zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඉවත් කිරීමට සැලසුම් කළ අජටාකාශ කුණුගොඩ තවත් කුණුගොඩක හැපෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 දියත් කළ 1957 සිට මේ දක්වා අඛණ්ඩ ව ම නොයෙකුත් දෑ අභ්‍යවකාශය වෙත යැවෙනවා. මේ හේතුවෙන් එහි එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණයත් එන්න එන්න ම වැඩි වනවා. සෑම චන්ද්‍රිකාවක් ම, අභ්‍යවකාශ මෙහෙයුමක් ම දියත් කිරීමේ දී රොකට්ටුවේ කොටස් හෝ තීන්ත කැබලි නො වරදවා ම ඊට එක් වනවා. මේ වන විට අජටාකාශයේ ඇති සෙන්ටිමීටරයකට වඩා පළලැති මෙවැනි කසල ප්‍රමාණය මිලියනය ඉක්මවනවා. ඊටත් කුඩා මිලිමීටර පරිමාණයේ කසල කැබැලි මිලියන 130ක් පමණ පවතින බව උපකල්පනය කෙරෙනවා. මේවා සමග ගැටීම් වළක්වාගැනීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මෙන් ම අනෙකුත් නියමු මෙහෙයුම්වලට නිතිපතා සිය කක්ෂයන් වෙනස් කරන්නට සිදු වනවා. මෙලෙස අභ්‍යවකාශයේ සැරිසරන කුණු ගොඩවල් වැඩිවත් ම දැනට භාවිතයට ගත හැකි කක්ෂ අත්හැර දැමීමටත් සිදු වනු ඇති. එවැනි වාතාවරණයක් යටතේ අභ්‍යවකාශ අනතුරුවල ද ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකියි.

අභ්‍යවකාශය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක වැදගත්කම ඉස්මතු වන්නේ මේ සියල්ල සලකා බලනවිටයි. යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ClearSpace නම් පෞද්ගලික අංශයේ සමාගමක් එක් ව සිදු කරන්නට නියමිත ClearSpace වැඩසටහන එවැන්නක්. එහි අරමුණ වී තිබෙන්නේ කක්ෂගත ව ඇති හානිදායක කසල කොටස් අල්ලා කක්ෂයෙන් පිටතට ඉවත් කර දැමීමයි.

ESA සැලසම් කර තිබෙන පරිදි ClearSpace හි මුල් ම චන්ද්‍රිකාව දියත් කෙරෙන්නේ 2026 වසරේ දී යි. 2013 වසරේ ESA විසින් සිදු කරන ලද Vega Secondary Payload Adapter (Vespa) මඟින් එකතු වූ දළ වශයෙන් මීටර 2ක දිගකින් සහ කිලෝග්‍රෑම් 100ක බරකින් යුතු කසල කොටසක් එමඟින් ඉවත් කර අත් හදා බැලීම සඳහා නම් කර තිබුණා. ඉන් වෙනත් චන්ද්‍රිකා සඳහා තර්ජනයක් එල්ල නො වුණත් මේ සඳහා තෝරාගැනුණේ එවැනි කසල කොටසක මෙන් විශාලත්වයකින් සහ බරින් සමන්විත වීම හේතුවෙන්.

කෙසේ නමුත් මෙතෙක් කල් තනි කොටසක් ලෙස පැවතුණත් ඇමරිකාවේ 18 වැනි අභ්‍යවකාශ ආරක්ෂණ බලඝනය (18th Space Defense Squadron) විසින් සිදු කරන ලද නවතම නිරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඒ අවට තවත් වස්තූන් ගණනාවක් දක්නට ලැබෙන බවයි.

මින් පෙර හඳුනාගෙන නො තිබූ කසල කැබැලි කිහිපයක් අධික වේගයෙන් පැමිණ එහි ගැටීම එයට හේතුව විය හැකි බවයි උපකල්පනය කෙරෙන්නේ. සරල ලෙස සිදු වීමට නියමිත ව තිබූ ClearSpace මෙහෙයුමේ කාර්යභාරය මේ අනපේක්ෂිත සිදුවීමත් සමඟ සංකීර්ණත්වයකට පෙරලී තිබෙනවා.

කෙසේ නමුත් ClearSpace කණ්ඩායම මෙය සිය මෙහෙයුම අනතුරේ දමන තරමේ භයානක තත්ත්වයක් ලෙස නො දකින බවයි Space.com වාර්තා කරන්නේ. 2026 දී සිදු වීමට නියමිත ClearSpace මෙහෙයුමේ වැඩකටයුතු යථා පරිදි ඉදිරියට ගලාගෙන යනවා

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!