zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දරුවන් සමග හම්බන්තොට චාරිකාවක් යමු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

නිවාඩුවකට චාරිකාවක් යන්නේ හිතට නිදහසක් ගන්න. ඒත් චාරිකාව යන තැන්වල අපි එදිනෙදා ජීවිතේ දකින්න ඉන්නවාටත් වැඩිය ජන ගඟක් උන්නොත්? එතකොට අපිට හිතට නිවනක් නැහැ. දරුවෝ එක්ක ගියොත් තවත් අමාරුයි. කානිවල් බලන්න වගේ තමයි සමහර ජනප්‍රිය සංචාරක ස්ථාන නිවාඩු දවසට පිරිලා ඉතිරිලා යන්නේ. තාමත් පාරවල් වලවත් සංචාරක ස්ථාන වලවත් වැඩි තදබදයක් නැති හම්බන්තොට දරුවෝ එක්ක චාරිකාවක් යන්න කියාපු තැනක්.

 

1. හම්බන්තොටට පිවිසෙන්න තිබෙන පහසුව

hambantota

Image Source – srilankaexploration.trekandrun.com

ඉදිරියේදී කොළඹ මාතර අධිවේගී මාර්ගය හම්බන්තොටටම දික්වෙනවා. ඒ එක්ක දුම්රිය මාර්ගයකුත් දැනටමත් හැදීගෙන එනවා. ඒ නැතත් දැන් ඉතිං කොළඹ පැත්තෙ අයට නම් අධිවේගී මාර්ගයේ මාතරට ඇවිත් ඉතුරු ටික හම්බන්තොටට යන එක මහ ලොකු මැජික් එකක් නෙමෙයි. නුවර පළාතේ ඉන්න අයට සහ රජරට අයට රටේ අනික් පැත්තෙන් හම්බන්තොටට බහින්නත් පුලුවන්. තණමල්විල දිහායින්, ඇඹිලිපිටිය දිහායිනුත් එන්න පුලුවන් හම්බන්තොට පාරවල් නම් සුපිරියටම තියෙනවා. නුවර යනවා වගේ, නුවර එළිය යනවා වගේ ලොකු අමාරුවක් නැතිව ඩ්‍රයිව් කරගෙන යන්න පුලුවන්. හම්බන්තොට ගමන දරුවන් එක්ක, දරුවන්ගේ ඇඟටත් ලොකු අපහසුවක් නැතිව යන්න පුලුවන් ගමනක්.

 

2. ඉඩ තියෙන පරිසරය

hambantota

Image Source – chinadialogue.net

හම්බන්තොට කියන්නේ ලංකාවේ තියෙන ශුෂ්ක පළාතක්. දැන් නම් කල එළි වැටීගෙන ආවාට හම්බන්තොට තාමත් කාලෙකදි ඔය මහා මාර්ග තියෙන ලේවාය දිහාටම අලි එනවා. මේ ලේවාය, වරාය, මුහුදු වෙරළ සහ තිබෙන උද්‍යාන ආදිය බලාකියාගන්න ලොකු ඉඩකඩක් හම්බන්තොට තියෙනවා. කොතන ගියත් දඟලන, උඩපනින අපේ ළමයිව හම්බන්තොට එක්ක ගියොත් හොඳට තියෙන ඉඩකඩේ දඟලලා ඇවිදලා සෙල්ලම් කරන්නත් ඉඩ කඩ ලැබෙනවා. ටිකක් ඉඩ පහසු තියෙන හෝටලයක් වුනත් දැන් නම් හම්බන්තොට දිහායින්  හොයාගන්න අමාරු නැහැ. වෙරළ අද්දර හෝටලයක් අරන් දවසක් නැවතිලාම තැන් ටික බලාගෙන එන්න පුලුවන් නම් ඒත් හොඳයි. එතකොට වෙහෙසක් නැතිව හම්බන්තොට තියෙන වැදගත් තැන් ටික දරුවෝ එක්ක ගිහින් විවේක ඇතිවම බලන්නත් පුලුවන්.

3. මුහුදු වෙරළ පරිසරය

hambantota

Image Source – shangri-la.com

හම්බන්තොට කලාපයේ වෙරළ අයිනේ ලස්සන තැන් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි හුම්මානය. හුම්මානය තියෙන්නේ හම්බන්තොට ඉඳන් මාතර එද්දි මහවෙල පාරේ. ටිකක් හැරිලා යන්න තියෙනවා මහ පාරෙන් මූද දිහාට. ඒ වතුර මල වගේ උඩට වතුර එන කාලේට ගියොත් හුම්මානය සුන්දර තැනක්. ඒ වගේම උස්සන්ගොඩ කියන්නේ අම්බලන්තොට පැත්තේ තියෙන සුන්දර වෙරළබඩ කළාපයක්. රතුපාට පස් තියෙන උල්කාවක් වැටුනා කියලා සැලකෙන උස්සන්ගොඩ බලන්නට වටින තැනක්. නානවා නම් ඉතිං තංගල්ලේ පරෙයි වැල්ලෙන් පොඩි දරුවන්ට වුනත් ලේසියෙන් නාගන්නට හැකියි. මේ සීමාවේ වෙරළබඩ පරිසරය දරුවෝ එක්ක නරඹද්දි වැඩිය නොදන්න තැන්වලින් මූදට බැහැලා නාන්න කියන්න යන්නට එපා. මොකද මූද කියන්නේ අණක් ගුණක් අඳුනන්නේ නැති, සුන්දර වුනත් විටෙක දරුණු වෙන තැනක්.

 

හුම්මානය – 

උස්සන්ගොඩ –

පරෙයි වැල්ල – 

4. අලුතින් හැදුන උද්‍යාන

hambantota

Image Source – youtube.com

අලුතින් හැදුණු වියලි කලාපීය උද්‍යානයක් හම්බන්තොට මිරිජ්ජවිල සීමාවේම තියෙනවා. ඒක උද්භිද උද්‍යානයක්. ඊට අමතරව කුඩා කුරුළු උයනකුත් හම්බන්තොටට ආසන්නයේම තියෙනවා. තව කූඩුවල සත්තු බලන්න අපි යන්නේ නැතිව, අපි කූඩුවෙලා ගිහින් සත්තු බලන රිදියගම සෆාරි පාක් එකත් හම්බන්තොටට තියෙන ලස්සනම සංචාරක ස්ථානයක්. වාහනේකින් ගියොත් ඔය තැන් දෙක තුනම එකපාර බලාගෙන එන්න පුලුවන්.

කුරුළු උයන – 

රිදියගම සෆාරි පාක් –


5. වරාය සහ ලේවාය

hambantota

Image Source – latimes.com

එදා රජ කාලේ ඉඳලා හම්බන්තොට ප්‍රසිද්ධ වුනේ ලුණු වලට. ලුණු ලේවාය, වරාය හෙම බලන්න යනවා නම් දරුවන්ට හොඳට හිරු රැසින් ආරක්ෂා වෙන්න ඇඳුම්, තොප්පි, පාවහන් අරගෙන යන්නට ඕනා. වරායට නම් ඇතුල් වෙන්න අමාරුයි. ඒත් ළඟටම ගිහින් ලොකු නැව් බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ලේවායෙත් ලුණු කඳු ඈතින් දකින්නට හැකියි. ළඟට ගිහින් ලුණු ලබාගන්නා හැටි දරුවන්ට කියාදෙන්නට නම් යම් අවසරයක් ගන්න වේවි. ඒත් ඒක දරුවන්ගේ අවබෝධයට හොඳ දෙයක්.


6. කුරුල්ලෝ බලන්න

hambantota

Image Source – elephanteyeyala.com

හම්බන්තොට ආසන්නයේම බූන්දල කුරුළු අභයභූමිය තියෙනවා. ටිකක් අම්බලන්තොට දිහාට වෙන්නත් කලමැටිය අභය භූමිය තියෙනවා. කුරුල්ලෝ බලන්න නම් පාන්දරම යන්නට ඕනි. සංචාරක කුරුල්ලෝ ගොඩාක් එන කාලේ බලලා ගියොත් කුරුල්ලෝ ගොඩාක් ඇවිත් ඉන්න අපි රූපවාහිනියෙන් එහෙම දකින සුන්දර දසුන් දරුවන්ට පෙන්වන්නට ඒක හොඳ අවස්ථාවක් කරගන්නත් පුලුවන්.

බූන්දල –

කලමැටිය – 

7. වෙහෙර විහාර

hambantota

Image Source – videoblocks.com

දරුවන්ට සොබාව සෞන්දර්යය පෙන්වීම වගේම ඓතිහාසික සිද්ධස්ථාන ආදිය පෙන්වීමත් වැදගත්. කුඩා කල සිටම දරුවන්ට අපේ ඉතිහාසයේ ඇති වැදගත් ස්ථාන ගැන අවබෝධයක් ලබාදුන්විට ඔවුන් ලොකු මහත් වූ විටත් සිය රට ආගම ජාතිය ගැන සළකන පිරිසක් බවට පත් වේවි. හම්බන්තොට ඉඳලා කාවන්තිස්ස රජතුමා රජ කළ තිස්සමහාරාම පැත්තට නම් පෑ බාගයක් විතර දුරයි. ඒත් හම්බන්තොට පාරවල් සුපිරි නිසා ලොකු දුරක් කියලා හිතෙන්නෙ නැහැ. වෙරළ අයිනේ තියෙන ලස්සන විහාරස්ථානයක් වෙන තිස්ස කිරින්ද විහාරය තමයි විහාරමහාදේවිය ගොඩබැස්සාය කියලා සැළකෙන තැන. ටිකක් කාල වෙලාව තිබුනොත් සිතුල්පව්වත් බලාගෙන එන්න වටින යාල වන මැද තියෙන සිද්ධස්ථානයක්. මේ සිතුල්පව්ව ගමනේදී නම් අලියා, ඌරා, ගෝනා, මොණරා ආදී සතුන් දැකබලාගන්නත් දරුවන්ට අවස්ථාව ලැබෙයි නියම වෙලාවක ගියොත්.

කිරින්ද – 

සිතුල්පව්ව – 

දරුවන්ට තුන්සිය හැටපස් දවසේම ක්ලාස් සහ පාසැල් යැවීම පමණක් නෙමෙයි ඉගැන්වීම කියන්නේ. කුඩා මොන්ටිසෝරි යන වයසේ සිට තරමක් දැනුම් තේරුම් තියෙන වයස දක්වා දරුවන්ට අධ්‍යාපනික වටිනාකමකින් යුතු ස්ථාන සහ ඒ තැන්වල කරුණු කාරණා සිද්ධ වෙන ආකාරය  දැකබලාගෙන, ඒ අත්දැකීම් ආදියෙනුත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. උදාහරණ විදියට හම්බන්තොට ලුණු කර්මාන්තය, ධීවර කර්මාන්තය ආදිය දරුවන් පසුකලෙක පොත් වලින් හදාරන විට කලින් ඒවා දැකගෙන තියෙනවානම් ඒ දේවල් අමාරුවෙන් කටපාඩම් කරන්නේ නැතිවම ළමයින්ගේ සිතේ තැන්පත් වෙනවා. ඒ ආකාරයෙන් අධ්‍යාපනික වටිනාකම් සහිත සුන්දර හම්බන්තොට වෙරළ තීරය, පක්ෂීන්, අලුත් වනෝද්‍යාන, වෙහෙර විහාර බලන්නත් එක්ක හොඳ හම්බන්තොට සවාරියක් යන්න ඔයාලටත් පුලුවන්. යන්න හිතනවානම් හෝ ගිහින් ඇවිත් අපේ පෝස්ටුව අනෙක් යාලුවන්ටත් පේන්න ෂෙයාර් කරගන්න අමතක කරන්නත් එපා.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!