zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නැවතත් ලංකාවෙන් මතු වූ කළු කොටියා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 



​​ඊයේ එනම් 2022/02/24  මුළු ලංකාවේම කතා වුනු කළු කොටියා ගැන මොක ද හිතෙන්නේ 

ලංකාවේ හිටපු දුර්ලභම සත්ත්වයෙක් විදිහට තමයි කළු කොටියා හදුන්වන්නේ.කළු කොටියා කියන්නේ වෙනම කොටි විශේෂයක් නෙමේ.ලෝකය පුරා ඉන්න කොටින්ගේ  උප විශේෂ 8 ක් පවතින අතර ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යනු ඉන් එක් උප විශේෂයක් වෙනවා.ලා කහ පැහැති කළු පුල්ලි තියෙන කොටින් අතර ඉන්නවා හැමෝගේම වැඩි ආකර්ෂණයක් ගන්න කළු කොටියාත්. පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මේ කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැතිවීම හන්දා කළු පැහැති කොටි උපත ලබන්නේ. ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මේ විදිහට වර්ණ ප්‍රභේදය ඇතිවී තිබෙන බව තමයි මතය.ලංකාවේ වරින් වර කළු කොටින් වාර්තා වුනත් අන්තිම කළු කොටි සාක්ෂිය වුනේ මන්දකට අසු වෙච්චි කළු කොටියෙක්.ඒ සතාගේ සම සංරක්ෂණය කරලා ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ කළු කොටි අනුරුවක් හැදුවට පස්සේ කළු කොටින් ඉන්න එකට ප්‍රමාණවත් සාක්ෂියක් හම්බුනේ නෑ.

කලින් කිව්වා වගේ යාලේ ranger එකේ 1951 K.G.උපාරිස් මහත්තයා යාලේ උතුරු ප්‍රදේශයට වෙන්න කළු කොටියෙක් දැක්කට පස්සේ වන අඩවි නිළධාරියෙක් වෙච්චි චයිල්ඩර්ස් ජයවර්ධන උපාරිස් මහත්තයාත් මේ පළාතේම මේ විදිහටම අවුරුදු 30 කට පස්සේ කළු කොටියෙක් දැක්කා කියනවා.ඉතින් ඊට පස්සේ යාලෙන් ආයේත් කළු කොටියෙක් ගැන වාර්තාවක් ඊයේ දකින්න හම්බුනා.

ඉතින් මේ සත්ත්වයා ව සංරක්ෂණය කරලා යාමනය කරන් ගියොත් වනජීවී සංචාරක කර්මාන්තයට හා සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රය ට සුභදායී කාලයක් වෙයි කියලා හිතනවා.හැබැයි ඉතින් සාධාරණ බයක් තියෙනවා රාජ්‍ය නිළධාරින් ගේ කලින් කරපු මෝඩ වැඩත් දැක්කම. 


විඩියෝ දර්ශන

 


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!