zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නිරුවත්කර මරා පාරේ ඇදගෙන ගිය අවසානයේ සාන්තුවරියක් බවට පත් වූ ලොව පළමු ගණිතඥවරිය හයිපේෂියා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ඇහිබැම ගලවා, අතපය ඉරා ඉතිහාසයේ කාන්තාවක් මරා දමනු ලැබූ ඉතා දරුණුම ආකාරයට මරා දැමූ හයිපේෂියා කියන්නේ නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ ඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩ්රියාවේ ජීවත් වූ නවප්ලේටෝනවාදී දාර්ශනිකවරියක්, තාරකා විද්‍යාඥවරියක් සහ ගණිතඥවරියක්.

 හයිපේෂියාගේ උපත

Hypatia

 

ක්‍රිස්තු වර්ෂ 370 දී පමණ උපත ලද හයිපේෂියා කියන්නේ ඇලෙක්සැන්ඩ්රියාවේ සුප්‍රකට ගණිතඥයෙකු වූ Theon ගේ දුව. Theon “Mouseion” නම් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කීරතිමත්ම පාසලක ප්‍රධානියා වූ අතර නවප්ලේටෝනවාදී දාර්ශනිකයෙක්ද වුනා. ඇගේ මව පිළිබඳ තොරතුරු අප්‍රකටයි.

 දාර්ශනිකවරියක් සහ ගුරුවරියක්

Hypatia

තම පියාගේ අඩිපාරේ ගමන් කල හයිපේෂියා සුප්‍රසිද්ධ විද්‍යාඥවරියක් වගේම ගුරුවරියක්. ඇලෙක්සැන්ඩ්රියාවේ ප්‍රකට දේශකයෙකු වූ ඇය ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ ලේඛන පිළිබඳව දේශන පැවැත්වූවා. ඇලෙක්සැන්ඩ්රියාවේ පාලන තන්ත්‍රයේ බොහෝ උසස් තනතුරු දැරුවන් මහේස්ත්‍රාත්වරු සහ අගරදගුරු වරු ඇයගේ ශිෂ්‍යයන් වූ නිසාවෙන් සහ ඔවුන් නිතරම ඇයගේ උපදෙස් පැතීමට යොමු වූ නිසාවෙන් ඇය ඇලෙක්සැන්ඩ්රියා සමාජය තුල විශාල සමාජ දේශපාලන බලයක් සහිත පුද්ගලයෙක් වුනා. ඇලෙක්සැන්ඩ්රියාවේ කාන්තාවන්ට සහභාගී වීමට තහනම් වූ සෙනෙට් සභාවටත් ඇය සහභාගී වුණා.

ප්‍රේමය ප්‍රතික්ෂේප කල හයිපේෂියා

Hypatia

ඉතිහාසයේ ලේඛන වලට අනුව හයිපේෂියා ජීවිත කාලය පුරාම කන්‍යාවක් විදියටයි ජීවත් වුනේ. ඇයගේ දේශනවලට පැමිණි එක් සිසුවෙක් ඇයට ප්‍රේමය ප්‍රකාශ කල විට, ඇය වීණාව වාදනය කරමින් ඔහුගේ ආශාව සංසිඳුවීමට උත්සාහ කළ බවත් Damascius ප්‍රකාශ කරනවා. ඔහුව දැඩිව ප්‍රතික්ශේප කල ඇය අවසානයේ ඇයගේ ලේ වැගිරෙන ඔසප් රෙදිකඩ පෙන්වා මෙයට ආදරය කරනවානම් මා ඔබව පිළිගන්නවා යැයි පවසා තිබෙනවා. තරුණයා කෙතරම් කම්පනයට පත් වූවාද කියනවනම් ඔහු ඇය කෙරෙහි වූ ආශාවන් වහා අත්හැර දැමූ බවත් සඳහන්.

 දේශපාලන බල අරගල

Hypatia

ක්‍රි.ව. 382 – 412 දක්වා ඇලෙක්සැන්ඩ්රියාවේ බිෂොප්වරයා වූයේ තියෝෆිලස් ය. තියෝෆිලස් නවප්ලේටෝනවාදීන්ට විරුද්ධ වුවද, හයිපේෂියාව මිතුරියක මෙන්ම උපදේශක වරියක් ලෙස සැලකු නිසා ඇයගේ ඉගැන්වීම් වලට ඉඩ ලබා දුන්නා.

නමුත් තියෝෆිලස් ක්‍රි.ව.412 දී අනපේක්ෂිත ලෙස විදියට මැරෙනවා. ඔහු තම බෑණනුවන් වූ සිරිල්ව තම අභිප්‍රාප්තිකයා ලෙස පුහුණු කරමින් සිටි නමුත් නිල වශයෙන් ඔහුව නම් කරල තිබුනෙ නෑ. තියෝෆිලස් ගේ මරනයන් පස්සේ රදගුරු පදවිය සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ බල අරගලයක් සිරිල් සහ ඔහුගේ ප්‍රතිවාදියා වූ තිමෝති අතර ඇතිවුණා. සිරිල් ජයගත්තා. තිමෝතිට සහාය දුන් අයට දඬුවම් කිරීමට පටන් ගත්තා.

 හයිපේෂියාගේ බිහිසුණු ඝාතනය

Hypatia

සිරිල් සහ Orestes ගේ බල අරගලයට හයිපේෂියා ඍජුව මැදිහත් වුනේ නෑ. නමුත් සිරිල්ට විරුද්ධ වූ Orestes ඇයගේ සමීප මිතුරෙකු වූ නිසා සිරිල් ඇය ඉල්ලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ල කරා. ඒ නිසා ඇය මන්තර ගුරුකම් ආදිය පුහුණු කල මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට ඔහු කටකතා පතුරුවන්නට වුනා.

සොක්‍රටීස්ගේ ලේඛන වලට අනුව ක්‍රි. ව. 415 මාර්තු මාසයේ ක්‍රිස්තියානි උත්සව සමයේදී, පීටර් නම් ක්‍රිස්තියානි දේශකයෙකුගේ නායකත්වය යටතේ කිතුනුවන් පිරිසක්, ඇය නිවසට යමින් සිටියදී රථය වටලලා. ඇයව කයිසාරියන් නම් ගොඩනැගිල්ලකට ඇදගෙන ගියා. එහිදී, මැර කල්ලිය හයිපේෂියාව නිරුවත් කර ඔස්ට්‍රකා (“වහලවල ටයිල්” හෝ “බෙල්ලන්ගේ කටු”) වලින් ගහලා ඇයව මරා දැමූ බව සඳහන් කරනවා. ඔවුන් ඇගේ ඇහිබැමි ද කපා, ඇගේ සිරුර කැබලිවලට ඉරා ඇගේ අත් පා නගරය හරහා ඇදගෙන ගිහින් ගිනි තිබ්බා.

සිරිල්ට ලැබුන දඬුවම

Hypatia

හයිපේෂියාගේ මරණය අධිරාජ්‍යය පුරා කම්පනක් ඇතිකලා. ශතවර්ෂ ගණනාවක් පුරා, රෝමානු නගරවල මහජන ප්‍රචණ්ඩත්වය මාධ්‍යයේ වුවද දාර්ශනිකයන් යනු දෙවියන් හා සමාන අත නොතබන පිරිසක් ලෙස සලකනු ලැබුවා. නමුත් මැර පිරිසක් අතින් කාන්තා දාර්ශනිකයෙකු ඝාතනය කිරීම “දැඩි ලෙස භයානක සහ රාජ්‍යයේ ස්ථාවර භාවයට අබියෝග කල” සිදුවීමක් ලෙස සලකනු ලැබුවා.

Hypatiaගේ ඝාතනයට සිරිල් සම්බන්ධ බට ස්ථිර සාක්ෂියක් මෙතෙක් සොයා නොගත්තද, ඔහු එයට අණ ලබාදුන් බවට බොහෝ දෙනා විශ්වාස කරා. ඒ අනුව ඇලෙක්සැන්ඩ්රියාවේ පාලන බලාධිකරය වූ ඇලෙක්සැන්ඩ්රියා කවුන්සිලය මගින් ඇගේ ඝාතනය සම්බන්දයෙන් විමර්ශනයක් පැවැත්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රෝමානු අධිරාජ්‍යයා විසින් සිරිල්ව බලයෙන් ඉවත් කර ඒ වෙනුවට Orestesව බලයට පත්කරන ලදී.

 හයිපේෂියා සාන්තුවරියක් බවට පත්වීම

Hypatia

මුල් මධ්‍යතන යුගයේ දී, ඇගේ මරණයෙන් වසර 300කට පමණ පසු, ක්‍රිස්තියානුවන්ගේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කැතරින් ශාන්තුවරියගේ පුරාවෘත්තය මුල්වුයේ හයිපේෂියා ගේ චරිතය බවට ඉතිහාසඥයන් කියනවා. තම ආගම වෙනුවෙන් දිවි පිදු උගත් බුද්ධිමත් කාන්තාවක් ලෙස හඳුන්වන සාන්ත කැතරින් අදටත් කිතුනුවන් අතින් වන්දනාමානයට පත්වන ශාන්තුවරියක්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    November 5, 2023 at 11:49 AM
    පව් අනේ 😓😒
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!