zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉන්දීය ගගන්යාන් ගගනගාමීන් නම් කෙරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසුන් සහිත යානයක් පෘථිවි කක්ෂය වෙත ගෙන යන ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ (ISRO) ගගන්යාන් (Gaganyaan) මෙහෙයුම සඳහා තෝරාගෙන ඇති ගගනගාමීන් ඉකුත් දා ප්‍රසිද්ධියට පත් කෙරුණා. ඒ Thiruvananthapuramහි පිහිටි ISROට අයත් වික්‍රම් සාරාභායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව අවස්ථාවක දී යි. මෙහි දී අග්‍රාමාත්‍යවරයා අතින් ඔවුන් වෙත ගගනගාමී නිල පදක්කම් (astronaut wings) පැළඳවීම ද සිදු කෙරුණා.

ඉන්දියානු තිදෙනෙකු පහළ පෘථිවි කක්ෂය වෙත යැවීමත්, දින තුනකට පසු යළි පොළොවට පැමිණීමත් ගගන්යාන් මෙහෙයුමේ අපේක්ෂාවයි. මෙහෙයුම සඳහා ගගනගාමීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තෝරාගෙන තිබෙනවා. ගෘෘප් කපිතාන් ප්‍රසන්ත් බාලක්‍රිෂ්ණන් (Prasanth Balakrishnan), ගෘෘප් කපිතාන් අජිත් ක්‍රිෂ්ණන් (Ajit Krishnan), ගෘෘප් කපිතාන් අන්ගද් ප්‍රතාප් (Angad Pratap), විංග් කමාන්ඩර් ශුභාන්ශු ෂුක්ලා (Shubhanshu Shukla) එම සිව් දෙනායි. මෙහෙයුම සඳහා අවැසි සියලු තාක්ෂණික තොරතුරු ඔවුන් හදාරා ඇති අතර ශාරීරික යෝග්‍යතාවයෙන් ද ඉහළ මට්ටමක පසු වන බව ISRO තහවුරු කරනවා. ඔවුන්ගෙන් තිදෙනෙකු 2024ත් 2025ත් අතර කාලයේ සිදු වීමට නියමිත ගගන්යාන් මෙහෙයුමෙන් පෘථිවි කක්ෂය වෙත පිවිසීමට නියමිතව තිබෙනවා.

“දැන් රටට ගගන්යාන් ගගනගාමීන් ගැන දැනගන්න කාලය උදාවෙලා. මේ හුදෙක් පුද්ගලයන් සිව් දෙනෙකුගේ නම් හතරක් නොවෙයි. මේ කෝටි 140ක් වූ ඉන්දියානුවන්ගේ අපේක්ෂාවන් අජටාකාශයට ගෙන යන ශක්තීන් හතරක්.” ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජාතිය අමතමින් ප්‍රකාශ කළා. “අවුරුදු හතළිහකට පසු නැවත ඉන්දියානුවෙක් අභ්‍යවකාශයට යනවා. නමුත් මෙවර, කාලයත්, ආපසු ගණනයත්, රොකට්ටුවත් අයත් වන්නේ අපටයි.” ඔහු සඳහන් කළේ සෝවියට් රුසියානු මෙහෙයුමකට අනුයුක්ත ව 1984 වසරේ අභ්‍යවකාශගත වූ ඉන්දීය ජාතික විංග් කමාන්ඩර් (විශ්‍රාමික) රාකේෂ් ශර්මා (Rakesh Sharma) සිහිපත් කරමින්.

ඉන්දීය අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කාන්තා විද්‍යාඥවරියන්ගේ කාර්ය සාධනය ද මෙහි දී අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රශංසාවට ලක් වුණා. ඔහු වැඩි දුරටත් කියා සිටියේ කාන්තා විද්‍යාඥයන් නො සිටින්නට චන්ද්‍රයාන් හෝ ගගන්යාන් වැනි මෙහෙයුම් ගැන සිතීම පවා අපහසු වන්නට තිබූ බවයි.

ඉන්දියාව ලෝකයේ තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් වෙමින් සිටින මෙවන් මොහොතක දී ගගන්යාන් මෙහෙයුම එරට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ අනාගතය කෙරේ සුවිශේෂ මෙන් ම සාධනීය බලපෑමක් එල්ල කරනු ඇති බව ද ඔහු සඳහන් කළා.

ISRO සහ NDTV ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!