ (04) මීටරයක පමණ විෂ්කම්භය සහිත කුඩා ග්‍රහකයක් පිලිපීනයට දකුණු දෙසින් පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. 2024 RW1 ලෙස නම් කර ඇති එය විද්‍යාඥයන් විසින් හඳුනා ගැනුණේ වායුගෝලය සමඟ ගැටීමට පැය කිහිපයකට පෙරාතුවයි.

ඊයේ උදෑසන NASA ප්‍රතිපාදන යටතේ දිවෙන Catalina Sky Survey හි පර්යේෂණ තාක්ෂණවේදිනියක වන Jacqueline Fazekas විසින් මුලින් ම නිරීක්ෂණය කරනු ලැබූ මෙය 2024 RW1 ලෙස නාමකරණය වන්නට පෙර CAQTDL2 ලෙස හඳුන්වනු ලැබුණා. පුරෝකථනය කළ පරිදි ම පිලිපීන වේලාවෙන් මධ්‍යම රාත්‍රීය පසු වී 45 වැනි විනාඩියේ දී එනම්, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.15ට ග්‍රහකය වායුගෝලයට ඇතුළු වුණා. ඒ තත්පරයට කිලෝමීටර 17.6කට ආසන්න වේගයකින්.

පිලිපීනය අවට වායුගෝලයේ ඇති වී තිබූ කැලඹීම් සහිත වාතාවරණය නිසා ග්‍රහකය දැවී යන දර්ශනය දැක ගත වේවි ද යන්න පිළිබඳ කුකුසක් ඇති වී තිබුණත්, පිලිපීනයේ සිට, වලා වියන සිදුරු කරගෙන කොළ පැහැ වල්ගයක් සහිත ව ක්ෂණික දීප්තියක් ඇති කරමින් ගිනි බෝලයක ස්වරූපයෙන් යුතු ව පහළට ඇද හැළෙන fireball ආකාරයේ උල්කාවක පටිගත කරන ලද දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට පටන්ගත්තා.

විද්‍යාඥයන් සඳහන් කරන්නේ වසරකට මෙවැනි කුඩා ප්‍රමාණයේ ග්‍රහක දෙක තුනක් ම පෘථිවි වායුගෝලයේ ගැටී දැවී යන බවයි. කෙසේ නමුත් එය වායුගෝලයට ඇතුළු වීමට පෙර හඳුනා ගෙන තිබෙන්නේ අවස්ථා කිහිපයක දී පමණයි. 2008 වසරේ දී මුල් ම වතාවට වායුගෝලයේ ගැටීමට පෙර ග්‍රහකයක් හඳුනා ගන්නට සමත් වූ අතර, ඊයේ පිලීපීනයට දර්ශනය වූ 2024 RW1 එලෙස හඳුනා ගත් නව වැනි ග්‍රහකයයි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!