zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා මේ වසරේ සිට ඇරඹෙන ලකුණු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි Starlink සමාගම මෙරට සිය අන්තර්ජාල ආවරණය සඳහා අවසර ඉල්ලා ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති අතර දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. ඔහු සඳහන් කර ඇත්තේ මාස තුනක කාලයකින් Starlink අන්තර්ජාල සබඳතා මෙරට තුළ සක්‍රීය කළ හැකි වෙතැ යි බලාපොරොත්තු වන බවයි. මේ වන විට ව්‍යාපෘතිය සඳහා නියාමන අධීක්ෂණය සිදු කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරී තිබෙනවා.

සති දෙකකට ඉහත දී මෙරට ජනාධිපතිවරයා සහ Starlink නිර්මාතෘ, ව්‍යවසායක ඊලෝන් මස්ක් අතර හමුවක් සිදු වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩිනූක් කොළඹගේ මහතා X සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ⁣මේ හමුවෙන් පසු Starlink සේවය මෙරටට ලැබුණු බවයි. කෙසේ නමුත් එම X පණිවුඩය මේ වන විට මකා දමා තිබෙනවා.

නැවත ලබා ගත හැකි ඇමරිකානු ඩොලර් 9ක මුදලක් බැඳීමෙන් Starlink අන්තර්ජාල සේවය ⁣ශ්‍රී ලංකාවේ සිට පෙර ඇණවුම් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. කෙසේ නමුත් බොහෝ තැන්හි වරදවා වටහාගෙන සිටින බවට පෙනී යන පරිදි එම පහසුකම ලැබී තිබුණේ අද – ඊයේ සිට නොව 2021 වසරේ සිටයි. ජනාධිපතිවරයා සහ ඊලෝන් මස්ක් අතර හමුව සිදු වීමට පෙර සිට ම Starlink වෙබ් අඩවිය මෙරට සිට කෙරෙන පෙර ඇණවුම් සඳහා විවර ව පැවතියා.

SpaceX සමාගමේ අනු සමාගමක් වන Starlink, සිය චන්ද්‍රිකා පොකුර ආධාරයෙන්, මේ වන විට රටවල් 70ක පමණ අන්තර්ජාල සේවා ආවරණය කරනවා. සිය Starlink චන්ද්‍රිකා පොකුරේ මුල් ම චන්ද්‍රිකා කිහිපය අභ්‍යවකාශගත කරනු ලැබුණේ 2019 වසරේයි. මේ වසරේ මාර්තු මාසය වන විට පහළ පෘථිවි කක්ෂයේ ඇති Starlink සමාගමට අයත් ක්ෂුද්‍ර චන්ද්‍රිකා ගණන 6000 ඉක්මවනවා. අනාගතයේ දී ඔවුන් සතු චන්ද්‍රිකා ගණන 34,000 දක්වා ඉහළ දැමීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

2024 මැයි මාසය වන විට ගෝලීය Starlink පා⁣රිභෝගිකයන් ගණන මිලියන 3 සීමාව පසු කර තිබුණා. මේ වස⁣ර තුළ දී සමාගම උපයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක් ඉක්මවනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

රුසියානු-යුක්‍රේන යුද ගැටුම්කාරී වාතාවරණයේ දී කලාපය තුළ නො කඩවා අන්තර්ජාල සේවාවක් ලබා දීම වෙනුවෙන් Starlink ඉමහත් සේවයක් ඉටු කරනවා. ඒ රුසියානු ආක්‍රමණය ඇරඹී දින දෙකකට පසු යුක්‍රේනයේ අන්තර්ජාල සේවා අකර්මණ්‍ය වීමෙන් පසු, එරට රජය විසින් කෙරුණු ඉල්ලීමකට අනුවයි.

කෙසේ වෙතත්, Astronomy & Astrophysics ජර්නලයේ පළ වී ඇති අධ්‍යයනයට අනුව Starlink චන්ද්‍රිකා පිට කරන විද්‍යුත් චුම්භක විකිරණය මඟින් ගැඹුරු අභ්‍යවකාශයේ සිට පැමිණෙන සංඥා පටලවා දමන බවත් රේඩියෝ දුරේක්ෂ ආධාරයෙන් කරන නිරීක්ෂණවලට බාධා ඇති කරන බවත් සොයාගෙන තිබෙනවා. ඒ Starlink චන්ද්‍රිකා මඟින් මුදා හැරෙන විද්‍යුත් චුම්භක විකිරණ තරංග, ජාත්‍යන්තර විදුලි සංදේශ සංසදය (International Telecommunications Union – ITU) විසින් රේඩියෝ නිරීක්ෂණ කටයුතු සඳහා වෙන් කර ඇති තරංග පරාසයට සමාන්තර වීම හේතුවෙන්.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!