zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති කෙල්ලෙකුගෙන් තනිකඩ බල්ලෙකුට වෙන හිරිහැර

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



බල්ලා කියන්නේ දඩයම් යුගයේ පටන්ම මිනිසාගේ හිතවතා. බල්ලා කියන වදනින් සාමාන්‍යයෙන් මග තොට යන විට හමුවන දඩාවතේ යන බල්ලන් හැඳින්වුවත්, නිවසේ ඇති කරන ආදරණීය සුරතලාට නම් එයාටම කියලා නමක් තියෙනවා. පෙම්වතුන් සොයමින් සිටින හෝ පෙම්වතුන් සොයන වයස පසුවුන ඇතැම් ගැහැණු ළමුන්ගේද සුපිරි විනෝදාංශයක් තමයි බල්ලන් ඇති කිරීම. ඔවුන්ට තවමත් ජීවන සහකාරයා හමු වී නැති නිසා අසරණ බල්ලාට ඒ යුවතියගේ පාලුව, තනිකම, කාන්සිය වෙනුවෙන් කටයුතු කරන්නට වෙනවා. ඒ අරුතින් ගත්තාම බල්ලාට හැකි දේවල් ලැයිස්තුව අතරට මෙවැනි පාලු මැකීමේ කටයුතුද ඇතුළත් වෙනවා.

 

1. සෙල්ෆි වලට මුහුණ දීම

girls dog

Source – buzzfeed.com

අද තාක්ෂණය සමග කළු දෙදොල් පවා බටර් කේක් ලෙස සුදුවට දිස්වෙන සෙල්ෆි කැමරා තිබෙන ෆෝන් කරළියට ඇවිත්. සෙල්ෆි පිස්සුව ගෑණු ළමයි අතර ටිකක් වැඩිත් එක්ක. බල්ලෙක් ඉන්න කෙල්ලෙක් නම් ඒ බල්ලටත් සෙල්ෆි කැමරාවෙන් ගැලවීමක් නැහැ. බල්ලා ටිකක් ඇලට් එකක් දාන්න හිතාගෙන ඇල වුනාද, එයාට හිතුනොත් ‘ආහ් බල්ලාත් මම වගේ බූට් සුවෙන් තමා ඉන්නේ’ කියලා ඉතිං බල්ලටත් දුක මූඩ් සෙල්ෆියට මුහුණ දෙන්නට සිදු වෙනවා. විවිධ ඉරියව් වලින් සිය තනිකඩ ස්වාමි දුවණිය ගේ ෆෝන් එකට මුහුණ දීමටත් ඒ බල්ලන්ට සිදු වෙනවා.


2. ඇවිදින්නට යෑම

girls dog

Source – imgur.com

ගම්බදව නම් ටිකක් අඩු වුනත්, නාගරිකව නම් බල්ලන් සමග පාන්දර ඇවිදීම ඇතැම් තැන්වල ජනප්‍රියයි. විදෙස් රටවල නම් බල්ලන් කැටුව යන කාන්තාව කියන්නේ ඇතැම් නගරවල සුලබ දසුනක්. එවැනි බල්ලා සමග ඇවිදින්නට යන එක අවට පළාතේ ඉන්න බලු ගෑණු සතුන් ගැන විපරමෙන් ඉන්න බල්ලන්ට නම් ලොකු ශක්තියක්. ඒත් තමුන්ගේ පාඩුවේ නිදාගන්න බලං ඉන්න බල්ලෙක්ට නම් ස්වාමි දියණිය වෙනුවෙන් ඔහේ ඇවිදගෙන යන එක කරදරයක් වෙනවා ඇති.

3. දුක අසා සිටීමට සිදු වීම

girls dog

Source – pintarest.com

“බව්වෝ මේ ලෝකේ මිනිස්සු හරිම කෲරයි බව්වෝ. ඔයා විතරයි මේම හරි මං ළඟින් මෙච්චර කල් ඉන්නේ. අනික් අයට ඕනා මගෙන් වැඩ ගන්න විතරයි. මං මිනිස්සුන්ට කොච්චර උදව් කරලා තියෙද? ඒත් එයාලට ඕනා මාව පාවිච්චි කරන්න විතරමයි” ආදී ලෙසින් සිය ජීවන දුක නිතරම බල්ලා සමග හුවමාරු කරගන්නට කැමති ගෑණු ළමෝද දුර්ලභ නැහැ. කලින් පෙම්වතාගේ වියෝ දුක දුරුකරගන්නට අපහසු වීමත් සමහර ගෑණු ළමයිට තිබෙන ගැටළුවක්. එවන් විට සියලු ප්‍රශ්න ඉතාම සාවධානව අසා හිස වනන බව්වා ගෑණු ළමයිගේ දුක අසන්නටම නිම වුනු සතෙක් කියලා සිතන්නට හැකියි. ඒත් හැමදාම එකම තැටිය එක්දහස් අටසීය විසිහත් වෙන වතාවටත් බල්ලාට අහන්නට සිදුවීම උගේ පැත්තෙන් නම් එපාකරපු බෝරින් වැඩක් වෙන්නට ඇති.


4. ඕවර් ඇටෙන්ෂන්

girls dog

Source – themes.com

පුරාණයේ පටන් එකිනෙක මිශ්‍ර වෙමින් වඩාත් පරිසරයට අනුගතව වැඩුනු අපේ වල් බල්ලන්ට වඩා වටිනා නමගිය බල්ලන් නඩත්තුව අමාරුයි. ඔවුන්ට ඉන්ජෙක්ෂන්, විශේෂ ආහාර, බේත්හේත් වගේ සැලකිලි අවශ්‍ය වෙනවා නියමිත කාලයේදී. අපි ආලේප කරන ෂැම්පු එකක් රුපියල් දෙතුන් සීයක් වුනත්, ඇතැම් බල්ලන්ට ගල්වන ෂැම්පු රුපියල් දෙතුන් දාහක් වන වෙලාවලුත් තිබෙනවා. අපේ තනිකඩ යුවතියට හමුවන බල්ලන්ටත් සැලකිලි පුදසත්කාර නම් ඉහටත් උඩින්. නිතරම බල්ලා ගැන ඇස ගසාගෙන සිටින නිසා බල්ලාගේ සිතේ දුකක් පවා අවබෝද කරගන්නට කලක් යනවිට තනිකඩ යුවතියට හැකි වෙනවා. මේ ආකාරයට මස් මාංශ කවලා, බලු කූඩුවෙ දමලා, ඇතිකල බල්ලෙක් ගැන දීපාල් සිල්වාගේ “මස් මාංශ කවලා, බලු කූඩුවෙ දමලා.” ආදී ලෙසින් මියුරු ගීයකුත් අප අතර තිබෙනවා.

 

5. සාමකාමී වීමට සිදුවීම

girls dog

Source – videoblocks.com

සෑම විටම ගෙදරට වෙලා එකතැන ඉන්න තාපස ජීවිතය සෑම බල්ලකුටම දිරවන්නේ නැහැ. සමහර බලු ජනයාට අනෙක් බල්ලන්ට බුරන්නට, උන්ගෙන් ගේම ඉල්ලන්නට අවශ්‍යයි. පාන්දර ගැන් එක එක්ක සෙට් වෙලා පොඩ්ඩක් රවුමක් දාන්නත් උන් ආස ඇති. ඒත් කෙල්ලෙක් එක්ක හැදෙන බල්ලෙක්ට අකමැත්තෙන් වුනත් සාමකාමී තවුස් ජීවිතයක් ගත කරන්නට සිදු වෙනවා. ස්වාමියාගේ ගතිගුණ වලට යම් හැඩගැසීමක් සිදුවන නිසා බල්ලාට එය එතරම්ම ගැටළුවක් නැතුව ඇති. ඒත් ගෙදර අස්සට වෙලා ඉද්දි අනික් බලු සෙට් එක පාරේ නිකං රටක් ජයගත් විරුවෝ ටිකක් වගේ ආඩම්බරෙන් යද්දි, කෙල්ල ළග ඉන්න බල්ලටත් “මේකිට ඕනි කුදයක් ගහගන් කියලා මටත් හිතෙනවා යන්න” කියලා කල්පනා වෙනවාත් ඇති.

6. කෙල්ලගේ විනෝදාංශයට හුරු වීමට සිදුවීම

girls dog

Source – pintarest.com

එයා ආස කුස්සියේ උයාපිහා අලුත් කෑම හදන්න නම්, බලු සුරතලාටත් කුස්සියටම වෙලා ඒ කෑම හදන හැටි බලා ඉන්නට සිදු වේවි. එයා ආස පස පෙරළලා මල් පාත්ති හදලා, මල් වවන්න නම්, අනේ බල්ලටත් උයනට වෙලා මල් වවනකල් බලා ඉන්නට වේවි. හොඳ ටීවි සීරීස් එකක්, ෆිල්ම් එකක් දාගෙන ටීවි එකේ ඒවා බලන්නට ආස කෙනෙක් නම් බල්ලාටත් හොඳ ටීවි සීරිස්, ෆිල්ම් එහෙම බලන්නට ලැබෙනවා. ඒත් යුවතියන් වඩාත් ආශා කරන කොරියන් නාට්‍ය, හින්දි චිත්‍රපට වලට බල්ලා කෙතරම් අකමැති වුනත්, ඌටත් බලා ඉන්නට සිදුවෙනවා ඒ නාට්‍ය හෝ චිත්‍රපට. එයා ආස පැත්තකට වෙලා කෝපි එකක්, ප්ලේන්ටියක් හිඳෙනකල් පොතක් පතක් කියවන්නට නම් බල්ලටත් ඒ ළඟපාතට වෙලා ආරක්ෂාව දෙන්නට සිදු වෙනවා. ඒ ආකාරයට එයාගේ විනෝදාංශයට සහයෝගය දක්වන්නත් බල්ලට සිදු වෙනවා.

 

7. සෙල්ලම් කරන්නට වීම

girls dog

Source – savoyprimepet.com

දඩාවතේ යන බල්ලන් සමග සෙල්ලම දැමීම මගින් බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගණනාවක් ගසාගන්නට හේතු වාසනාව ලැබුනත්, ගෙදර සිටින සුරතලාට කලින් ඉන්ජෙක්ෂන් ගහලා තිබේනම් බයවන්නට දෙයක් නැහැ. සමහර බලු නයිදේලා නම් ආසයි සෙල්ලමට. ඒත් ඉතිං ඕක හුරුවුනාම කෙල්ලට වෙන සෙල්ලම් කරන්න කොල්ලෙකුත් නැත්නම් දිගටම සෙල්ලම දාන්න වෙනවා කෙල්ල එක්ක. බල්ලා උනත් ඌ ගොඩක් ආස ඇති බලු ගෑණු සතෙක් එක්ක යාලුවෙන්න. ඌ එක්කල සෙල්ලම් දාන්න. ඒත් මොකද්දෝ පිං මදිවීමක් නිසා ඌට පෙම්වතෙක් නැති හෝ පෙම්වතෙක් පතාගෙන සිටින කෙල්ලට තනි රකින්නට වුනාම එයා එක්ක සෙල්ලම් කරන්නටත් සිදු වෙනවා.

බල්ලා සිය ජීවිතයට ළං කරගෙන බොහොම සතුටින් ඒ සතා සමග දුක සැප හුවමාරු කරගන්නා යෙහෙළියන් ඔබටත් ඇති. ඉතිං ඔවුන්වත් බල්ලාට සිතිය හැකි ආකාර ගැන දැනුවත් කිරීම හොඳයි නේද?


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!