zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ගණිකාවක් වුවද ඇයත් මවකි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 අනේ අයියේ පපුව උරවන්න එපා !


මොකද්ද ඔයා කියන්නේ ?


අනේ අයියේ කෑ ගහන්න එපා වදින්නම්


මට වදින්න එන්න එපා ඔයා. නිමල් අයියා කිව්වේ ෆුල් ඔප්ශන් කියලා. පන්දාහක් අරන් දුන්නේ තමුසෙව මට.


අනේ අයියේ මාව මරන් කෑවත් කමක් නෑ පපුව උරවන්නේ නැතුව


ඇයි ඔය දෙක එල්ලුනාම බිස්නස් බහී කියලා බයයිද? 


අනේ නෑ අයියේ 


නෑ නෑ ගාන්න එන්න එපා, උබව පන්දාහක්ම දීලා ගත්තේ බලන් ඉන්න නෙමෙයිනේ. උබට බැයිනම් කියපං මන් නිමල්ට කියලා වෙන එකියක්ව ගන්නම්


අනේ අයියේ පපුවේ කිරි, පුතාට මාස පහයි. අයියට ඕනේමනම් එක පැත්තක් උරවන්න. නිමල් අයියට කියන්න එපා අපේ මිනිහට කියයි, අපේ මිනිහා මාව බාගෙට මරයි.


"නූල් පොටක්වත් ඇගේ නැති, හැඩති පිරිපුන් පියයුරු ඇති, නාරි දේහයෙන් පිරිමියෙකුගේ හැගීම් පිනවන උපරිමයේ සිටි ඇය ඉදිරිපිට  මහා පුරුෂ ශක්තිය තප්පර ගානක් යන්නත් කලින් කඩා වැටිනි" 


උන් හිටි තැන් අමතක උනු මං නැගිට්ටේ මං ගැනම ඇති උනු මහා කලකිරීමත් එක්කමයි. 


මං ෂර්ට් එක ඇඳ ගන්න හදනකොටම "අනේ මගෙ අයියේ යන්න එපා, වදින්නම්" කියලා කකුලේ එල්ලුනා.


අනේ අයියේ ඔයාට ඕනෙමනම් ඕනමදේ විතරක්  කරන්න. නිමල් අයියට කියන්න එපා. අපේ මිනිහට කිව්වොත් මාව මරයි


මං කියන්නේ නෑ, දැන් මට ඔයාව ඕනේ නෑ


අනේ අයියේ යන්න එපා, උරවන්න එපා කිව්වේ පොඩි එකා මං ගෙදර යනකන් බඩගින්නේ.උදේ පොවන කිරිටික ඇරුනම ආයෙ කිරිදෙන්නවෙන්නෙ රෑට.සමහරදාට ඒකත් නෑ.කිරි ටිකත් නැතුව මට යන්න බෑ පුතා ගාවට


"අතට ගත්ත ෂර්ට් එක ඇඳ ගන්න පන නැතුව මං ඇද උඩ වාඩි උනේ වචනයක්වත් කතා කරගන්න බැරුව"


"අනේ යන්න එපා යැයි ඇගේ ආයචනය උනා"


මිනිහාද ගෙනත් දාන්නේ?


ඔව් මහත්තයා ගෙනත් දාන්නේ, හවසට ත්‍රීවීල් එකක නිමල් අයියා මාව ගෙදර යවනවා


ඇයි උබව මෙහෙම එවන්නේ උබේ මිනිහා?


මහත්තයා කුඩු ගහනවා, ඒවට සල්ලි හොයාගන්නේ මාව විකුණලා


"විනාඩි ගානක් කල්පනා ලෝකෙක තනිවුනා මං"


ඌ එලියෙ ඉන්නවද? 


නෑ එයා හවසට එනවා, එහෙම නැති උනොත් නිමල් අයියා ත්‍රීවීල් එකක යවනවා ගෙදරට


තමුන්ගෙ ගෙවල් වලින් දන්නවද මේවා?


නෑ මං පැනලා ආවේ අයියා එක්ක. ගෙදරින් කැමති උනේ නෑ අයියට. අපේ ගෙදරින් එක්කන් යන්න හොයන් ආවා මාව. ඒත් එතකොට අපි බැදලා. ඒයාලා ගියා "අපි මලා කියලා හිතා ගනින්" කියලා.


මං කියනවට ගෙදර යනවකෝ ළමයත් අරන්


එහෙම යන්න මාව ආයේ ගන්නේ නෑ අම්මලා, මං ඒ පරම්පරාවෙම නම්බුව කාපු කාලකන්නියෙක්


ඒත් පුලුවන් නම් යන්න


එහෙම යන්න බෑ අයියේ. මගේ අයියා නැතුව මට ජීවත් වෙන්න බෑ 


උබව මිනිස්සුට විකුණලා කුඩු ගහන වේසිගේ පුතාට උබ ආදරෙයි ?? පිස්සුද ගෑනියේ උබට ?


මට ඕනේ මගේ අයියව හදා ගන්න. එයාට ඒක නවත්ත ගන්න බෑ, මැරෙන්න ගියා හත් අට පාරක්. රෑට මට නින්ද ගියාම මගේ ඔලුව අත ගගා අඩනවා. 


"මොනවා කියන්නද නොකියන්නද කියලා හිතා ගන්න බැරුව මං ගල් ගැහිලා අහගෙන හිටියා" 


අයියේ මාව දැං ගන්න, මගේ ප්‍රශ්න ඔයාට වැඩක් නෑනේ. ඔයා සල්ලී දීලා මාව ගත්තේ ඇද උඩ කතන්දර අහන්න නෙමෙයිනේ.


මට උබව එපා බං.ආයෙ ජීවිතේටම ඒ ආසාව නැතිවෙයි


අනේ අයියේ එහෙම කරන්න එපා. ඔයා ගිහින් මේ ටික නිමල් අයියට කිව්වහම මට පිස්සු හැදෙයි. දවසකුත් මේ දේ හින්දම නිමල් ගැහුවා මට ඇදගෙන වැටෙන්න


නෑ නෑ මං ඕවා කියන්නේ නෑ. මට හිතක් නෑ දැං. උබ ඇද ගනින්. 


අයියේ ඔයාගේ දවස මං කෑවා නේද? අනේ මට සමාවෙන්න මගෙ රත්තරන් අයියෙ.. 'ඒකි මගේ කකුල් දෙක ලග වැදවැටිලා'


පිස්සුද බං, පුලුවන් නම් ජීවිතේ හදා ගනින් ළමයත් එක්ක කොහේ හරි ගිහින් ඔය මිනිහත් එක්ක ඉන්නේ නැතුව


එහෙම කරන්න බෑ අයියේ මට ඒ මිනිහා නැතුව ඉන්න බෑ


හ්ම්ම් පුදුම කරුම බං මේවා, උබලගේ කැමැත්තක්.


"දොරට තඩිබාන සද්දෙත් එක්ක නිමලා කෑගැහුවේ 'මහත්තයා ඉවරයිනම් එන්න, තව කස්ටමර්ස්ලා දෙන්නෙක් ඇවිත් ඉන්නේ' යැයි කියමින්" 


මං එලියට ආවේ දහසක් දේ හිතමින්, ඒත් මේ පාරටනම් ඒකිට ළමයගේ කිරි ටික රැක ගන්න බැරිවෙයි. මං එලියට එනකොට ඒකිව බීපු මිනිස්සු දෙන්නෙකුට රුපියල්  7500ට විකුණලා තිබුනා. 🥀


( උපුටාගැනීමකි)

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!