zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ළඟ එන අත්ලාන්තික් හරිකේන සමයේ කුණාටු 25ක් ඇති විය හැකි බව NOAA පුරෝකථනය කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

දේශගුණ විපර්යාසයට සහ එල් නිනෝ තත්ත්වයට ‘ස්තුතිවන්නට’ මේ වසරේ ඉදිරි කාල සීමාව තුළ හරිකේන දුසිම් දෙකකට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට ඇමරිකානු මහාද්වීපයට සිදු වනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කරනවා.

ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ (National Oceanic and Atmospheric Administration – NOAA) විද්‍යාඥයන් පුරෝකථනය කරන පරිදි අත්ලාන්තික් හරිකේන සමය (Atlantic hurricane season) හේතුවෙන් මැයි මාසය තුළ පමණක් හටගත හැකි කුණාටු ගණන 17 සිට 25 දක්වා අගයක් ගත හැකියි. එය මැයි මාසයක් සඳහා පුරෝකථනය වී ඇති වැඩි ම සුළි කුණාටු ගණන ලෙස ඉතිහාස ගත වනවා. NOAA සඳහන් කරන පරිදි ඉන් 13 ක් ම පැයට කිලෝමීටර 119ක වේගයෙන් සුළං ධාරා හමා යන හරිකේන දක්වා වර්ධනය වීමේ විභවය සහිත වනු ඇති. මේ අතර පැයට කිලෝමීටර 179ක වේගයකින් හමන දරුණු ගණයේ හරිකේන 4ත් 7ත් අතර සංඛ්‍යාවක් ඇති වනු ඇති බව ඔවුන් පුරෝකථනය කරනවා.

“මේ [අත්ලාන්තික් හරිකේන] සමය කිහිප ආකාරයකින් ම අසාමාන්‍ය බවක් පෙන්නුම් කරනවා. මේ සාමාන්‍ය හරිකේන සමයක ගති ලක්ෂණවලට වඩා ඉහළ පාඨංක පෙන්නුම් කරමින් සිදු වන හත් වැනි හරිකේන සමයයි.” NOAA ප්‍රධානී Rick Spinrad ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණා.

සාමාන්‍ය හරිකේන සමයක කුණාටු 14ක් පමණ හටගන්නා බව ගණනය කර තිබෙනවා. ඉන් හතක් හරිකේන වන අතර තුනක් බරපතළ තත්ත්වයේ හරිකේන වනවා. මෙතෙක් කලකට වාර්තා වූ දරුණුතම හරිකේන සමය කුණාටු සමය ලෙස වාර්තා වන්නේ 2020 වසරේ පැවැති අත්ලාන්තික් හරිකේන සමයයි. එහි දී කුණාටු තත්ත්ව 30ක් ඇති වී තිබුණා.

80 දශකයේ ඇති වූ අත්ලාන්තික් හරිකේන සමවලට වඩා දැන් දැන් ඇති වෙමින් පවතින හරිකේන සම අතිශය ක්‍රියාකාරී බව කාලගුණ විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා. එයට හේතුව වන්නේ දේශගුණ විපර්යාසයයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!