zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ISS රුසියානු කොටසේ සිදු වන වා කාන්දුවේ ඉහළ යාමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමන්ට අයත් කොටසෙහි වායු කාන්දුවක් සිදු වෙමින් තිබෙන බව රුසියානු අභ්‍යවකාශ බලධාරීන් නිවේදනය කර තිබෙනවා. ඉන් තම අභ්‍යවකාශගාමීන් වෙත අනතුරක් නො වන බව ද ඔවුන් සඳහන් කරනවා.

රොස්කොස්මොස් සඳහන් කර සිටියේ සිය විශේෂඥයන් කාන්දුවේ සහ ගගනගාමීන්ගේ තත්ත්වය පිළිබඳ නිරන්තර අවදියෙන් සිටින බවයි. එසේ ම කාන්දු ව ඇති තැන් හඳුනාගැනීම සඳහා නිතිපතා මෙහෙයුම් සිදු කෙරෙමින් පවතින බවත් කාන්දු වීම සඳහා හේතු කාරක විය හැකි බවට සැක කෙරෙන ස්ථාන වෙත පිළියම් යෙදීමත් සිදු වෙමින් පවතින බව ඔවුන් සඳහන් කරනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇමරිකානු කොටස භාර ව සිටින නාසා ආයතනයේ ව්‍යාපෘති කළමනාකාර Joel Montalbano, රුසියානු කොටසින් සිදු වන වායු කාන්දුවේ ඉහළ යාමක් නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් බදාදා දිනයේ යි. නමුත් ඉන් අභ්‍යවකාශගාමීන් හට අනතුරක් හෝ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වයට බාධාවක් සිදු නො වන බව ඔහු අවධාරණය කර සිටියා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රමයෙන් වියපත් වීමත් සමග එහි නඩත්තු කටයුතු සඳහා වෙහෙසිය යුතු කාලය ද ඉහළ ගොස් ඇති බව රොස්කොස්මොස් සඳහන් කරනවා.

NASA ගගනගාමීන් වන Jasmin Moghbeli සහ Loral O’Hara, ESA ගගනගාමී Andreas Mogensen, රුසියානු විශ්වගාමීන් වන Konstantin Borisov, Oleg Kononenko සහ Nikolai Chub මෙන් ම ජපාන ගගනගාමී Satoshi Furukawa ද මේ මොහොතේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාසය කරනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!