zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නිරුවතින් නිදාගන්න එකේ තියෙන වාසි මේක තමයි!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


දැන් සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්නකොට වුණත්, ඇඳුමක් මොකක් හරි ඇඳගෙනනේ ඉන්නේ. නිදාගන්නකොට වුණත් අපි රාත්‍රී ඇඳුමක් කියලා මොකක් හරි ලිහිල්, පහසු ඇඳුමක් අඳිනවානේ. ඇයි? නිදාගන්නකොට, ඇඳුම් කැඩුම් හිර කරගෙන නිදාගන්නවට වඩා පහසුයි, වඩාත් ලිහිල්, සැහැල්ලු ඇඳුමක් ඇඳලා නිදාගන්න එක. ඒකනේ. හැබැයි ඇත්තටම ඊටත් වඩා ලේසියක්, සැහැල්ලුවක් දැනෙන්නේ නැද්ද ඔය ඇඳගෙන ඉන්න එව්වත් ගලෝලා දාලා නිදාගත්තා නං? ඇත්තටම දැනෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් එහෙම දෙයක් ගැන හිතන්නත් පැකිළෙනවා. ඇයි? අපි හිතනවා, ඇඳුම් පැළඳුම් කියන්නේ අපි ශිෂ්ටාචාරගතයි කියලා කියන සංකේතයක් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඇඳුම් නැතුව ඉන්න එක ලිංගිකත්වය හා සම්බන්ධ වුණු දෙයක් විදියටත් ගොඩක් දෙනෙක්ගේ හිතේ හැඟීමක් තියෙනවා. ඒ හින්දම, තමන්ගේ කාමරේ තමන් තනියෙන් හිටියත්, ඇඳුම් නැතුව ඉන්න පොඩ්ඩක් පැකිළීමක් ගොඩක් අයගේ තියෙනවා.

හැබැයි ඔය පැකිළීම, හෙලුවෙන් නිදාගන්න එක සමාජ සදාචාරයට පටහැණිද නැද්ද වගේ කතන්දර වලින් මිදෙන්න පුලුවන් නම්, ඇඳුම් නැතුව නිදාගන්න එක කොයි තරම් නිදහස්ද කියන එක අත්විඳින්න පුලුවන්. ආන්න ඒකට උදව්වක් විදියට, ඇඳුම් නැතුව නිදාගැනීමේ තියෙන වාසි කීපයක් ගැන අපි කියන්න සූදානම්.


01. අතිමහත් පහසුව

Benefits of sleeping naked

ඇත්තටම ඇඳුම් කැඩුම් ඔක්කොම ගලවලා දාලා ඇඳට ඇවිත්, අළුත්ම ඇඳ ඇතිරිලි වල ඇලවුණහම දැනෙන සනීපය, නිදහස ගැන කියන්න වචන නෑ. ඒක අත්විඳලම බලන්න ඕන දෙයක්. දැන් ලංකාව කියන්නේ රස්නේ රටක්නේ. ඉතින් දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසිලා නින්දට යනවටත් වඩා, කිසිම දෙයක් නැතුව නින්දට යන එක සැප වැඩක්. එතකොට ඔය වහින සීතල කාලෙට පවා, මොනවහරි ඇඳගෙන නිදාගන්නවට වඩා, ඇඳුම් ඔක්කොම ගලවලා දාලා, ඝන බ්ලැන්කට් එකක එතිලා නින්දට යන එකේ වෙනම සැපක් තියෙනවා. ඒ දැනෙන නිදහස සහ සැහැල්ලුව, හොඳින් නින්ද යන්නත්, ඉක්මනටම නින්ද ලබාගන්නත් ලොකු හේතුවක් කියන එක ප්‍රායෝගිකව අත්විඳින්න පුලුවන්, එක දවසක් හරි නිරුවතින් නින්දට ගියා නම්! දැන් ඔය ලේසියෙන් නින්ද යන්නෙ නැති අමාරුවෙන් පෙළෙන අයටත් මේක අත්හදා බලන්න පුලුවන්!!

02. නින්දේ කොලිටිය

Benefits of sleeping naked

නින්ද කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්නේ. විශේෂයෙන්ම, සුව නින්දක් නැතිවෙනවා කියන්නෙම අපේ ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නැති දෙයක්. අන්න ඒ නිසා, අපිට ඕන කරන්නේ කොහොමහරි නින්දක් නෙවෙයි. සැපවත්, ගැඹුරු නින්දක්. වෙන විදියකට කියනවා නම් කොලිටි නින්දක්. ආන්න එහෙම නින්දක් ලබන්නත් නිරුවතින් නිදාගැනීමෙන් පහසුවක් ලැබෙනවා කියලා තමයි ඔය නින්ද ගැන විශේෂඥයෝ කියන්නේ. සාමාන්‍යයෙන් නිදන කාමරේක අපිට හොඳ සැපවත් නින්දක් ලබන්න තියෙන්න ඕන උෂ්ණත්වය විදියට ඒ අය අර්ථ දක්වන්නේ, ෆැරන්හයිට් අංශක 65 ක්. එතකොට විශේෂයෙන්ම රස්නේ දවසක් එහෙම ගත්තහම, අපි මොන ඇඳුමක් ඇඳලා හිටියත් දාඩිය දාන ගතියක් එහෙම තියෙනවනේ. හැබැයි නිරුවතින් නින්දට යනවා කියන්නේ, ඒ දහදිය දැමීම නිසා නින්දට බාධා වීම අඩු වෙන්න කාරණයක්. ඒ නිසාම, නින්ද අතරමග කැඩෙන්න තියෙන ඉඩත් අඩුයි. ඒක ඔය ආර්ථවහරණයට මුහුණ දෙන කාන්තාවන්ට එහෙමත් විශේෂයි කියලා තමයි කියන්නේ.

03. ශාරීරික සෞඛ්‍යය

Benefits of sleeping naked

මේක ඉතින් උඩ කියපු කාරණා දෙකටම සම්බන්ධයි. නින්ද කියන්නේ මනුස්සයාට අත්‍යවශ්‍ය දෙයක් කියන එක හැම විශේෂඥයෙක්ම කියන දෙයක්නේ. හොඳ ගැඹුරු නින්දක් නැතිවෙනවා කියන්නේ දවස පුරා තෙහෙට්ටුවට, හිසරදයට වගේ ගොඩක් ගැටළු වලට මුල් වෙන දෙයක්. එතකොට නින්ද අඩු වීම හෝ ගැඹුරු නින්දක් නොමැති වීම නිසා, ඕනම කෙනෙක්ගේ කාර්යක්ෂමතාවයත් පහළ බහිනවා. ඒ ඇරෙන්න, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වගේ බෝ නොවෙන රෝග සඳහා තියෙන අවදානම වැඩි වෙන්නත් නින්ද හොඳින් නොලැබීම සැලකිය යුතු විදියට බලපානවා කියලයි කියන්නේ. ඉතින් හොඳ, ගැඹුරු, සැප, ප්‍රමාණවත් නින්දක් දිනපතා ලැබීමෙන් ඔය ප්‍රශ්න ගොඩක් මඟහරවා ගන්න පුලුවන්. ඉතින් එහෙම නින්දක් ලබන්න නිරුවතින් නිදාගන්න එකෙන් ලැබෙන හැකියාව ගැන අපි උඩ කතා කරලා තියෙනවනේ.

ඒ ඇරෙන්න, අපේ ලිංගික අවයව වලට – විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයට- වඩාත් හොඳින් වාතාශ්‍රය ලැබෙන්නත්, නිරුවතින් නින්දට යෑම හොඳ හේතුවක් කියලා කියවෙනවා. ඒ නිසාම, වඩාත් නීරෝගී ලිංගික අවයව ලබනත් නිරුවතින් නින්දට යෑම හේතුවක් වෙනවලු.

04. පාට්නර් අප්

Benefits of sleeping naked

දැන් කෙනෙක් තනියෙන් ඉන්නවා නම් නිරුවතින් නිදාගැනීම සහ, අපි පාට්නර් කෙනෙක් එක්ක ජීවත් වෙනවා නම් දෙන්නත් එක්ක නිරුවතින් නිදාගැනීම කියන කාරණා දෙකේ වෙනසක් තියෙනවනේ. විශේෂයෙන්ම අපිට පාට්නර් කෙනෙක් ඉන්නවා නම්, දෙන්නත් එක්කම නිරුවතින් ඇඳට යන එකේ වෙනම ෆන් එකක් තියෙනවා. ඒකේ වෙනම නිදහසක් දැනෙනවා. අන්න ඒ නිදහසම, දෙන්නා අතරේ ලිංගිකත්වයට තියෙන ලැදියාව. ඉන්ටිමසි එක වැඩිදියුණු කරන්නත් හේතුවක් වෙනවා. ඒ කියන්නේ නිරුවතින් නිදාගන්න ගිය හැම විටකම සෙක්ස් කරන්න ඕන කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි මොන තරම් සැහැල්ලු රාත්‍රී ඇඳුමකින් සැරසිලා නින්දට ගියත්, ඒකෙන් අර සමට-සම දැනෙන ස්පර්ෂය අඩු වෙනවනේ. හැබැයි නිරුවතින් නිදාගන්න යනවා කියන්නේම, සෙක්ස් නොකළත්, දෙන්නට දෙන්නාට සමට සම දැනෙන ස්පර්ෂයට ඉඩ වැඩිවෙනවා කියන එක. එක දෙන්නා අතරේ ලිංගික බැඳීම වැඩිවර්ධනය කරන්න උදව්වක්. නිකමට ට්‍රයි කරලා බැලුවොත්, දෙන්නා එදිනෙදා ජීවිතේ සෙක්ස් කරන ප්‍රමාණය වැඩි කරන්නත් මේ නිරුවතින් නින්දට යෑම හේතු වෙන්න පුලුවන්.


05. නිදහසට හේතුවක්

Benefits of sleeping naked

මේකත් මානසික කාරණාවක්. සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක්ට පෞද්ගලික අවකාශයක් තියෙන්න ඕන. ඒ පෞද්ගලික අවකාශය සඳහා නිදහසක් තියෙන්න ඕන. හැබැයි ඇත්තටම වැඩිවියට පත් වුණු කාන්තාවන්ට හෝ පිරිමින්ට පවා සමහර වෙලාවට -විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවල- මේ කියන පෞද්ගලික අවකාශයට ගරු කිරීම සහ නිදහස කියන එක අහිමියි. දැන් සමහර ගෙවල් තියෙනවා, ලොකු මහත් වුණු දරුවෝ පවා තාමත් නිදාගන්නේ අම්මලා තාත්තලා එක්ක එක කාමරයක. එහෙම නැතිනම් තමන්ගේ තවත් සහෝදර සහෝදරියෝ එක්ක එක කාමරයක. තමන්ට තනියෙන් නිදාගන්න කාමරයක් තියෙන ගොඩක් ගෙවල් වල වුණත් කාමර වලට දොරවල් නෑ. දැන් මේ කාරණා වලට ආර්ථිකමය හේතුත් බලපානවා. අපි ඒක නැහැයි කියන්නෙ නෑ. හැබැයි සම්ප්‍රදාය නිසා, එහෙම නැතිනම් අර වැඩිමහලු වෙලත් පවුලේ තියෙන බැඳීම ඔස්සේ පෞද්ගලික අවකාශයේ නිදහසේ සීමා වීම නිසා එහෙම සිද්ධ වෙනවා නම්, ඒක බිඳින්න හොඳ කරුණක් තමයි නිරුවතින් නිදාගැනීම. අපි නිරුවතින් නිදාගන්නවා නම්, ගෙදර අයට කියන්න පුලුවන් එක්කෝ තමන්ට තනියෙන් කාමරේක නිදාගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම, තමන්ගේ කාමරේට එනවා නම් තට්ටු කරලා, තමන් එන්න කිව්වොත් විතරක් ඇතුළට එන්න කියලත් කියලා තියන්න පුලුවන්.

ඇත්තටම කෙනෙක් අහයි නිරුවතින් නිදාගන්න තීරණය කළා කියලා එහෙම තමන්ගේ පුද්ගලික නිදහස ලැබෙනවද කියලා. ඒකට උත්තරේ ඔව්. විශේෂයෙන්ම ඔය සාම්ප්‍රදායික විදියට හැදුණු වැඩුණු මනුස්සයෙක්ට, නිරුවතින් නිදාගන්න තීරණය කරන එක පවා ලේසි නෑ. හැබැයි එහෙම තීරණය කළාට පස්සේ ලැබෙන මානසික නිදහස, තමන්ගේ ජීවිතේ අනික් හැම කාරණාවක් සම්බන්ධයෙන්ම නිදහස හොයන්න පොළඹවන තරම් ප්‍රබලයි!

06. ජීවිතේට වෙනසක්

Benefits of sleeping naked

අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට එකම දිනචරියාවකනේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ රූටීන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. එහෙම අපේ ජීවිතේ ඒකාකාරී වෙන එක හොඳ දේකුත් නෙවෙයි. ඒකෙන් අපිට ජීවිතේ බෝරින් වෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට පුලුවනි නම් අපේ එදිනෙදා ගත වෙන ජීවිතේට සුළු හෝ වෙනසක් ගෙන එන්න, ආන්න ඒ වෙනස ඒකාකාරී බෝරින් ජීවිතයක් රසවත් කරන්න ලොකු වෙනසක් ඇති කරන්න සමත් වෙනවා. ඉතින් හිතෙන්නේ නැද්ද නිරුවතින් නින්දට යන එක, ආන්න ඒ ඒකාකාරී ජීවිතේ රසවත් කරන්න ලැබෙන වෙනසක් කියලා? ඇත්තටම ඒක එහෙම තමයි. ඒක තමන් හිතනවාට වඩා ජීවිතේට සිද්ධ වෙන වෙනසක්.

07. ශරීරය ගැන ආත්ම විශ්වාසය

Benefits of sleeping naked

අපි හැමෝම අපේ ශරීරය ගැන සියේට සීයක් තෘප්තිමත් ද? ආන්න් ඒක ගොඩක් අයට උභතෝකෝටික පැනයක්. මොකද, අපි හැමෝගේම ශරීර එකිනෙකාට වෙනස්. එතකොට අපි හැමෝම වගේ, අපේ ශරීරයන් මෙන්න මේ විදියට තිබුණා නම් හොඳයි, මගේ මේ ශරීර අවයවය තව ලොකු වුණා නම් හොඳයි, මගේ මේ ශරීර අවයවය තව ටිකක් පොඩි වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒක ඉතින් තමන්ට ග්‍රීක දෙවියෙක්ගේ හෝ ග්‍රීක දෙවඟනකගේ වගේ ශරීරයක් තිබුණත් වෙනස් වෙන්නේ නැති කාරණාවක්. හැබැයි නිරුවතින් නින්දට යනවා කියන්නේම, තමන්ගේ ශරීරය ගැන තමන්ට තියෙන ආත්ම විශ්වාසය වැඩිදියුණු කරන්න වක්‍රාකාරව උදව්වක් වෙන දෙයක් කියන එක බොරුවක් නෙවෙයි. හරි, ඇඳට ගියාට පස්සේ තමන්ට තමන්ගේ ශරීරය පේන්නේ නැහැ තමයි. හැබැයි තමන්ට නිරුවතින් නිදාගන්න පුලුවන් කියන හැඟීමත් එක්කම, තමන් ඉන්නේ නිරුවතින්ය කියන හැඟීමත් එක්කම, තමන්ගේ ශරීරය ගැන තියෙන ආත්ම විශ්වාසය යම් විදියකට වැඩිදියුණු වෙනවාය කියලා කියන්න පුලුවන්!

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!