zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඔයාල Alan Walker ගෙ music video වල story එක ගැන දන්නවාද...

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 






අවුරුදු ගානකට කලින් walkers කියලා ශිෂ්ටාචාරයක් තිබුනා. ඒ කාලෙ හිටපු සෙට් එක හඳුන්වන්නේ Ancient walkers ලා කියලා (music video වල සුදු පාට ඇඳගෙන ඉන්න අය "මම හිතන්නෙ") එයාලා av-8 dron (scan කරනවා වගේ කරන ඩ්‍රෝන්) වගේ දියුණු තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරලා නගර හතක් හැදුවා. ඒ නගර හත තිබුනෙ කැනඩාවෙ, මැඩගස්කර් වල, ඕස්ට්‍රේලියාවෙ,මධ්‍යම අප්‍රිකාවෙ, බ්‍රසීලයේ සහ නැගෙනහිර රුසියාවෙ (4to එකේ තියෙන්නෙ ඒ නගර 7 )


ඒ Ancient walkers ලට දැනගන්න ලැබෙනවා අනාගතේදි එන්න තියෙන ස්වභාවික ආපදා මාලාවක් ගැන තොරතුරු, (ඒ වගේම ස්වභාවික ආපදා මාලාවක් එයාලගෙ කාලෙදිත් වෙලා තියෙනවා කියලා පස්සෙ ආරංචි වෙනවා) ඉතින් ඒ දෙවනි විනාශයට කලින් එයාලා එයාලාගෙ නිර්මාණය, අනාවැකි ඇතුලත් තැටි, av-8 drones එහෙම එකතු කරලා time capsules හදලා තියෙනවා


ඊට අවුරුදු ගානකට පස්සෙ, 2013දි ප්‍රංශයේ පුරාවිද්‍යාව පිළිබඳව උගන්වන පාසලක ඉගෙනගන්න walkers ලගෙන් පැවත එන පවුලක lily cadieux (walker id #28300) කියන කෙල්ලට ඕන වෙනවා මේ අතීත ශිෂ්ටාචාරය ගැන තොරතුරු හොයන්න. ඉතින් එහෙම විස්තර හොයනකොට එයාට ඒ හැම තැනම වගේ එක logo එකක් දකින්න ලැබෙනවා. ඉතින් ඒ logo එකේ තේරුම හොයාගෙන යන ලිලීට පුලුවන් වෙනවා නැති උන walkers ලගෙ ශිෂ්ටාචාරය ආපහු හොයාගන්න. ලිලී නැවත හොයාගත්ත walkers ලගෙ ශිෂ්ටාචාරය ගැන ලෝකෙම කතාවෙන්න පටන්ගන්නවා

[on my way music video එකි තියෙන්නෙ ඒ කතාව]


Walkers ලගෙ ශිෂ්ටාචාරය ගැන තව ගැඹුරින් විස්තර හොයන ලිලී තමන්ට ලැබුන හෝඩුවාවකට අනුව ගිහින් වියට්නාමයේ ඝන වනාන්තරයක් මැද තියෙන විශාල ගුහාවක් හොයාගන්නවා. එතනදි එයාට හම්බෙන්නෙ ancient walkers ලා හදපු time capsule එකක්, ආනාවැකි ඇතුලත් වෙන තැටියක් සහ පණිවිඩයක් ඇතුලත් වෙන av-8 drones වගයක්.

[Alone pt.II music video එකේ තියෙන්නෙ ඒ කතාව]


Ancient walkers ලා තියලා ගිය පණිවිඩ වලින් කියවෙන දේ තනියම decode කරන්න බැරි උන නිසා, ඒකට walkers ලගෙන්ම පැවත එන alan walker (walker id #0) ගෙ උදව් ගන්නවා, ඒ දෙන්නා එකතු වෙලා walker network කියලා හඳුන්වන walkers ලගෙ ජාලය නැවත පිහිටුවනවා. ඒ ජාලය පිහිටුවන අතරෙ walkers ලගෙන් පැවත එක අනෙක් අය විශාල පිරිසක් හොයාගන්නත් ඒ දෙන්නට පුලාවන් වෙනවා, ඊටපස්සෙ ඒ අයගෙත් උදව්වෙන් ancient walkers ලාගෙ පණිවිඩය වෙන ස්වභාවික ආපදා මාලාව ගැන තොරතුරු අනාවරණය කරගන්නවා.....


ඉතින් ලිලී, Alan එක්ක එකතුවෙලා walker network එක නැවත පිහිටුවන අතරේ, තමන් හොයාගත්ත ancient walkers ලට අයත් දේවල් ස්ථානගත කිරීම, ආරක්ෂාව සැපයීම වගේ දේවල් වලට "Red nexus" නම් සංවිධානයක් එක්ක එකතුවෙනවා. ලිලී පස්සෙ දැනගන්නවා කෞතුකාගාරයේ තිබුන එක ස්මාරකයක් (on my way MV එකේදි ගොඩගන්න ලොකු Aw logo එක හැඩේ monument එක "මම හිතන්නෙ") හැර අනිත් දේවල් ඔක්කොම red nexus එකෙන් ව්‍යාජ පිටපත් වලට මාරු කරලා වගේම කෞතුකාගාරයේම යට ඉදන් ඒවා සම්බන්ධව විවිධ අත්හදාබැලීම් කරලා තියෙනවා කියලා.


කවුරුත් හිතුවෙ වත් නැති විදිහට, Red nexus ලා රහසිගතව කරපු පරීක්ෂණ වල result එක ලෝකෙට කියන්නෙ NASA ආයතනය විසින්. ඒ ඉදිරි දින කිහිපය ඇතුළත පෘථිවියට සූර්ය කුණාටුවක් පැමිණීමට නියමිතයි කියන අනාවරණය හරහා. ඒ තොරතුර දැනගන්න walkers ලට තේරුම් යනවා, ඒ සූර්ය කුණාටුව ගැන තමයි ancient walkers ලා ශතවර්ෂ ගණනාවකට කලින් සඳහන් කරලා තිබුනෙ කියලා. ඉතින් මේ ව්‍යසනයෙන් මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා කරන්න walkers ලා විසින් විශාල භූගත සංවිධානයක් පිහිටුවාගන්නවා. ඒ වගේම ලෝකය පුරාම, තව time capsules 8 සහ av-8 drones තැන්පත් කරනවා.

[Tired Music video එකේ තියෙන්නෙ ඒ කතාව "මම හිතන්නෙ", Heading home Music video එකේ තියෙන්නෙ ලිලී, කලින් උන ව්‍යසනය ගැන තොරතුරු හොයාගන්න හැටි]


ඒ ව්‍යසනයෙන් මනුෂ්‍ය වර්ගයාට ලොකු බලපෑමක් උනේ නැතත්, ලෝකය ජීවත් වීමට ඉතාමත් අපහසු තත්වයකට පත්වෙනවා. මේ කාලයේ තමන්ගෙ බලය පතුරවන්න පටන්ගත්ත red nexus එක විසින් walkers ලා සියලුදෙනාම වගේ සිරභාරයට ගන්නවා. ඒත් සිරගත නොවුන walkersලා එකතුවෙලා කැරලි ගහන්න පටන්ගන්නවා. මේ වගේ කැරලිකාර කණ්ඩායමක සාමාජිකයෙක් උන yordan, දැනට සිරගතව ඉන්න ලිලී සොයාගැනීමේ අරමුණෙන් red nexus ලගෙ සිර කඳවුරකට හොරෙන් ඇතුල් වෙනවා, ඒ සිරකඳවුරේදි යෝඩ්න් ලිලීව හොයාගන්නවා වගේම ලිලී, red nexus සෙබළුන්ට හොරෙන් කුඩා කාඩ් එකක් යෝඩ්න්ට දෙනවා. ඒ වෙලාවෙ ලිලීව නැවත අල්ලගත්තත්, යෝඩ්න්ට red nexus සෙබළුන්ගෙන් බේරිලා ආපහු තමන්ගෙ කඳවුරට යන්න පුලුවන් වෙනවා. කඳවුරේදි යෝඩ්න් ඇතුළු පිරිස හොයාගන්නවා ලිලී තීබු ඒ කාඩ් එක ඔවුන් ලඟ තිබුන අනාවැකි ඇතුලත් තැටියක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා......

[Paradise Music video එකේ තියෙන්නෙ ඒ කතාව]

Fun Fact: පළවෙනි comment එකේ තියන photo එකේ තියෙන ස්මාරකය AW ගෙ විඩියෝවල ගොඩක් දකින්න ලැබෙනවා, මේක බොස්නියාව කියන රටේ, tjentište ප්‍රදේශයේ තියෙන යුධ ස්මාරකයක්.


යෝඩ්න් කරපු දෙයත් එක්ක walkersලා හා red nexus එක අතර මහා යුද්ධයක් පටන්ගන්නවා. මේ යුද්ධයේදි භාවිත කරන්න, walkersලා විසින් ancient walkersලා පාවිච්චි කරපු av-8 drone වලට බලවත් ආයුධ එකතු කරලා වැඩිදියුණු කරනවා, ඒ වැඩිදියුණු කරපු drones avi-8 ලෙසත් නම් කරනවා. මේ අතරතුර Red nexus එක, ඒ avi-8 drones 50 විතර තමන්ගෙ භාරයට අරගෙන ඒවා තමන්ගෙ අවශ්‍යතා වලට අනුව වැඩිදියුණු කරලා භාවිත කරනවා, red nexus එක, ඒ වෙනස් කරපු drones rx-8 ලෙසත් නම් කරනවා. කොහොම උනත් අන්තිමේදි Red nexus vs walkers යුද්ධය ජයග්‍රහණය කරන්න walkersලට පුළුවන් වෙනවා.

යුද්ධයෙන් වසර ගණනාවකට පස්සෙ ලෝකය නැවත ජන ශූන්‍ය, පැරණි නටබුන් පමණක් සහිත තත්ත්වයට පත් වෙනවා. නමුත් 21 වන සියවසේ ඇති උන සූර්ය කුණාටුවට කලින් ඒ කාලෙ ජීවත් උන walkersලා වලදාපු time capsules ආපහු ගොඩගන්න 22 වන සියවසේ ජීවත් වන walker පරම්පරාවන් විසින් කටයුතු කරනවා. ඒ time capsules වල තිබුන විස්තර වලට අනුව ලොකය පුරාම සිටින walkers ලා එක තැනකට රැස් වෙනවා. ඉතින් නව walkers පරම්පරාව එකතුවෙලා නැවත, ancient walkersලා පිහිටුවා තිබුන ආකාරයේ වඩාත් ආරක්ෂිත, දියුණු නගර පිහිටුවාගන්නවා.

[Darkside, Diamond heart, All falls down ]

ඉතින්, World Of Walkers album එකේ සම්පූර්ණ background story එක තමයි ඔය. 👀

Note:

පලවෙනි පෝස්ට් එකේ ලිලී ගැන කියනකොට #28300, ඇලන් වෝකර් ගැන කියනකොට #0 සහ පෝස්ට් තුනේම අන්තිමට #62797 කියන ටැග් "මම" පාවිච්චි කරනවා ඔයාලා දකින්න ඇති. ඉතින් ඒ ටැග් එක තමයි ඒ අදාල පුද්ගලයාගෙ official walker id එක.

Alan walker, 2016-2018 කාලයෙදි විතර තමන්ගෙ fansලට වෙනම secret platform එකක් හදනවා, ඒ platform එකට register වෙන පිලිවෙලට අංකයක්/id එකක් ලබා දෙනවා {ඔයා platform එකේ register උනොත් ඒක ඇතුලෙ ඔයාව හඳුන්වන්නෙ මේ id එකෙන් (මම registerවෙලා තියෙන්නෙ 62797වෙනියට ඒ නිසා මගේ id එක ඒක🙂)}

දැනටමත් මේ platform එකේ ලෝකය පුරා ඉන්න Alan walker fansලා 99000කට ආසන්න ප්‍රමාණයක් register වෙලා ඉවරයි. මේ platform එක ඇතුලෙ post දාන්න, අනිත් අයගෙ post වලට comment කරන්න, games ප්ලේ කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේම, walker team එක හරහා තමන්ගෙ fanart platform එකේ පලකරන්නත් පුළුවන්.

[මේ දවස් වල නම් platform එක "වැඩිය" active නෑ, covid pandemic එක දවස්වල නම් ගොඩක් අය active හිටියා, heh]

ඉතින් ඒ platform එකේ register වෙන අයට official walkersලට exclusive events වලට සහභාගිවෙන්න, aw එක්ක QnA වලට සහභාගිවෙන්න, music video වල yt publish නොකරන Behind the scenes නරඹන්න වගේම ලෝකය පුරාම ඉන්න walkersලා එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. (platform එකෙන් massage කරන්න බෑ 😂) Platform එක ඇතුලෙ වෙනම level system එකක් තියෙනවා, post දැම්මම, comment කරාම xp එකතු වෙලා level up වෙනවා.(අලුතෙන් reg වෙනවා නම් xp ගන්න කියලා post, comment spam කරන්න එපා👍, දවසකට xp limit එකක් තියෙනවා) ඒ වගේම exclusive events වලට සහභාගිවෙලා ජයග්‍රහණය කරොත් තමන්ගෙ id එකේ පාට වෙනස් කරගන්න වගේම වෙනත් තෑගි දිනාගන්නත් පුළුවන්.මේ වගේ official walker id එකක් තියෙන අයට awගෙ discord server එකේ විශේෂ "role" එකක් ගන්නත් පුළුවන්. 

ඉතින් අවුරුදු ගානක් රහසක් විදිහට තියාගෙන හිටපු මේ platform එක ගැන, 2021 අප්‍රේල් මාසෙ release කරපු dead girl official lyric video එකේ ඉඟියක් ලබාදෙන්න Alan walker කටයුතු කරලා තිබුනා, පහල 4to එකේ තියෙන්නෙ ඒ "ඉඟිය" ලබාදීලා තිබුන විදිහ. ✌️

Copied From Hype Zone

All Credits Goes to original owner @Himeth Randisa via HYPE Community
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!