zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

හැලී අප සොයා හැරෙයි!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජනප්‍රියත්වයට පත් බොහෝ ධූමකේතු හිරු වටා ගමන් කරන්නේ ඉලිප්සීය කක්ෂයකයි. එනම් ගමන් පථය ඔස්සේ පැමිණෙන වල්ග‌ා තරුව හිරුට සමීප වී යළිත් ඉලිප්සයේ ඈත අන්තය බලා සෞරග්‍රමණ්ඩලයෙන් ඉවතට යන්නට පටන් ගන්නවා. මිනිසා අතර ප්‍රසිද්ධ ම වල්ගා තරුව ලෙස සැලකෙන හැලීගේ ධූමකේතුව මෙසේ අවසන් වතාවට හිරුට සමීප වන ලෙස පිහිටුමකට පැමිණියේ 1986 පෙබරවාරි 09 වැනි දිනයි. අනතුරු ව තවත් වසර 76ක කාලයකින් යළිත් අප වෙත සමීප වීමේ අරමුණ ඇති ව ඉවතට යාම ඇරඹුවා. කෙමෙන් පියවි ඇසෙන් දැකීමේ හැකියාව වියැකී ගිය අතර 2003 මාර්තු මාසයෙන් පසු මෙලොව ඇති එකදු දුරදක්නයකින් හෝ එය නිරීක්ෂණය කළ හැකි වූයේ නැහැ.

එදා සිට 2023 දෙසැම්බර් වන තුරු ම එය ගත කරමින් සිටියේ ඉලිප්සීය කක්ෂය ඔස්සේ හිරුගෙන් ඈතට ඇදී යන 36 වසරක කාලයයි. මේ දිගු ගමන පසුගිය දෙසැම්බර් 08 වැනි දා නැඟෙනහිර වේලාවෙන් පස්වරු 8 ට අවසන් වුණා. ඒ හැලීගේ ධූමකේතුව හිරුගේ සිට කිලෝමීටර බිලියන 5.26ක දුරකින් ඇති සිය ගමන් පථයේ ඈත අන්තය හෙවත් සූර්ය දුරකය වෙත පැමිණීමත් සමගයි. එය මේ වන විට යළිත් හිරු වෙත සමීප වන ගමන අරඹා තිබෙනවා. මේ වන විට එය පිහිටා තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහ සාමාජිකයා වන නෙප්චූන්ටත් කිලෝමීටර මිලියන 759.8ක් එපිටින්.

මෙසේ ආපසු සූර්ය සමීපකය වෙත එන ගමනේ දී එය පෘථිවියට වඩාත් සමීප වනු ඇත්තේ 2061 ජුනි 19 වැනි දා යි. එදින පෘථිවියේ සිට නක්ෂත්‍ර ඒකක 1 ක දුරකින් ගමන් ගන්නා එය ජූලි 28 වැනි දා සූර්ය සමීපකය පසු කරමින් යළිත් ඈත අන්තය වෙත ඇදෙන දිගු ගමන අරඹනු ඇති.

80 දශකයේ හෝ 70 දශකයේ අග උපත ලබා 1986 සිදු වූ හේලිගේ දර්ශනය දුටු අයෙකුට 2061 සිදු වීමට නියමිත මීළඟ සමීප දර්ශනය සියැසින් දැකබලා ගැනීමට ලැබීමේ සම්භාවිතාව 50%ක් හෝ ඊට වඩා විරල විය හැකියි. ඉතින් ප්‍රිය හිතවතුනි, ඔබ ‘86 දී හේලිගේ මනහර දර්ශනයෙන් මන්මත් වූ අයෙකු නම්, ඒ දසුන ම මතු දකින පසු පරපුර වෙනුවෙන් ඔබ ලැබූ අත්දැකීම කමෙන්ටුවක් ලෙස අකුරු කරන්නට අමතක නො කරන්න.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

 



from Vidusara Science Magazine https://ift.tt/f5h6N1P
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!