zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ප්‍රථම වතාවට අලුත උපන් ග්‍රේට් වයිට් මෝර පැටවෙකු ඡායාරූපගත කෙරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් ග්‍රේට් වයිට් මෝර පැටවෙකුගේ යැ යි සැලකිය හැකි මත්ස්‍යයෙකුගේ දසුන් පෙළක් අතිශය ප්‍රථම වතාවට කැමරා කාචයට හසු කරගන්නට සමත් ව සිටිනවා. ඔවුන් එම දර්ශනය පටිගත කර තිබෙන්නේ ඉකුත් වසරේ ග්‍රීශ්ම ඍතුවේ දී යි.

වනජීවීන් පිළිබඳ සල රූ නිර්මාණ ශිල්පීන් වන Carlos Gauna සහ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු වන Phillip Sternes මෙම අලුත උපන්නේ යැ යි සැක කෙරෙන මොර පැටවා නිරීක්ෂණය කර තිබුණේ සැන්ටා බාබරා ආසන්නයේ ඇති කැලිෆෝර්නියානු මධ්‍යම වෙරළ තීරය අසල දී යි. ඔවුන් එම දර්ශනය පටිගත කිරීම සඳහා ජලයේ කිමිදිය හැකි කැමරාවක් සහිත ඩ්‍රෙ‍ා්න යානයක් යොදා‍ගෙන තිබුණ‍ා.

එම දර්ශනවල දැක්වෙන්නේ අඩි පහක පමණ විශාලත්වයකින් හා තනි සුදු පැහැයෙන් යුතු වූ ග්‍රේට් වයිට් මෝර පැටවෙකු බවට අනුමාන කළ හැකි මතස්‍යයෙක්. සාමාන්‍යයෙන් මෝරුන්ගේ යටි පැත්ත සුදු පැහැයෙනුත්, පිට පැත්ත අළු පැහැයෙනුත් දිස් වන බැවින් එහි යම් අමුත්තක් ද තිබෙන බව ඔවන් හඳුනාගෙන තිබුණා.

“අපි පටිගත කළ සේයාරූ විශාලනය කරලා අඩු වේගයකින් ධාවනය කර බලන විට ඌ පිහිනා යන අතර එම සිදු පැහැති ස්තරය කෙමෙන් හැළී යන බව පෙනී ගියා. මම විශ්වාස කරනවා ඒ අලුත උපන් ග්‍රේට් වයිට් මෝර පැටවෙකු තම කලලාවාරික ස්තරය හැළීමේ අවස්ථාවක් බව.” කැලිෆෝර්නියානු විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ නිවේදනයක් තුළින් Sternes එසේ පවසනවා.

ඔවුන් මින් පෙර ඒ අවට සාගර කළාපය තුළ ගැබ්බරින් පසු වන ග්‍රේට් වයිට් මෝරුන් සිටින බව නිරීක්ෂණය කර තිබුණා. ඔවුන්ට අනුව මින් පෙර අලුත උපන් මොර පැටවෙකු ඡායාරූප ගත කරන්නට කිසිවකු සමත් වී වනැහැ.

Sternes සහ Gauna ලොව වටා සාගර කලාපවල සිටින මොරුන් පටිගත කරමින් YouTubeහි පළ කරන සල රූ නැරඹුම් වාර මිලියන ගණනක් පසු කර තිබෙනවා. ඔවුන්ගේ මෙම සොයාගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාව ඉකුත් දා Environmental Biology of Fishes ජර්නලයේ පළ වී තිබු‍ණා.

The Guardian ඇසුරෙනි.‍

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!