zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රුසියාව සහ චීනය සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට සැරසෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


රුසියාව, චීනය සමග එක් වී සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සකස් වී ඇති බව පසුගිය දා රොස්කොස්මොස් නිවේදනය කළා. ඔවුන් 2035 වන විට එය ක්‍රියාකාරී තත්ත්වයට ගැනීමට බලාපොරොත්තු වනවා. යෝජිත චන්ද්‍ර න්‍යෂ්ටික බලාගාරය අනාගතයේ දී දෙරට සහයෝගයෙන් ඉදිකිරීමට සැලසුම් වී ඇති චන්ද්‍ර නැවතුම්පොළෙහි බලශක්ති මූලාශ්‍රය ලෙස යොදාගැනීමට නියමිතයි.

රුසියාවේ රොස්කොස්මොස් හා චීනයේ CNSA (China National Space Administration) එක් ව සඳ මත International Lunar Research Station (ILRS) නමින් නැවතුම්පොළක් ඉදිකිරීම පළිබඳ සැලසුම් මුල් වරට නිරාවරණය කරනු ලැබුණේ 2021 වසරේ දී යි. එවක එම නැවතුම්පොළ “උනන්දුවක් දක්වන ඕනෑ ම රටකට සහ ජාත්‍යන්තර සහයෝගීත්වය සඳහා විවෘත” බව ඔවුන් සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් චීනය සහ මෑතක සිට රොස්කොස්මොස් සමඟ ඇති වී තිබෙන සබඳතා ඉරිතැලීම් හේතුවෙන් NASA චන්ද්‍රගාමීන් හට එහි දොර විවර නො වනු ඇති බවට අදහස් පළ වනවා. රුසියානු – යුක්‍රේන යුද්ධයට අදාළ ව ඇමරිකාව විසින් රුසියාවට එරෙහි ව පණවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් 2025 වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පවා රොස්කොස්මොස් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

රොස්කොස්මොස්හි අධ්‍යක්ෂ ජෙනරාල් යූරි බොරිසොෆ් (Yury Borisov) එරට රජයට අයත් පුවත් වෙබ් අඩවියක් වන TASS වෙත අදහස් දවමින් සඳහන් කර තිබුණේ “2033 – 2035 අතර කාලයේ ක්‍රියාවට නැංවෙන” මෙම ව්‍යාපෘතිය “ඔවුන් බරපතළ ලෙස සලකා බලමින් සිටින” බවයි.

ප්‍රතික්‍රියාකාරකය ඉදිකිරීමේ අභියෝගාත්මක ක්‍රියාවලිය බොහෝ විට ස්වයංක්‍රීය ව, “මිනිස් මැදිහත් වීමකින් තොර ව” සිදු වනු ඇති බව සඳහන් කළ ඔහු, එයට අවැසි තාක්ෂණික විසඳුම් ද දැනටමත් ඔවුන් සතු බව සඳහන් කර තිබුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!