zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

චීනය ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට සැරසෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අවතාර අංශු (ghost particles) ලෙස සැලකෙන නියුට්‍රිනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට චීනය සූදානම් වෙනවා. නිවර්තන ගැඹුරු මුහුදු නියුට්‍රිනෝ දුරේක්ෂය (Tropical Deep – sea Neutrino Telescope) හෙවත් TRIDENT නම් මේ දුරේක්ෂය චීන භාෂාවෙන් “Ocean Bell” යන අරුත තිබෙන Hai ling ලෙස නම් කර තිබෙනවා.

සාගර ජල මට්ටමේ සිට මීටර් 3,500 ක් එනම් අඩි 11,500 ක් ගැඹුරින් බටහිර පැසිෆික් සාගර පතුලේ ඉදි කරනු ලබන මේ දුරේක්ෂය 2030 වසරේ දී සම්පූර්ණයෙන් තනා නිම කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් නියුට්‍රිනෝ අංශු සාගර පතුලේ දී හඳුනාගත හැකි පරිදි ඇති කරනු ලබන දුර්ලභ ආලෝක සැණෙලි හඳුනාගත හැකි වෙනවා.

සෑම තත්පරයක් පාසා ම ඔබේ සිරුරේ සෑම වර්ග සෙන්ටි මීටරයක් තුළින් නියුට්‍රිනෝ අංශු බිලියන 100 ක් පමණ ගමන් කරනවා. “අවතාර අංශු” යන බිය ජනක පදයෙන් නියුට්‍රිනෝ අංශු හැඳින්වීමට හේතුව ඒවායේ විද්‍යුත් ආරෝපණයක් නොමැති හා ශුන්‍යයකට ආසන්න ස්කන්ධයක් තිබීම මෙන් ම ඒවා අනෙක් පදාර්ථ සමග කලාතුරකින් ප්‍රතික්‍රියා කිරීමයි.

කොස්මික් කිරණ ලෙස පැමිණෙන මේ නියුට්‍රිනෝ අංශුවල වේගය අඩු කිරීමෙන් ඒවායේ සම්භවයට හේතු වුණු ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත විශ්වයේ සිදු වූ ඉපැරණි ප්‍රචණ්ඩ තාරීය පිපිරීම් සහ චක්‍රාවාට ගැටුම් හඳුනා ගැනීමට භෞතික විද්‍යාඥයින් හට හැකි වනවා. Ocean Bell දුරේක්ෂයෙන් අපේක්ෂා කරන්නේ එයයි. පසුගිය ඔක්තෝබර් 9 වෙනි දින Nature Astronomy ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවක මේ ගැන සඳහන් කෙරෙනවා.

“පෘථිවිය ආරක්ෂක පළිහක් ලෙස යොදාගෙන ග්‍රහලොවේ විරුද්ධ පැත්තෙන් විනිවිද එන නියුට්‍රිනෝ අංශු හඳුනා ගැනීමට TRIDENT දුරේක්ෂයට හැකි වේවි. එය සමකයට ආසන්න ව පිහිටුවන නිසා ම පෘථිවියේ භ්‍රමණයක් සමග සියලු දිශාවලින් එන නියුට්‍රිනෝ අංශු එයට ලබාගත හැකි වෙනවා.”
පසුගිය ඔක්තෝබර් 10 වෙනි දින මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එසේ පැවසුවේ මේ ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයා වන Xu Donglian.

ස්වභාවයේ පවතින වඩාත් ම බහුල උප පරමාණුක අංශු වර්ගය වන ෆෝටෝනවලට පමණක් දෙවැනි සුලභ අංශු වර්ගය වන නියුට්‍රෝන සෑම තැනක ම පවතින අංශු වර්ගයක් වෙනවා.

චීනය විසින් නිමවනු ලබන මේ නවතම යෝධ දුරේක්ෂයේ එකක් මීටර් 700 ක් දිගැති වන තන්තු 1,211 ක අමුණා තිබෙන ප්‍රකාශ සංවේදක 24,000 කට වඩා වැඩි ගණනක් අඩංගු වෙනවා.
එය ක්‍රියාත්මක කෙරෙන විට එමඟින් ඝන කිලෝ මීටර් 7.5 ක් පරිලෝකනය කළ හැකියි.

ලොව දැනට තිබෙන විශාල ම නියුට්‍රිනෝ සංවේදකය වන ඇන්ටාක්ටිකාවේ Amundsen – Scott South Pole Stationහි පිහිටි IceCube මඟින් පරීක්ෂා කළ හැකි වන්නේ ඝන කිලෝ මීටර් 1 ක් පමණ ක්ෂේත්‍රයක්.

චීන විද්‍යාඥයින් සඳහන් කරන්නේ තම නිර්මාණයේ නියමු ව්‍යාපෘතියක් 2026 වසරේ දී අරඹන බව හා සම්පූර්ණ අනාවරකය 2030 වසරේ දී නිම කරන බවයි.

Live Science සහ Nature Astronomy ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!