zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර මිලියන 150ට පෙර මුහුදේ සැරි සැරූ යෝධ මුහුදු රකුසා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වසර මිලියන 150 කට පමණ පෙර මුහුදේ සැරිසැරූ යෝධ මුහුදු රකුසාගේ හිස් කබල එංගලන්ත වෙරළ තීරයෙන් සොයා ගෙන තිබෙනවා.

එංගලන්තයේ Dorset’s Jurassic Coast ප්‍රදේශයෙන් හමු වූ මෙම ප්‍රබල පොසිලය අඩි හතකට ආසන්න දිගකින් යුක්ත වන අතර එය ප්ලියෝසෝර් ලෙස හඳුන්වන සමුද්‍ර උරගයෙකුට අයත් වනවා.මෙම ඉපැරණි ප්ලියෝසෝරයා හට අධික වේගයෙන් සාගරයේ සැරිසැරීමට සහ එක් ප්‍රහාරයකින් තම ගොදුර මරා දැමීමට හැකියාව තිබෙනවා.

මෙම ප්ලියෝසෝරයාගේ හිස් කබල දිගන් යුක්ත වන අතර තියුණු දත් 130ක් පමණ තිබෙනවා. සෑම දතකට ම තම ගොදුරේ මස් සිදුරු කිරීමට සහ වේගවත් දෙවන ප්‍රහාරයකට සූදානම් වීමට පිටුපස සියුම් දත් පිහිටා තිබෙනවා. මෙම ජීවීන් අඩි 32-39 ක් පමණ දිගකින් යුක්ත වන අතර බලවත් flipper වැනි අත් පා හතරකින් ඉක්මනින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව පිහිටා තිබී තිබෙනවා.

පොසිල කැණීම් පුරාවිද්‍යාඥයකු වන ක්‍රිස් මුවර් සහ ඔහුගේ සඟයන් මෙම පොසිලය පිළිබඳව විස්තර කරනුයේ ඔවුන් මෙතෙක් සොයාගත් විශාලතම පොසිලය මෙය වන බවයි.

Daily Mail ඇසුරෙනි.

සමින්ද රන්දික


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!