zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සඳ මත සදාකාලික අන්ධකාරයට එබී බලන ShadowCam

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


සඳ මත අතීතයේ දී සිදු වූ ග්‍රහක ඝට්ටනයකින් සැදුම් ලත් ශැකල්ටන් ආවාටය (Shackleton Crater) සඳෙහි දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා තිබෙනවා. සඳෙහි ඇති ආනත බව හේතුවෙන් එහි ආලෝකමත් වන්නේ කන්දක් ලෙස පිහිටා ඇති ආවාටයේ ඉවුර පමණයි. ඉතිරි සියලු කලාපයන් සෙවණැල්ල තුළ ගිලී පවතිනවා.

සෙල්සියස් අංශක -173කට ආසන්න ශීතාධික උෂ්ණත්වයක් පවතින ශැකල්ටන් ආවාටයේ අතීත ධූමකේතුවකින් විසිරී ගිය ජල වාශ්ප තැන්පත් වී අයිස් බවට පත් වී ඇති බව සැලකෙනවා. නමුත් කක්ෂගත චන්ද්‍රිකා මඟින් එය නිරීක්ෂණය කිරීම අපහසු කටයුත්තක් බවට පත් ව තිබු‍ණේ ඒ අවට ප්‍රදේශය පුරා රජයන අන්ධකාරය නිසයි.

නමුත් දැන් එයට විසඳුමක් ලැබී තිබෙනවා. ඒ 2022 දී දියත් කරන ලද Korean lunar satellite චන්ද්‍රිකාව සතු ShadowCam කැමරා පද්ධතියයි. ඉන් ලබා ගැත් මුල් ම ඡායාරූප මඟින් අසල්වැසි උපග්‍රහයාගේ මෙතෙක් කලකට නො දුටු දසුන් සමීප කරගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

ShadowCam පද්ධතිය අනෙකුත් යානා සතු චන්ද්‍ර කැමරාවලට වඩා 200 ගුණයක් ආලෝක සංවේදීයි. එය සිය ඡායාරූප ලබා ගැනීම සඳහා භාවිත කරන්නේ earthshine හෙවත් ‘පෘථිවි කාන්තියයි’. එනම් පෘථිවිය හිරුගේ රෂ්මිය පරාවර්තනය කරමින් ඇති කරන ආලෝකයයි. එසේ ම චන්ද්‍රයා මතු පිට ම කඳු වැටි ආශ්‍රිත ව පරාවර්තනය වන ආලෝකය ද එය යම් පමණකින් උපයෝගී කරගන්නවා.

කෙසේ නමුත් දීප්තිමත් ස්ථාන ඡායාරූපගත කිරීමේ දී අධි-සංතෘප්ත (over-saturated) වීම එහි ඇති එක් දුර්වලතාවයක්. මෙයට පිළියමක් වශයෙන් දැන් සිදු වන්නේ ShadowCam මඟින් ලබාගත් ඡායාරූපවල ඇති අධි-සංතෘප්ත කලාප වෙනත් කැමරා මඟින් ලබාගත් ඡායාරූප සමග සම්මිශ්‍රණය කිරීමයි. ඉන් පෙර නො වූ විරූ සවිස්තරාත්මක ලක්ෂණ සහිත භූ විෂමතා කැටි කර ගැනීමට NASA විද්‍යාඥයන් සමත් වී සිටිනවා.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!