zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සෙක්ස් වුවමනාව හින්දා කොල්ලන්ට සිද්ධ වෙන්න පුළුවන් අංජබජල් වැඩ!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඔය ඉංග්‍රීසියෙන් යන ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එහෙම බලලා තියෙනවා නං, horny කියන වචනේ තේරුම නොදැන ඉන්න විදියක් නෑ. කෙටියෙන් කිවුවොත් horny කියන්නේ හැඟීම් ඇවිස්සිලා කියන එක. ඒ කිව්වේ නිකම් හැඟීම් නෙවෙයි රාග හැඟුම්. තවත් කොටින්ම කියනවා නම් ඒ කියන්නේ සෙක්ස් ඕන වෙලා කියන එක! ඕකටම තමයි ඉතින් අව්‍යක්ත බාසාවෙන් “මෝල් අමාරුව” කියලා කියන්නෙත්!

හරි. දැන් සෙක්ස් ඕන වෙන එක වැරැද්දක්ද? අපොයි නෑ. වයස් භේදයක් නැතුව රාග හැඟුම් පහළ වෙන්න පුළුවන් වයසක ඉන්න අයගේ ඉඳලා වයස්ගත අය දක්වාම ඕන කෙනෙක්ට සෙක්ස් ඕන වෙන්න, horny වෙන්න පුළුවන්. ඒකට ලිංග භේදයකුත් නෑ. හැබැයි ඉතින් සෙක්ස් ඕන වීමයි, ඒ සෙක්ස් වුවමනාව සපුරාගැනීමයි කියන්නේ දෙකක්.

 
දැන් අපි කොල්ලෝ ගමුකෝ මේ කතාවට. ඔය කීමට කියන දෙයක් තමයි, කොල්ලෝ ෆුල් සෙක්ස් වුවමනාවෙන් මත් වුණහම හිතන්නේ මොළෙන් නෙවෙයි, පුරුෂ ලිංගයෙන් කියන එක. ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒකෙන් කියන්නේ, සෙක්ස් වුවමනාව ඉහට ගැහුවහම තර්ක බුද්ධිය, සාමාන්‍ය දැනීම, හරි තීරණ ගැනීමේ හැකියාව වගේ එව්වා යටපත් වෙලා, සෙක්ස් වුවමනාව සපුරා ගැනීමේ වුවමනාව වි​තරයි වැඩ කරන්නේ කියන එක තමයි. ඉතින් අපි කියන්න යන්නේ, එහෙම සෙක්ස් වුවමනාව නිසා කොල්ලෙක්ට සිද්ධ වෙන්න පුළුවන් අංජබජල් ජල්තරස් වැඩ ගැන. මේවෑයින් අඩුම තරමේ එකක් හෝ සෙක්ස් වුවමනාවක් කවදාහරි ඇවිත් තියෙන කොල්ලෙක්ට වෙලා තියෙන්නම ඕන ඉතින්.

1. මං ඔයාව බඳිනවා!

මෙන්න මෝල් අමාරුව තද වුනහම ගොඩක් කොල්ලෝ හිත ගියපු කෙල්ලෙක්ව ඇඳට ගෙනියන්න පාවිච්චි කරන ජනප්‍රියම උදාන වාක්‍යය. ප්‍රශ්නේ තියෙන්නේ මේක කියන්නේ තමන්ට ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කියලා ෆුල් ෆිට් එකේ ෂුවර් එකක් තියෙන කෙල්ලෙක්ට නොවෙන එක. සමහර වෙලාවට නිකම්ම ලිංගික ආකර්ෂණයක් තියෙන කෙල්ලෙක්ට තමයි මේක කියන්නේ. ඇයි ඒ වෙලාවේ ඔලුවේ තියෙන එකම පරමාර්ථය සෙක්ස් කිරිල්ලනේ. හැබැයි ඉතින් මේකෙන් ඇත්තටම අමාරුවේ දාන්නේ තව මනුස්සයෙක්ගේ හැඟීම් කියන එක අපිට තේරුම් ගන්න වෙනවා. එක්කෝ ඔය මෝල් අමාරුව දුරදිග ගිහින් ඇත්තටම බඳිනවා. ඊට පස්සේ දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා තේරුණහම ඩිවෝස් ලෝයර්ස්ලා හොයනවා.

2. දැන් බැඳපං මාව!

අපි දැන් උඩ කිව්වනේ සෙක්ස් ඕන අමාරුව තද වෙලා විවාහ පොරොන්දු දීලා කරගන්න අකරතැබ්බ ගැන. මේකත් ඒ වගේම, හැබැයි ඊට වඩා දරුණු වෙන්න පුළුවන් කතන්දරයක්. සමහර කොල්ලෝ වගේම කෙල්ලෝත් ඉන්නවා, තනිකර දත් ගලවන්න, මිනිස්සුන්ව අන්දන්න උපන් හපන්කම් තියෙන උදවිය. මේ අයට සමහර වෙලාවට හොඳ දළකාරයෙක්ව බැඳගන්නවා කියන එකත් බිස්නස් ඩීල් එකක්ම තමයි. එතකොට මේ අය තමන්ට ඕන මනුස්සයෙක්ව දැලේ දාගන්න බොහොම සාර්ථකව පාවිච්චි කරන්නේ සෙක්ස්. ඉතින් මෝල් අමාරුව තද වෙලා ඉන්න, දුර දිග හිතන්න තියෙන බුද්ධිය බල්ලට දාපු හාදයෝ ගිහින් බොහොම ලේසියෙන් මේ දැලේ පැටලෙනවා. සමහර මේ ජාතියේ හාදියෝ සෙක්ස් වලට අකමැත්තම පෙන්නගෙන, හැබැයි කතා කර කර ඉන්න හොටෙල් රූම් එකකට යං කිව්වහම පැනලා යනවා. ඊට පස්සේ අර මෝල් අමාරුවෙන් ඉන්න මැට්ටා කරන්න යන එව්වටත් බෑ බෑ ගගා ඉඩ දෙනවා. ඔක්කොම ඉවර වුනාට පස්සේ මෙන්න කෙල්ල ඇඳ උඩ අඬනවලු, “ඇයි අයියේ ඔයා මට මෙහෙම කළේ?” කියලා. ඊට පස්සේ ඉතින් “දැං බැඳපං මාව” කිව්වහම “හාං” කියනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

 
මේකේ තව පැත්තකුත් තියෙනවා. දෙන්නාටම සෙක්ස් වුවමනාව තදවෙලා දෙන්නම සෙක්ස් කරනවා. හැබැයි කිසිම ආරක්ෂක උපක්‍රමයක් පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි එහෙම ගිහින් බැරිවෙලාවත් කෙල්ල ප්‍රෙග්නන්ට් වුනොත්, අර මිනිත්තු කීපයක මෝල් අමාරුව හොඳ කරගැනීම වෙනුවෙන් සෑහෙන්න ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න දෙන්නටම සිද්ධ වෙනවා. මොකද, තමන් සූදානම් නැති මොහොතක සිදුවෙන ගැබ්ගැනීමක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා.

3. පැය දෙකකුත් ගිහින් තාම තෝරනවා!

මේක නං ඉතින් ගොඩක් අයට අත්දැකීම් තියෙන කතන්දරයක්. ඒ තමයි ඔය වැල බැලීම. සාමාන්‍යයෙන් වැල බලන එකේ අපි නම් ගැටළුවක් දකින්නෙ නෑ, ඒක ඇබ්බැහියක් නෙවෙයි නම්. හැබැයි සමහරුන්ට නම් මෝල තදවෙලා ඉන්න තරම් කොච්චරද කිවුවොත්, වැල බැලීම ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. ඒකට පට්ට කාලෙකුත් නාස්ති කරනවා. කොටින්ම කිවුවොත් පැය කාලක වැලක් බලලා ස්වයං වින්දනයේ යෙදෙන්න පැය දෙක තුන වැල තෝරන හාදයෝ ඉන්නවා. එතකොට හිතලා බලන්න ඒ වගේ කාලයක් තමන්ගේ දවසකින් වැය කරනවා කියන්නේ නාස්තියක් නෙවෙයිද කියලා.

4. ෂල්ලි කුඩු!

ඔව්. මේකත් සමහරුන්ට තියෙන ප්‍රශ්නයක්. දැන් වැල බලනවා කියන එකෙත් හැම දේම ෆ්‍රී බලන්න බෑනේ. ඔය වැල සයිට් වල වුනත් හොඳම ඒවාට හරි සම්පූර්ණ ඒව බලන්න හරි සල්ලි ගෙවලා මෙම්බර්ෂිප් ගන්න ඕන. ඉතින් සෙක්ස් වුවමනාව තදවෙලා ඉන්න අපේ අයියලා ආයෙ සල්ලි සල්ලි කියල බලන්නෙ නෑ සටස් ගාලා ඕවාත් ගෙවලා ගන්නවා.

ඒ වගේම සමහරුන්ගේ ඇබ්බැහියක් තමයි අභිසාරිකාවෝ ගාවට යන එක. එතකොට තව සමහරු යනවා මසාජ් පාලර් වලට. එතකොට ඔය ලිංගික සේවාත් සපයන ස්පා වලට. තවත් අය යනවා කැරොකේ ක්ලබ් වලට එහෙම, ගිහින් ඒ ඉන්න කෙල්ලෙක් එක්ක ආතල් එකක් දාන්න කියලා. ගොඩක් වෙලාවට ඒවල නම් අතේ කරේ තියෙන එව්වත් දීලා තමයි එන්න වෙන්නේ!

කොහොම වුනත් මේ එකකවත් කිසිම වැරැද්දක් අපිට කියන්න බෑ. තමන් මුදල් දීලා සේවයක්නේ ලබාගන්නේ. හැබැයි ඉතින් තමන්ගේ සමස්ත බජට් එකට ඒ වගේ අමතර විනෝද වියදම් දරන්න බැරි නම්? ඒ වියදම් වලින් ජීවිත අවුල් වෙන්න පුළුවන් නම්? අන්න ඒක තමයි ප්‍රශ්නේ.

5. පවුල් අවුල්!

සාමාන්‍යයෙන් මෝල් අමාරුව වයිෆ් ගෙන් හොඳ කරගන්න පුළුවන් කියලනේ හිතන්නේ. හැබැයි ඒක ඉතින් සාපේක්ෂ කතන්දරයක්. සමහරුන්ට හැමදාම එකම චෙෆ් ගේ කෑම කාලා එපා වෙලා වෙන වෙන කුක්ලව හොයාගෙන යන අවස්ථා ඔය ඕන තරම් අහන්න තියෙන්නේ. දැන් එහෙම පිට කෑම වල රහ හොයන සමහර උන්දැලා ඉන්නවා, සෙක්ස් ඕනෑකම ඔලුවට ගැහුවට පස්සේ උතුරු දකුණු මාරු වෙනවා. එහෙම වෙලා එක්කෝ අල්ලපු ගෙදර නංගිට බැල්ම දායි. එහෙම නැතිනම් තව සමහරු ඉන්නවා කෙලින්ම වයිෆ්ගේ යාලුවන්වම අල්ලන්න ට්‍රයි එක දෙන. ඕවා පුතේ වැඩිහරියක් ඉවර වෙන්නේ වයිෆ්ට මාට්ටු වෙලා තමයි. ඒ වෙලාවට ආතල් වුනාට, මාට්ටු වුනාට පස්සේ තමයි ආතල් දෙපිටින් යන්නේ!

6. ජොබ් එකටත් කේස්!

දැන් සාමාන්‍යයෙන් කොල්ලෙක් ලස්සන හරි සරාගී හරි කෙල්ලෙක්ව දැක්කහම හොරෙන් හරි නොබලා ඉන්නෙ නැහැනේ. හරි, කෙල්ලෙක්ව ලිංගික භාණ්ඩයක් විදියට සලකන්නේ නැති තාක් කල් අපි ඒක ප්‍රශ්නයක් කියලා හිතන්නේ නෑ. හැබැයි මෝල් අමාරුව ඉහට ගහලා, ඔෆිස් එකේ ඉන්න ලස්සන සෙක්සි කෙල්ලෙක්ට සීන් එක දාන්න යනවා කියන්නේ අන්තිම භයානකයි. මොකද, ඔය වගේ සීන් එකක් කෙලින්ම මානව සම්පත් අංශයෙන් නතර වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකට ආයෙ කෙලින්ම සෙක්ස් ඉල්ලන්න ඕන නෑ. ඩබල් මීනින් කථා වුනත්, කෙනෙක්ගේ අකමැත්තෙන් කියනවා නම් ඒවා ලිංගික හිරිහැර විදියට තමයි සැලකෙන්නේ.

ඒ වගේම ඕකේ තව පැත්තක් තියෙනවා. ඔෆිස් වල සමහර කෙල්ලෝ ඉන්නවා තමන්ට තියෙන ලිංගික ආකර්ෂණය සෑහෙන්න පාවිච්චියට ගන්න. අන්න එතකොට ඔයා ඉන්නේ මෝලෙන් නං, කෙල්ලෙක් ගැන ඉන්ටරස්ට් නං, කෙල්ලත් එහෙම කොල්ලන්ව පාවිච්චි කරන ඩයල් එකක් නං. කෙල්ලත් ඒකට පොඩි ඉඟි බිඟි දීලා අවුස්සලා කරලා ගනී. හැබැයි ඔය වගේ කෙල්ලෙක් කවදාවත් අතින්වත් අල්ලන්න දෙන්නෙ නෑ විතරක් නෙවෙයි, පොඩ්ඩ එහා මෙහා වුණු ගමන් ඕක පාවිච්චි කරන්නත් දෙපාරක් හිතන එකක් නෑ. කොහෙන් ගියත් ජොබ් එකට කේස්!

7. ගුඩ් නේම් එකට කේස්!

අනිවා මෝල් අමාරුව නිසා ගුඩ් නේම් එකට කේස් වෙන්න පුළුවන්. දැන් ඔය කොටු පනින එක පැත්තකින් තියමුකෝ. අපි කියමු මෝල් අමාරුව උත්සන්න වීම නිසා පාරේ තොටේ මුණගැහුන කෙල්ලෙක්ට හරි, සමාජ මාධ්‍ය ජාලෙකින් මුණගැහුණු කෙල්ලෙක්ට හරි සීන් එක දාන්න ගියා කියලා. මේ කියන්නේ අර ඩීසන් විදියට ෆ්ලර්ට් කරලා ගාණට දෙයක් ගොඩනඟාගන්න එක නෙවෙයි. ඒකට ඉතින් ටැලන්ට් එකක් ඕනනේ. මේ කියන්නේ අර සෙක්ස් අමාරුව තද වෙලා, කෙල්ලෙක්ට ඩික් පික්ස් යවන විදියේ එව්වා ගැන. ඉතින් කතන්දරේ මේකයි. ලංකාව පුංචි රටක්. පෘථිවිය පුංචි ලෝකයක්. මෝල් අමාරුව තද වෙලා කෙල්ලෙක්ට ඩික් පික්ස් යවලා හරි ඩබල් මීනින් සීන් දීලා හරි ඇප්‍රෝච් කරන්න ගිහින් චාටර් වීමත් හරි.

ආයෙ වෙන තැනක ඒ කෙල්ල මුණගැහුනොත්? ඒ මුණගැහෙන්නේ යාලුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට වෙන්න පුළුවන්. තමන් මගුලක් බලන්න ගිය වෙලාවක ඒ කෙල්ලගේ යාලු කෙල්ල විදියට වෙන්න පුළුවන්. රෙදි නෑනේ ඉතින් පිංවත.

දැන් ඇයි අපි මේ කොල්ලෙක්ට සෙක්ස් වුවමනාව ඉහට ගැසීම නිසා වෙන්න පුළුවන් ජල්තරස් වැඩ ගැන ලියලා තියෙන්නේ? හේතුව සරලයි. සෙක්ස් වුවමනාව හින්දා මොළේ පැත්තකට දාලා වැඩ කළහම වෙන මේ වගේ අකරතැබ්බ ගැන ඔලුවේ තිබ්බහම, ඊලඟ වතාවේදීවත් සෙක්ස් ඕන වුනා කියලා විචාර බුද්ධිය පැත්තකට දාලා වැඩ කරන එකක් නැහැනේ.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!