zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔසප් චක්‍රය අක්‍රමවත් ද ? එසේනම් ඔබ කියවිය යුතුමයි.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




මාසික ඔසප් වක්‍රය,

සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය දින 28 සහ යෞවන වියේ දියණියකගේ දින 21-45 දක්වා විය හැකියි. නමුත් හැම කාන්තාවකටම ක්‍රමවත් ඔසප් චක්‍රයක් නැහැ.

මෙලෙස අක්‍රමවත් වීම එතරම් ගැටළුකාරී තත්වයක් නොවුනත් එය පිළිසිඳ ගැනීමකදී ගැටළුකාරී තත්වයක් බවට පත්වීමට පුළුවන්.

අක්‍රමවත් වීමට හේතු,

අක්‍රමවත් ඔසප් චක්‍රයකට හේතු වන්නේ පොලිප්ස් හා ෆයිබ්‍රොයිඩ් තත්වය ගර්භාෂය ආශ්‍රිත පද්ධතිය තුළ ඇතිවීම හා සමහර හෝර්මෝන වල සමබරතාවය නැතිවීම පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රොම් තත්වය යි.

දියවැඩියාව හෝ වෙනත් රෝගාබාධත් මෙයට හේතු වෙන්න පුලුවන්.

ගැටලු,අවාසි


අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවිට එය ගැබ් ගැනීමකට බලපානවා. ඩිම්බ නිෂ්පාදනය වීම ගැබ් ගැනීමක මූලික ක්‍රියාවලියක් නිසා, නිසි කළ මෙම ක්‍රියාවලිය සිදුනොවුණොත් ගැබ් ගැනීමක් සිදුවෙන්නේ නැහැ.

ගැබ් ගැනීමක් අපේක්ෂා කිරීමට පෙර අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් සාපල්‍යතා විශේෂඥයෙකු හමුවී අක්‍රමවත් ඔසප් චක්‍රයට හේතු දැනගැනීම වැදගත්. ගැටලුව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර සිදුකළ හැකි වෙනවා.

කාන්තාවකට අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇත්නම් ප්‍රතිකාර වලට අමතරව කළහැකි දේවල් ලෙස ඔබේ BMI දර්ශකය ගැන දැනුවත් වීම, ආහාර පාලනය වැනි දේ තිබෙනවා.

එහෙත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් ඉක්මනින් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම වැදගත්.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!