zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මිනිසාගේ සහ සතුන්ගේ ලිංගිකත්වය අතර ඇති වෙනස්කම්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

මිනිසුන් කියන්නේ සිරුරට සාපේක්‍ෂව කපාල ධාරිතාව වැඩිම සතෙක්. මේ මොළේ වැඩිකම මිනිසාට අනෙක් විශාලතර සතුන් පවා තමුන්ට නතු කරගන්නට උදව් වුණා. සතුන් ගත්තහම ඔවුන්ට තියෙන්නේ කෑම, ලිංගිකව හැසිරීම, රාත්‍රියට නවාතැන් ගැනීම වගේ පොඩි ගැටළු කිහිපයක් විතරයි. ඒත් මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිහා හඳට යන්න, ඈත බලන්න, ලෝකේ ගැන හොයන්න දක්ෂයි. එත් එහෙම වුණා කියලා මිනිස්සුන්ගේ ලිංගිකත්වයට තියෙන නැඹුරුව, ආසාව අඩුවෙලා නැහැ. ඉතින් අපි සතුන්ගේ සහ මිනිසුන්ගේ ලිංගිකව තියෙන වෙනස්කම් කීපයක් බලමු.

 

1. ලිංගික අවයවයට අස්ථියක් තිබීම

ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ මිනිසුන්ට තියෙන සුලභ තත්‍ත්වයක්. අවශ්‍ය සෑම අවස්ථාවකදීම ලිංගික ක්‍රියාවල නිරත වෙන්න හැකියාවක් මිනිසාට නැහැ. ඒකට පුරුෂ ලිංගය හොඳින් ප්‍රාණවත් වෙලා, යෝනියට ඇතුළු කරගන්නට හැකි තරමට එය ශක්තිමත් වෙන්නට ඕනි. සතුන් බොහොමයකට මේ ගැටළුව නැහැ. ඔවුන්ට ලිංගික අවයවය ඇතුළේ එනවා අස්ථියක්. ඒ නිසා හිතේ හැටියට ඔවුන්ට ලිංගික කාර්යය කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි එදිනෙදා සමීප සතෙක් විදිහට සලකන බල්ලාටත් මෙසේ ලිංගය මැද අස්ථියක් තිබෙන නිසා සාපේක්ෂව වැඩි වෙලාවක් ඇලී ගැලී ඉන්නට ඔවුන්ට පුළුවන් වෙනවා.

 

2. උපත් පාලනය

කොන්ඩම් හොයාගන්න කලිනුත් මිනිස්සුන්ට ලොකු උවමනාවක් තිබුණා උපත් පාලනය කරගන්න. මේ උවමනාව නිසාම අදාළ යෝනි විවරය ලිංගික කාර්යයට යොදාගන්නේ නැතිව ගුද මාර්ගය සහ කලවා, මුඛ සංසර්ගය සහ හස්ත උපක්‍රම මගින් සන්තෝෂ වන්නටත් මිනිසුන් ක්‍රියාකරනවා. ඒත් සතුන්ට එසේ ලිංගිකත්වයට සීමාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය සහකාරයා තෝරාගන්නට ඇතැම් විට සටන් කරන්නට සිදු වනවා. නමුත් ඉන් පසු විවිධ ක්‍රම සහ විධි පාවිච්චි කරලා, දරු උපත් වැළකීමට ලිංගික ක්‍රියාව වෙනස් කරගන්න උවමනාවක් සතුන්ට ඇතිවන්නේ නැහැ.

 

3. කාලයක් නැතිවීම

ඇතැම් සතුන් බෝවන්නේ, ලිංගිකව එක් වන්නේ එක් කාලයකට පමණයි. සෘතු භේදය තිබෙන රටවලදි අදාළ කාලයට පමණක් ලිංගික කාර්යයන් කර පැටවු හදන සතුන් සුලභයි. ආහාර සොයාගැනීම, සීතලෙන් ගැලවීම, අනතුරු වලින් බේරීම වගේ සාධක නිසා සතුන්ගේ ලිංගිකව හැසිරීමත් බෝවීමත් පාලනය වෙනවා. ඒත් මිනිසුන්ට එසේ විශේෂ කාලයක් වෙලාවක් මේ ලිංගිකව හැසිරීමට නැහැ. ඔවුන් පුරාතනයේ පටන් වසරේ ඕනිම කාලයක, ඕනිම තැනක සිට ලිංගිකව හැසිරෙන්නට දක්ෂ පිරිසක් වුණා.

 

4. ඔසප් චක්‍රය

අලින්ගේ සහ වවුලන්ගේ යම් ඔසප් ගති පෙන්නුම් කළත් මිනිසුන්ට තරම් ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් වෙනත් කිසිම සතෙක්ට නැහැ. මිනිස් හෝමෝන මගින් ඇතිකරන මේ ඔසප් වේදනා සහ ඔසප් චක්‍රයේ ස්වභාවයන් අපේ කාන්තාවන්ට ගෙන එන්නේ විඩාවක්. මිනිසාගේ ඔසප් චක්‍රයේදී කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇති අභ්‍යන්තර බිත්‍තිය (Endometrium නැමැති කොටස) සහ ඩිම්බය දින 28කට වතාවක් අලුත් වෙනවා. ඒත් සතුන්ගේ ඒ වැදෑමහ කොටස කෙලින්ම ඒ ගර්භාෂයේ සමට බද්ධවෙලා එය ඝන තත්ත්වයකට පත් කරනවා. යම් විදිහකින් සතුන්ටත් ඒ විදිහට ඔසප් චක්‍රයක් තිබිලා මසකට වරක් රුධිර වහනය වෙන්න ගත්තා නම් එයින් ඒ සතුන් ලෙහෙසියෙන්ම ඔවුන්ගේ විලෝපිකයින්ට හසු වන්නට තිබුණා.

 

5. ගැහැණු සතාගේ ආකර්ෂණීය ස්වභාවය

මිනිස්සුන්ට මිනිස්සු ගැන පිටින් ඉඳන් විචාරයක් ගන්නට අමාරුයි. මොකද මිනිස්සුන්ට වඩා උසස් සතෙක් හෝ පිටසක්වල ජීවියෙක් මෙතෙක් හමු වෙලා නැහැ. ඒ නිසා මනුෂ්‍ය ජීවීන් අතුරෙන් වඩාත් ලස්සන සහ ආකර්ෂණීය වෙන්නේ පිරිමිද ගැහැණුද කියන එක සම්බන්ධව ගැටළුවක් තියෙනවා. ඒ කොයි හැටි වුවත් බොහෝ සත්ව විශේෂයන් වල පිරිමි සතාට විශේෂ ලස්සනක්, හැඩයක් උරුම වෙලා තියෙනවා. සිංහයාගේ පිරිමි සිංහයාට කේශර තියෙනවා. මොණරාගේ පිරිමි මොණරාට පිල් තියෙනවා. ඒත් මනුෂ්‍ය වර්ගයා ගත් විට ඇතැම් විට ගැහැණුන් අතරත් වඩාත් ආකර්ෂණය දිනාගන්නට සමත් ගැහැණුන් සිටිනවා.  

 

6. එක් සහකරුවෙකු තෝරාගැනීම

මිනිසුන් අතරත් එක් සහකරුවෙක් පමණක් සදාකාලයටම තබාගැනීම කියන කාරණාව දැන් අභියෝගයකට ලක් වෙලා. ඒත් මිනිසුන් බොහෝවිට දීර්ඝකාලීන ගැහැණු, පිරිමි සම්බන්ධතාවන් වලට යනවා. ප්‍රේම සම්බන්ධතාවයක් වුවත් හුදෙක් ලිංගික ආලිංගනයෙන් හමාර නොවී ඇතැම්විට වසර කිහිපයක් පුරා ඇදී යනවා. එසේ එක් සහකරුවෙකු මත පමණක් බැඳී සිටින සතුනුත් කලාතුරකින් ඉන්නවා. ඒත් මිනිසුන්ගේ මේ එක් සහකරුවෙකු එක් වරකදී තබාගැනීමේ පුරුද්ද මිනිසාටම වඩාත් විශේෂිත වූ සුලභ චර්යාවක් වෙනවා.

 

7. ලිංගික ඉරියව් වල විවිධත්වය

වඳුරන්, බල්ලන්, බළලුන් ආදී සතුන් ලිංගිකව හැසිරෙන්නට තෝරාගන්නේ බොහෝවිට එක් ඉරියව්වක් හෝ කිහිපයක් පමණයි. මිනිසාට විවිධ ආකරයේ වූ ලිංගික සංස්කෘතීන් තියෙනවා. ලිංගිකත්වය කියන වදනම ආසියානු සංස්කෘතිය සහ බටහිර සංස්කෘතියේදී හැඳින්වෙන්නේ වෙනස්ම ආකාරයට. ඒ වගේම මිනිසුන් ලිංගිකත්වය මත පදනම් වූ උත්සව ආදියද සමරනු ලබනවා. යුවතියක් වැඩිවිය පැමිණි පසු එය ලෝකයාට දැනුම් දෙන්නට මෙන් උත්සව ආදිය පැවැත්වීම ඉන්දියාවේ විතරක් නෙමෙයි, ඉතාම මෑතක් වනතුරු අද පවා ලංකාවෙත් පැවැත්වෙනවා. එසේම දෙදෙනෙකු එක වහලක් යටට එකතු වී අලුතින් ලිංගික ජීවිතයක් පටන් ගැනීමත් සංස්කෘතිකව ලොව වටාම සමරනවා. සතුන් දෙදෙනෙකු ලිංගිකව එක් වීම යනු ලිංගිකත්වයට අදාළ වූ සාමාන්‍ය සිද්ධියක් පමණයි. එහෙත් මිනිසාට කපාල ධාරිතාවය වැඩි නිසාදෝ හෝ ඔවුන්ට එය විශාලතර වූ සංස්කෘතික කාරණයක්ද වෙනවා.

 

මිනිස්සු සහ සතුන් ගත්තාහම මිනිසාට ආසන්න චිම්පන්සින් පවා මිනිස්සුන්ගෙන් බොහෝ දුරස් සතුන් වෙනවා. ඔවුන්ට මිනිසාට මෙන් ලෝකය පරිසරය වෙනස් කරගෙන ජීවත් වන්න හැකියාව නැහැ. ඉතින් මිනිසා ජීවත් වන්නේ ඔහු විසින්ම තනාගත් ලෝකයක. එහෙත් සත්තු ජීවත් වෙන්නේ පවතින ලෝකය තුළ. මිනිසා සමග වාසයට ආපු බල්ලා, පූසා, මීයා වගේ සතුන් කිහිපයක් හැර බොහෝ සතුන් තවමත් වනාන්තරයට ආසා කරනවා. ඉතින් ඔවුන්ගේ ලිංගික චර්යාවන් ඒ පරිසර පද්ධතියට වඩාත්ම ගැලපෙන ආකාරයට ජීවීන් තුලනය වන පරිදි පවත්වාගන්න  හැකිවෙන්න සකස් වෙලා තියෙනවා.

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!