zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

හීලියම් 3 රැගෙන ඒමට සඳ මත චුම්භකිත ලෝන්චරයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සඳෙන් ලබාගන්නා සම්පත් පෘථිවිය වෙත ගෙන ඒම සඳහා සඳ මත චුම්භකිත දියත් කිරීමේ පුවරුවක් (ලෝන්චරයක්) ඉදිකිරීම යෝග්‍ය බව චීන විද්‍යාඥයන් යෝජනා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ එය වියදම් අවම මෙන් ම කාර්යක්ෂම සම්පත් ප්‍රවාහනයකට මඟ කියන බවයි.

ඔවුන් යෝජනා කරන පරිදි චන්ද්‍රයාගේ අඩු ගුරුත්වය සහ වායුගෝලීය තුනී බව ප්‍රයෝජනයට ගනිමින් දැනට යොදාගන්නා ප්‍රචාලන ක්‍රමවේදවලට වැය වන පිරිවැය මෙන් 10% ක අගයකින් දිනකට දෙවරක් මේ ක්‍රමවේදය ඔස්සේ සම්පත් පෘථිවිය වෙත ගෙන ආ හැකියි. මේ චුම්භකිත උත්තෝලන පද්ධතිය යෝජනා කරන්නේ Shanghai Institute of Satellite Engineeringහි පර්යේෂකයන් විසින්.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ පද්ධතියේ තාක්ෂණීක යෝග්‍යතාව ඉහළ මට්ටමේ පවතින බවයි. ඉන්ධන යොදා නො ගෙන විදුලියෙන් පමණක් ක්‍රියාත්මක වන නිසා එය සඳ මත ස්ථාපනය කිරීම ද සාපේක්ෂ ව පහසු වනු ඇති බව ඔවුන් Aerospace Shanghai ජර්නලයේ පළ කොට තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෘථිවියේ බලශක්ති අර්බුදයට විසඳුම් ගෙන ආ හැකි චන්ද්‍රයා මත බහුල ව ඇති හීලියම් 3 කැනීමෙන් පසු පෘථිවිය මතට ගෙන්වා ගැනීම සඳහා මෙවැනි පද්ධතියකින් සුවිශාල සේවයක් සැලසෙනු ඇති බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!