zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Starliner ගගනගාමීන් 2025 තෙක් අභ්‍යවකාශ නැවතුම්පොළේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Boeing Starliner කැප්සියුලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගිය ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට ගෙන්වාගත හැකි වන්නේ 2025 වසරේ දී බව NASA ආයතනය ඉකුත් දා නිල වශයෙන් නිවේදනය කළා. Suni Williams සහ Butch Wilmore, ඉකුත් ජුනි 5 වැනි දා Starliner මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගියේ කැප්සියුලයේ පළමු වැනි නියමු පරීක්ෂණ පියාසැරිය සිදු කරමින් දින අටක මෙහෙයුමක් සඳහායි.

කෙසේ නමුත් කැප්සියලයේ හීලියම් කාන්දු වීම සහ තවත් සංකීර්ණතා කිහිපයක් හේතුවෙන් ගගනගාමීන් දෙදෙනාගේ ආපසු පැමිණීම දිගින් දිගටම කල් ගියා. මේ වන විට NASA සහ Boeing සමාගම කැප්සියුලයේ පැන නැඟී ඇති තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

NASA ඉකුත් 24 වැනි දා නිවේදනය කර ඇති පරිදි Suni සහ Butch යළි පොළොවට ගෙන්වා ගැනීම ලබන වසරේ පෙබරවාරියට පෙර සිදු නො වනු ඇති. එසේ ම ආයතන දෙක විසින් ගනු ලැබූ තීරණයකට අනුව ඔවුන් යළි පොළොව බලා එනු ඇත්තේ ද Starliner කැප්සියුලයේ නොවෙයි. මේ සඳහා සැප්තැම්බර් මාසයේ Crew – 9 මෙහෙයුම රැගෙන අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත් වන SpaceX Dragon කැප්සියුලය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ලබන සැප්තැම්බරයේ Starliner කැප්සියුලය නියමුවන් රහිත ව නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් අභ්‍යවකාශ තටාංගණය (White Sands Space Harbor) වෙත ගෙන්වා ගැනීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.

Butch සහ Suni අභ්‍යවකාශ නැවතුම්පොළේ තබා නියමු රහිත ලෙස Boeing Starliner පොළොවට රැගෙන ඒමට තීරණය කෙරුණේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස බව NASA ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කරනවා.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!