සුසෑන් පොටර් ගුරුවරියකි.සමාජ ක්‍රියාකාරිනියකි.නමුත් ඒ ඈ ජීවත්ව සිටි සමයේදීය.දැන් ඇය මියගොස්ය.නමුත් ගුරු වෘත්තියේ කෙලවර වන්නේ කවදාද..විශ්‍රාමයෙන් හෝ මරණයෙන් ඉගැන්වීමේ කාර්යය අවසන් නොවෙයි.මරණයෙන් පසුවද ඉගැන්වීමේ කාර්යය කලයුතු යැයි තීරණය කිරීමට පෙර ඇය එසේ සිතන්නට ඇත.
2000 වසරේ නව සහස්‍රකය ආරම්භ වනවිට සුසෑන් පොටර්ගේ සෞඛ්‍ය තත්වය ඇයව අන්තයටම ඇද දමා තිබිනි.එකල ඈ පියවුරු පිළිකාවකින් පීඩාවිඳිමින් සිටියාය.ඇයගේ ආයු කාලය තවත් වසරක් හෝ ඉතිරිව නැතැයි සියල්ලන්ම සිතන්නට විය.ඇයද එසේ සිතන්නට විය.තමා මියගිය පසු තම සිරුර විද්‍යාව උදෙසා පරිත්‍යාගය කිරීමේ අදහස ඇය තුල ඇතිවූයේ එකලය.නමුත් ඒ සාමාන්‍යය ක්‍රමයට වඩා වෙනස් ආකාරයකිනි.මෙකල National Geographic සඟරාවේ මූලිකත්වයෙන් "දෘශ්‍යය මානව ව්‍යාප්තිය" නමින් වෙනස්ම ආකාරයක ව්‍යාපෘතියක් ආරම්භ වී තිබිනි.මිනිසාගේ භෞතික ශරීරය ඩිජිටල් අවකාශයක ප්‍රතිනිර්මාණය කිරීම මෙහි අරමුණ විය.සුසෑන් පොටර් සිය ප්‍රාණය මුක්ත සිරුර ප්‍රදානය කිරීමට සැරසුනේ මෙයටය.
Ads Click
දෘෂ්‍ය මානව ව්‍යාප්තියේ කටයුතු ඇරඹිනි.
ප්‍රාණය මුක්ත සුසෑන්ගේ සිරුර "පොලිවයිනයිල් ඇල්කොහොල්" තවරා සෙල්සියස් අංශක සෘණ 26 (-26°C)ක උෂ්ණත්වයක් තුල වසර දෙකක් තිස්සේ මිදෙන්නට තබන ලදී.පසුව ඇයගේ මිදීගිය සිරුර ප්‍රධාන කොටස් හතරකටත්,ඒවා නැවත කෙස් ගසකටත් වඩා තුනී කොටස් 27,000කටත් සියුම් ලෙසින් කපාදැමිනි.පසුව දින 60ක් පුරාවට එසේ වෙන්කරන ලද තුනී කොටස් චායාරූප ගත කර පරිගණක තාක්ෂණය ආදාරයෙන් ඒවා නැවත පෙලගස්වා ත්‍රිමාණ කැඩෑවරයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කරන ලදී.සුසෑන්ගේ සිරුර අද ලොව ඇති විශිෂ්ටතම ඩිජිටර් කැඩෑවරයි.
මානව ශරීරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම,සාමාන්‍යය මනුශ්‍යය පෙනුමක සිට අස්ථි දක්වාම විනිවිද දැකිය හැකි අයුරෙන් සෑම ස්නායුවක්,සෑම රුධිර නාලයක්,සහ අනෙකුත් සෑම පද්ධතියක්ම පවා මනාව දැකිය හැකි අන්දමින් එය නිමවා ඇත.වර්තමානයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය සඳහා එය භාවිතා වෙයි.පහත චායාරූප තුලින් එය කෙතරම් තියුණුදැයි දැකිය හැකිය.
©සංකල්ප ගුණතිලක
Post a Comment