zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලිංගය වෙනස් කිරීම ගැන කරුණු

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

තමුන් ඉපදුණු ලිංගය පසුව වෙනස් කරගැනීම කලකට පෙර නම් හරිම පුදුම කතාවක් වුණා. ඒ වැනි වෙනස්කම් කරගත් අය ගැන පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය වල පවා පළවුණා. ඒත් දැන් ඒක දියුණු රටවල බොහොම සාමාන්‍ය තත්ත්වයක්. අපේ රටෙත් යම් අයෙක්ට උප්පැන්න සහතිකයේ තමුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ලිංග මාරුව ගැන අපි කරුණු කාරණා ටිකක් බලමු.

 

1. මොකක්ද මේ ලිංග මාරුව කියන්නේ? 

ජීව විද්‍යාත්මකව මනුස්ස ශරීරයේ ගැහැනු සහ පිරිමි කියලා වෙනස්කම් තියෙනවා. ගැහැනු අයට විශාල පියයුරු සහ ලාලිත්‍යමය හැඩයක් සිරුරට ඉබේම ලැබෙනවා. ඒ වගේම හැඟීම් දැනීම්, හැසිරීම් අතිනුත් පිරිමි ගැහැනු වෙනස්. අනෙක් අතින් සමාජයේ තිබෙන තත්ත්වයන් අතිනුත් බොහෝ සමාජ වල කාන්තා පිරිමි කියල වෙනසක් තවමත් දැඩිව තියෙනවා. ඉතින් යම් හෝමෝනමය හෝ වෙනත් හේතු නිසා සිය ලිංගය වෙනස් කරගන්න කැමති අය ඉන්නවා. එයාල එක පැත්තකින් සිරුර වෙනස් කරගන්නවා. අනෙක් පැත්තෙන් සිය ඇඳුම් පැළඳුම්, හැසිරීම වෙනස් කරගන්නවා. නැතිනම් ඉබේම ඒ අනෙක් ලිංගයේ හැසිරීම් ඔවුන්ට එනවා.

 

2. වෙනස නිරූපණය කිරීමේ විධි

යම් අයෙක් ලිංගය වෙනස්වට පෙන්වන්න දැඩි ආශාවකින් ඉන්නවා නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබීම ඔවුන්ගේ ලොකු මානසික සුවයකට හේතු වෙනවා. ඒ ගැන සලකා බලලා බටහිර රටවල් වලින් එලෙස ලිංගය මාරු කිරීමේ උවමනාව ඇති අයට ඒ කටයුත්ත කරගන්න නීතිමය සහ සමාජීය පැත්තෙන් පහසුකම් සලසලා තියෙනවා. ඒ අයට එතකොට දෙමාපියන්, ඥාතීන් සහ මිතුරන් විසින් ඒ අය කැමති ලිංගයෙන් අමතනු ලබනවා. ඒ වගේම තමුන්ගේ නමත් අදාළ විදිහට ඊළඟ ලිංගයට හරියන විදිහට වෙනස්‍ කරගන්නවා. ඊට අමතරව බොහෝ දෙනා එම ලිංගයට අදාළ පිරිමි හෝ ගැහැනු පෙනුම එන විදිහට අඳින්න පළඳින්න, ෆැෂන් කරන්නත් පෙළඹෙනවා.

 

 

3. විරෝධතා

මේ ගැන ගෝලීය වශයෙන් එකඟතා තිබුණත් කෙලින්ම නීතිමය වශයෙන් ගැහැනු නොවන අයෙක් ගැහැනියක් ලෙස නිරූපණය කිරීමත්, පිරිමි නොවන අයෙක් පිරිමි ලෙස නිරූපණය කිරීමත් වැරදි දෙයක්ය කියලා වාද කරන අයත් ඉන්නවා. වෛද්‍ය විද්‍යාත්මකව ගැහැනිය කියන එකට යම් අර්ථ දැක්වීමක් තියෙනවා. සමාජයෙත් එවැනි මතයක් තියෙනවා. එහෙත් ලිංගය වෙනස් කරගත් කෙනෙක් කිසිදාක එසේ සම්පූර්ණයෙන් ගැහැනියක හෝ පිරිමියෙකු වෙනවාද? පිරිමියෙකු යම් ඇඳුම් පැළඳුම් සහ නිරූපණ ඔස්සේ තමන් ගැහැනියක යැයි නිරූපණය කළ පමණින් එම පුද්ගලයාට ගැහැනියකට ලැබෙන සියළු දේ ලැබිය යුතුද? යන්න ගැන වාද විවාද අදටත් ලෝකයේ තියෙනවා.

4. බාහිරව වෙනස් වෙන හැටි

ලංකාවේ නම් ගැහැනු අය කන් දෙකටම කරාබු දානවා. ඒකෙන් කාන්තා බවක් නිරූපණය වෙනවා. ඒ වගේම විලාසිතා වලදි සෙරප්පු, සපත්තු, ඇඳුම්, ආභරණ, සහ බෑග් ආදිය පවා කාන්තා සහ පිරිමි ලෙස වෙනස් වෙනවා. ගැහැනු කෙනෙක් ලෙස නිරූපණය වෙන්න ආස කරන පිරිමි අයෙක් ඒ දේවල් හරහා සිය අනන්‍යතාවය ලෝකයට පෙන්වන්නට උත්සාහ කරනවා. පිරිමි ලෙස නිරූපණය වීමට ආස කාන්තාවනුත් ඒ පිරිමි ඇඳුම් සහ පිරිමි කටහඬ ආදී දේ අනුකරණයට පෙළඹෙනවා. එය කිසිසේත්ම ඔවුන් අවඥාවට ලක් කළ යුතු අවස්ථාවක් නෙමෙයි. 

 

 

5. වෛද්‍ය විද්‍යාත්මක වෙනස්කම්

විශාල පියයුරු තියෙන කාන්තාවන්ට පිරිමියෙක් ලෙස නිරූපණය වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා පියයුරු ඉවත් කරගැනීමේ සැත්කම් තියෙනවා. ඒ වගේම ගැහැනු ලක්ෂණ නිරූපණය කරන්න අවශ්‍ය පිරිමි අයට ඒ වෙනුවෙන් හෝමෝන ලබාගන්නට පුළුවන්. ඒ වගේම ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම වෛද්‍යමය පැත්තෙන් තමුන්ගේ ලිංගික අවයව වෙනස් කරගන්නත් අවස්ථාව ඇතැම් අවස්ථා වලදි ලැබෙනවා. සමහර අවස්ථාවල එසේ අනෙක් ලිංගයක් ලෙස නිරූපණය කරන්නට අවශ්‍යතාවය එන අයට ඒ ලක්ෂණ සුළුවෙන් තියෙනවා. ඉන් පසු ඔවුන් වෙනත් ක්‍රම වලින් ඒවා ඔප්නංවා ගන්නවා.

6. වෙනස් වෙන්නම ඕනිද?

බාහිරින් හෝ ඇතුළත් ලොකු වෙනස් කමක් නැතුව ඉන්න කැමති අයත් ඉන්නවා. එයාල එයාලගේ කැමති විදිහට ජීවත් වෙනවා. යම් අයෙක්ට කැමති නම් ඉන්ද්‍රිය හෝ පෙනුම වෙනස් කරගන්නත් කැමති නම් එසේ නොකර ඉන්නත් නිදහස තියෙනවා. එහෙත් උවමනා අයෙක්ට එලෙස අනෙක් ලිංගය ලෙස වෙනස් කරගන්නට හැකියාව සහ අවසරය තියෙන්නට ඕනි බව තමයි ඒ ගැන මැදිහත් මතධාරීන්ගෙ අදහස වෙන්නෙ.

 

 

7. නීතිමය තත්ත්වය

නීතිමය තත්ත්වය අනුව කාන්තා, පිරිමි බව නිරූපණයේදී හෝමෝනමය සාධක සහ වෙනත් සාධක සළකා බලනවා. ඒත් නෝර්වේ, බෙල්ජියම, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තයේදි එහෙම ලොකු දේවල් බලන්නේ නැහැ. අවශ්‍යතාවය තියෙන අයට සිය ගැහැනු හෝ පිරිමි භාවය නීතිමය වශයෙන් වෙනස් කරගන්නට හැකියාව තියෙනවා. යුරෝපයේ බොහෝ රටවල දැන් මේ ලිංග මාරු කරන වැඩේට අවශ්‍ය නීතිමය කටයුතු වඩාත් සරල කරලා තියෙනවා. ඒත් බොහෝ රටවල තවමත් මේ සඳහා තියෙන්නේ නීතිමය තත්ත්වය පැහැදිළි නැති පසුබිමක්.

 

 

ලිංගික වෙනස කියන්නේ මානසික, ශාරීරික, සමාජීය සහ නීතිමය ආදී බොහෝ කාරණා හා ගැටෙන දෙයක්. ලංකාවේදී නම් කාන්තාවන්ට වෙන හිරිහැර හිංසා අවම කරන්න විශේෂ ආකාරයේ රැකවරණ කාන්තාවන්ට නීතියෙන් හිමි වෙනවා. ඉතින් ඒ නිසා වැරදි ලිංගයක් ස්වභාවිකව පිහිටන ඒත් මානසිකව වෙනත් ලිංගයකට කැමති අයට යම් ආයතනමය අපහසුතාවයන්ට ලක් වෙන්නට සිදු වෙනවා. ඒත් දැන් ලෝකය යන විදිහට මේ ලිංගය වෙනස් කරගන්නට කැමති උදවියට ඒකට බාධා අඩු වෙන විදිහක් තමයි පේන්න තියෙන්නේ.

 

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    October 20, 2023 at 11:15 AM
    Hapoy 😅
    Reply
  • Anonymous
    Anonymous
    October 19, 2023 at 10:12 PM
    Asahana karayanta hoday 😏
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!