zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Demon Core | පරමාණු බෝම්බ ප්‍රහාරයේ ශාප

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



1945 දී ජපානයට එල්ලවූ න්‍යෂ්ටික ප්‍රහාර 2 න් පසුව ඔවුන් කොන්දේසි විරහිතව යටත් වෙනව. නමුත් ජපානයට යටත් නොවුවහොත් 3 වැනි න්‍යෂ්ටික බෝම්බය භාවිතා කිරීමට ඇමරිකාව ලහි ලහියේ සූදානම් වී තිබුනා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි න්‍යෂ්ටික අවියෙ න්‍යෂ්ටික විකන්ඩන ප්‍රතික්‍රියාව සදහා කිලෝ 6 පමන බර ප්ලූටෝනියම් හරයක් නිපදවෙන්නෙ. නමුත් ජපානය යටත් වීමෙන් පසු මෙම ප්ලූටෝනියම් හරයට කුමක් කරන්දෝදැයි දෙගඩියාවක් හට ගත්ත. මේ කාලෙයෙ න්‍යෂ්ටික විකන්ඩනය ගැන අද වගෙ ලොකු දැනුමක් තිබුනෙත් නැති හින්ද න්‍යෂ්ටික විකන්ඩන ප්‍රතික්‍රියා අත්හදා බලන්න ඒක නිර්මානය කරපු ලොස් ඇලමෝස් විද්‍යාගාරයේ පරීක්ෂකයන් උනන්දු උනා. මෙහිදී ඔවුන් මෙම ප්ලූටෝනියම් හරය ස්වයං සිද්ද න්‍යෂ්ටික විකන්ඩන දාම ප්‍රතික්‍රියාවක් සිද්ද වෙන තත්ත්වයට ආසන්නයට ගෙන ඒම(supercritical) සිද්ධ කලා. න්‍යෂ්ටික බෝම්බයකදී නම් මෙම තත්ත්වයටත් එහා ගිය(prompt critical) අවස්ථාව ලගාකර ගැනීමට සාමාන්‍යයෙන් ප්ලූටෝනියම් හරය බාහිර බලයක් මගින් තෙරපීම සිද්ද කලා. මෙම පරීක්ෂණ වලදී නියුට්‍රෝන පරාවර්තනය කරන ටන්ග්ස්ටන් කාබයිඩ් ගඩොල් භාවිත කරමින් නියුට්‍රෝන න්‍යෂ්ටික විකන්ඩන සදහා යොමුකෙරුනා.මෙම කර්තව්‍යය ඉතා අවදානම් කටයුත්තක් උනා. මක්නිසාදයත් ප්ලූටෝනියම් හරය මෙම ගඩොල් වලින් වැඩිපුර ආවරණය වුවහොත් එය supercritical තත්ත්වයට ලගාවී ඉතා අදික විකිරණ ප්‍රමාණයක් මුදා හැරීමට ඉඩ ඇති නිසාය. මෙම අවදානම ඔවුන් දැනගෙන සිටි අතර මෙම පරීක්ෂණ ඔවුන් හැදින්නුවෙ මකරෙකුගේ වලිගය කිතිකැවීම ලෙසයි. එනම් කොයි මොහොතක හෝ මකරාගෙ ගින්නෙන් දැවීයා හැකිබවයි. නමුත් මෙම කාලයෙ පරිස්සමට දෙවැනි තැන ලැබුනා. ඒ ඉතා අඩු කාලයක් තුල න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමෙ අරමුන නිසායි. එමෙන්ම මේ විද්‍යාගාර තුල සේවය කල බෝහෝ පිරිස් විශ්ව විද්‍යාලවලින් පිටවූ විගස රැකියාවට බැදුනු තරුන වයසේ පසු අය වූවා. ඔවුන් මෙම අවදානම් කාර්‍යයන් කිරීමට ඉතා උනන්දුවත් දැක්වූවා. මෙසේ එම අවදානම් කාර්‍ය බාරගත් 24 හැවිරිදි හැරී ඩග්ලියන් ටන්ග්ස්ටන් කාබයිඩ් ගඩොල් එක මත එක තබමින් තම පරීශනය කරගෙන ගියා. ඔහුගෙ උපකරණ වලට අනුව හරය supercritical මට්ටම ලගාවෙමින් න්‍යෂ්ටික විකන්ඩන ප්‍රතික්‍රියා ස්වයං සිද්ධව සිදුවන මට්ටමට පැමිනෙමින් තිබුනා
ආරශිතව පරීක්ෂණය කල හැකී මට්ටමේ උපරිම සීමාව දක්වා පැමින ඇතිබව විද්‍යාගාරයෙ තිබූ උපකරණ වල සටහන් වීමෙන් පසු නැවතත් ගඩොල් ටික ඉවත් කිරීමට ඔහු සැරසුනා. අවාසනාවක මහත!!! උඩින්ම තිබූ ගඩොලක් ඉවත්ව කිරිමට සැරෙසෙන විටම ඔහුගෙ අතින් එය ගිලිහී ප්ලූටෝනියම් හරය මත පතිත උනා. ක්ශනයකින් ක්‍රියාත්මක වූ ඔහු වහාම එය රැගෙන විසිකර දැම්මා. නමුත් ඒ වෙනකොටත් මකරගෙ ගිනිදැල් ඔහු වෙලාගෙන අවසන් වී තිබුනා. ඔහුගෙ ශරීරයෙ DNA විනාශ කරමින් අදික විකිරණ ඔහුගෙ ශරීරය විනිවිද ගොස් තිබුනා. දින 25 තිස්සෙ අදික වේදනා විද ඔහු ජීවිතයෙන් සමුගත්තා.
ඊට මාස කිහිපයකට පසු එම හරය බිකිනි දූපතේ න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට රැගෙන යාමට තීරණය වී තිබුනා. එය රැගෙන යාමට පෙර තවත් වරක් පරීක්ෂණ කිරීමට විද්‍යගාරයේ සේවය කල විද්‍යාඥයන් උත්සුක උනා. කලින් වතාවෙ සිදුවූ විනාශය ගැන නොතැකූ ඔවුන් නැවතත් මකරාගෙ වලිගය කිති කැවීම සදහා සූදානම් වූවා. ඒ සදහා කැනේඩියානු ජාතික භෞතික විද්‍යාඥයකු වූ ලුයිස් ස්ලොටින් ඇතුලු පිරිසක් එකවෙනව. ඔහු තමයි ලොව පලමු න්‍යෂ්ටික බෝම්බය වන ට්‍රිනිටිහි හරය එකලස් කරෙ. ඇමරිකාවෙ හිටිය න්‍යෂ්ටික බෝම්බයක් එකලස් කරන්න පුලුවන් අතලොස්සක් අතරින් එක්කෙනක් තමා ලුයිස් ස්ලොටින් කියන්නෙ. මේපාර ඔවුන් ප්ලූටෝනියම් හරය supercritical මට්ටමට ගේන්න හදන්නෙ බෙරලියම් අර්ධ ගෝල දෙකක් මගින් හරය ආවරනය කරල නියුට්‍රෝන පරාවර්තනය කරල. හැබයි මේ අර්ධ ගෝල දෙක කිසිවිටෙකත් එකිනෙක සම්බන්ධ වී හරය සම්පුර්ණයෙන් වැසීයාමෙන් වැලක්විය යුතු වූවා. මන්දයත් එසේ නොවුනහොත් සියලු නියුට්‍රෝන පරාවර්තනය වෙලා හරය supercritical වෙන නිසා. මේ අර්ධ ගෝල දෙක එකිනෙක ස්පර්ශ වෙන එක වලක්වන්න ඔවුන් හොද උපක්‍රමයක් භාවිතා කරා කියල ඔබ හිතනව ඇති. නැහැ ඒකට ලුයිස් මහත්තය පාවිච්චි කලෙ ඇන තද කරන්න ගන්න ඉස්කුරුප්පුවක් නියනක්. ඉස්කුරුප්පු නියන මේ අර්ධ ගෝල දෙක අතර හිර වෙන්න තියල ඒ හරහා එන කුඩා ඉඩ ප්‍රමානය තුලින් නියුට්‍රෝන පිටතට යාමට දීමෙන් හරය supercritical වෙන්න නැතුව තියා ගන්න ලුයිස් මහත්තය ලොකු දක්සකමක් දැක්වූවා. ඔහු ඒ ගැන උදම් ඇනුවා. හරියටම පලමු අනතුරු සිද්ධවෙලා මාස 9 කට පස්සෙ දිනයක මේ පරීක්ෂණ ඔහු ඇතුලු කිහිප දෙනෙක් එකතුවෙල කරන්න පටන් ගත්තා. අවාසනාව නැවතත් ලොස් ඇලමොස් කරා පැමිනියා. ඉස්කුරුප්පුව ලිස්සල අර්ධගෝල දෙක එකතු වුනා. නිල් ආලොකයක් සමග උනුසුමක් කාමරය තුල පැතිරගියා. වහාම ක්‍රියාත්මක වුනු ස්ලොටින් එක අර්ධගෝලය අරන් බිම දැම්ම. එවෙනකොටත් මිනිසෙකුට මාරාන්තික විකිරණ ප්‍රාමානය වගෙ 4 ගුනයක් ඔහුගෙ ශරීරය හරහා ගොස් තිබුනා. ඔහුගෙ දිවෙන් ලෝහ රසයක් දැනුනු අතර බෙරලියම් පියන ඉවත් කල අත පිච්චෙන ස්වාභාවයක් දැනුනා. ප්ලූටෝනියම් 
සම්බන්ධ හසල දැනුමක් තිබූ ඔහුට සිදුවූ දේ අමුතුවෙන් වටහා දීමට ඕන උනේ නෑ. තත්පර ගනනක් තුල තමන් මල මිනිසෙකු බවට පත්වූ බව ඔහු දැනගත්තා. Well that does it කියල ඔහුගෙ කටින් කියවුනේ ඒ නිසයි. ඔහු පමනක් නොව කාමරයේ සිටි අනිත් විද්‍යාඥයන්ටද විකිරණවල බලපෑම අඩුවැඩි වශයෙන් ලැබුනා. දින 9 ක් ශරීරය අභ්‍යන්තරය පිලිස්සෙමින් අධික වේදනා විද ජීවිතයෙන් සමුගන්නට ලුවිස් ස්ලොටින්ට සිද්ධඋනා. එමෙන්ම කාමරයෙ සිටි අනෙක් පුද්ගලයන් කිහිප දෙනෙකුටද විකිරණ සම්බන්ධ රෝගනිසා අකාලයේ ජීවිතයෙන් සමුගන්න සිද්ද උනා. අන්තිමට මේ මේ ප්ලූටෝනියම් හරයෙ ශාපයෙන් බේරෙන්න ඒක උනුකල්ල වෙනත් ප්ලූටෝනියම් හරයන් හදන්න පාවිච්චි කරා කියල තමා කියන්නෙ. ජපන්නුන්ට පහර දෙන්න හදපු අවිය ඒක හදන්න දායක උන අයවම බිලිගත්තෙ ඔන්න ඔය විදියට.


from Science Lab https://ift.tt/XsOIJGt
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!