zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Little spirit !

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

Little spirit !
August 10, 2022 by Bedmi Janesha.

කෙටි කතාවකි !
ගිම්හාන නිවාඩුවේ එක දවසක, මේබල් යි එයාගෙ අයියා ජේස් යි, එයාලගෙ අම්මයි තාත්තයි එක්ක උදේ ආහාරය අරගනිමින් යි හිටියේ. ඒත් එකපාරටම මේබල් ගෙ තාත්තා ජැක් කියපු දෙයින් මේබල් උඩ ගියා. එයාට ලොකු කණගාටුවක් වගේම ලොකු කේන්තියක් දැනුණා.ඉතිං, එයා කලේ එයාගෙ අදහස් හයියෙන් බෙරිහන් දීලා ඉදිරිපත් කරපු එක විතරයි.
" විශ්වාස කරන්නත් බෑ, තාත්තෙ ඔයාට බෑ මේක කරන්න. කොහොමද ඔයා මගෙ ස්පිරිට් ව විකුණන්නේ " ඇස් දෙක ලොකු කරන් මේබල් බෙරිහන් දුන්නා.
" මේබල් ! මේ කෑම මේසය, ඔයාට බෑ ඔහොම බෙරිහන් දෙන්න.. " මේබල් ගෙ අම්මා රයිලි මේබල් ට රවාගෙන කිව්වේ, මේබල් ව තවත් නොසන්සුන් කරමින්.
" අහ්හ් ! එහෙනම් මට මේ ජරාව එපා.. " මේබල් එයාගෙ උදේ කෑම එකට තිබ්බ සීරියල් පිගාන මේසේ උඩට හැලුවා.
" ඔයානම් මහ විකාරයක් ! ඔහොමද හැසිරෙන්නෙ අහ් ?? "
ජේස් කේන්තියෙන් ඇහුවා. ඒත් මේබල් කලේ එයාට විරිත්තන් එළියට ගියපු එක.
" ඔහොම ඉන්නවා.. මේක අස් කරලා යනවා මේබල් ! හොර කෙල්ල, තාත්තේ එයාව නවත්තන්නකෝ  " ජේස් කෑ ගැහුවා.
" එයාට ඔහොම ඉන්න දෙන්න ජේස් ! එයාට ගොඩක් දුක ඇති, එයාගෙ අශ්වයාව විකුණනවා කිව්වම "
ජැක් ඔලුව මේසේ උඩ ගහ ගන්න ගමන් කිව්වා.
" ඒත්... මේබල් !! "
" මං එක පාරක් කිව්වනේ ජේස් ! දැන් මේක ත් අස් කරලා ඔයාගෙ වැඩක් බලාගන්න "
ජැක් ගෙ තද වචන නිසා ජේස් එකපාරටම ගල් උණා. එයා රයිලි දිහා බැලුවේ ' මොනවහරි දෙයක් කරන්නකෝ 'කියන්න වගේ.ඒත් රයිලි මුකුත්ම නොකියා ඔලුව දෙපැත්තට වැනුවා. ඉතිං, ජේස් කලේ මේබල් හලපු සීරියල් ටික අස් කරලා බුම්මගෙන එයාගෙ කාමරයට ගිය එක.
" ඒ ගැන හිතන්න එපා ජැක් ! මේබල් තේරුම් ගනී ඔයා කරන්නෙ හරි දේ කියලා " රයිලි ජැක් ගෙ හිත හදන්න උත්සාහ කළා.
මේබල් ගෙ පවුල කියන්නෙ ගොඩක් හොද පවුලක් ! ඇත්තටම කිව්වොත් මේ පවුලෙන් මුරණ්ඩුම කෙනා උනෙත් මේබල්. එයා ගොඩක් නරක ළමයෙක්, හැමවෙලේම කළේ ජේස් එක්ක රණ්ඩු කරපු එක. ජැක් , රයිලි කියන එක වචනයක්වත් එයා ඇහුවේ නෑ. එයාට ඕනි උනේ තනියම ඉන්න. ඒත් එහෙමයි කියලා එයා හොද ළමයෙක් නම් උනේ නෑ. එයා ගොඩක් නරක වැඩ කළා. එකපාරක් ජේස් ගෙ පාටකූරු පෙට්ටිය වැස්සෙ තෙමෙන්න දාලා තිබ්බා, ඒ වගේම රයිලි හදපු ස්ට්‍රෝබෙරි කේක් එක හොරෙන් තනියම කෑවා. ජැක් ගෙ නිල් පාට මල් පාත්තිය පොඩි කරලා දැම්මා. එතනිත් නැවතුනේ නෑ මේබල් ! එයා එයාගෙ ගෙදර අයට වගේම ගමේ මිනිස්සුන්ට ත් කරදර කරන්න ගත්තා.  ගොඩක් අය කිව්වේ මේබල් ට පිස්සු කියලා. ඒත් ජැක් , රයිලි, ජේස් නම් කවදාවත් එහෙම හිතුවෙ නෑ. මොකද මොන දේ උනත් මේබල් කියන්නෙ එයාලගෙ පවුලෙ කෙනෙක්. ඒ වගේම ජැක් රයිලි හිතුවා එයාලා මේබල් ගැන වැඩිය හිතපු නැති එක නිසයි මෙහෙම උනේ කියලා. ඉතිං, එයාලා ඒ ගැන දුක් උනා.
ඉතිං, මේ දවස් වල තමයි ජැක් මේබල් ට එයාගෙ birthday එක දවසෙ ලස්සන අශ්ව පැටියෙක් ගෙනත් දුන්නෙ. එයා ගොඩක් ලස්සනයි. හැමදෙයක්ම එපා කියපු මේබල්, මේ අශ්ව පැටියට ආදරේ කළා. ඒ වගේම හිතාගන්නවත් බැරි විදිහට මේබල් කීකරු වෙන්න ගත්තා. හැමෝම කිව්වෙ ඒක miracle එකක් කියලා. මේබල් කියන නපුරු කෙල්ල ටික ටික හොද උණා. හැමෝම ආපහු එයාට බැන්නෙ නෑ. ඒ වගේම වෙනදට ත් වඩා හොදින් මේබල් එක්ක කතා කළා. මේ සේරම උනේ එයාගෙ අශ්වයා නිසයි. එයා ඒ අශ්වයාව කිව්වේ ' ස්පිරිට් ' කියලා.
දවසක් ජේන් ඒකට විහිලු කළා.
" ' ස්පිරිට් ' ඒක මහ මෝඩ නමක්.. අශ්වයෙක්ට ඒක ගැළපෙනවද ?? " ඔංචිල්ලාව පැද පැද හිටපු මේබල් ජේස් ට රැව්වා.
ඊටපස්සේ එයා ඇස් කරකවලා කතා කරන්න ගත්තා.
" ඔයා මොනවද අශ්වයො ගැන දන්නෙ ජේස් ! ' ස්පිරිට් ' කියන්නෙ ' ආත්මය ' ඒකයි මම ඒ නම එයාට දැම්මෙ. එතකොට එයා නැති උනත් මාත් එක්ක හැමදාට ම ඉදියි. "
මේබල් ගෙ උත්තරෙන් ජේස් පුදුම උනා.
" වොහ් ! මම හිතුවට වඩා ඔයා බුද්ධිමත් නෙහ් "
" ඇත්තට ! ඒත් ජේස් දන්නවද ඔයා නම් මහ මෝඩ අයියා කෙනෙක්. "
" හහ්හ් " ජේස් නෝන්ඩියට වගේ හිනා වුණා. " ඔයා එහෙම කිව්වට මට ගොඩක් අය ආදරෙයි. ඔයාට වඩා "
" වෙන්නැති " මේබල් කිව්වේ ඔංචිල්ලාවෙන් බහින ගමන්. " ඒත් ස්පිරිට් නම් මට වඩා ඔයාට ආදරේ නෑ "
ජේස් හිනාවෙන්න ගත්තා. " මොන විකාරක්ද කියවන්නෙ මේබල් ! මං යනවා මෙතනින්. නැත්නම් මට ත් පිස්සු හැදෙයි "
කොහොමහරි, මේ මේබල් කෙල්ල ස්පිරිට් කියන අශ්වයා නිසා වෙනස් වෙන්න ගත්තා.
ඒත් ඒ වෙනස් වීම ත් එක්කම වගේ ජැක් ට සිද්ධ උනා ස්පිරිට් ව විකුණන්න. ඊටකලින් එයා ඒ ගැන මේබල් ට කියන්න ඕනි කියලා හිතාගෙනයි, ජැක් මේසේ ළගදි ඒක මේබල් ට කිව්වේ.
හිතුවෙවත් නැති විදිහට මේබල් ට ගොඩක් කේන්ති ගියා. රයිලි නම් භය උනේ මේබල් ආයෙත් කලින් වගේ නපුරු වෙයිද කියලයි.
එහෙම උනොත් නම් ලොකු විනාසයක් වෙන්නෙ.
ඉතිං, ජැක් මේබල් ව හොයාගෙන ගියා. එයා හිටියේ ඉස්තාලය ඇතුළෙ, ස්පිරිට් ව බදාගෙන යි.
" මට සමාවෙන්න ස්පිරිට් ! ඒත් තාත්තා හරිම නරකයි. ඔයාව දෙන්න එයාලා හදන්නෙ. මට කරන්න මුකුත්ම ඉතුරු වෙලා නෑ. අනෙහ්හ් සමාවෙන්න ස්පිරිට් !! "
මේබල් හයියෙන් ඇඩුවා.
මේ දිහා බලන් හිටපු ජැක් ගෙ ත් ඇස් වල කදුලු පිරුණා.
මේබල් ගැස්සිලා ගියා. ඒත් එයා හැරුණෙ නෑ. එයා කලේ ස්පිරිට් ව බදාගෙන හිටපු එක විතරයි.
" අහන්න මේබල් ! මට සමාවෙන්න "
" යන්න තාත්තේ.. ඔයා ගොඩක් නපුරු කෙනෙක් "
ජැක් මොනවත්ම කිව්වෙ නෑ. මොකද එයා දන්නවා ස්පිරිට් මැරෙන්න යන්නෙ කියලා. ස්පිරිට් ගෙදරදිම මැරුණොත් මේබල් ගොඩක් නරක් වෙයි. එයා ට එයාවම පාලනය කරගන්න බැරි වෙයි. ඉතිං, ජැක් යි රයිලි යි මේක රහසක් විදිහට තියාගන්න හිතුවා. මොකද එයාලා දන්නවා මේබල් ට මේක තේරුම් කරන්න ගොඩක් අමාරුයි කියලා.
කාලය ගෙවිලා ගියා. හරිම පුදුම විදිහට, මේබල් කිසිම වැරදි වැඩක් කලේ නෑ. ඒ වගේම එයා ජේස් ගෙන් සමාවත් ගත්තා.
" මට සමාවෙන්න ජේස් ! "
" අහ්හ් " ජේස් පුදුම උනා " මොකක්ද සමාවෙන්න මොකටද ?? "
" එදා අර විදිහට කෑගැහුවට "
" අහ්හ් "
ජේස් ට මේබක් ගැන දුක හිතුණා. එයා හිතුවේ මේබල් ඇත්තටම හොද වෙලා කියලා. ඒත් මේබල් කලේ හැමෝටම පේන්න හොදයි වගේ රගපාපු එක විතරයි. මොකද එයා හිතුවා එතකොට වත් ස්පිරිට් ව විකුණන්නෙ නැති වෙයි කියලා.
" හිතන්න එපා මේබල් ! ඔයා ඒක තේරුම් ගත්තු එක හොදයි ! "
මේබල් ජේස් ට නොපෙනෙන්න හිනා වුණා.
එදා රෑ හොදටම වැස්ස. මේබල් හිටියෙ ඇදේ සනීපෙට නිදාගෙන.
එයා හීනෙන් දැක්කා. ස්පිරිට් චූටි කාලේ වගේම අශ්ව පැටියෙක් එයාලගෙ ගෙදර ඉන්නවා. ඒ වගේම එයාගෙ පැත්තෙන් නිල් පාට පිහාටුවක් එල්ලුණා. හීනෙන් මේබල් ඒ අශ්ව පැටියා එක්ක සෙල්ලම් කලා. එයා තිරිගු යායවල් පහු කරගෙන අශ්ව පැටියා එක්ක දිව්වා. එයා හුස්ම ගනිද්දි ගිම්හානෙ සුළග එයාට කතා කළා. ඒ වගේම තරු එළියත් එක්ක මේබල් හයියෙන් හිනාවෙන්න ගත්තා. එයා ගෙ හිනාව කැලිෆෝනියාව වටේටම පැතිරුණා. ඒ හිනාව හරිම ලස්සනයි. හරියට සුරදූතයෙක්ගෙ වගේ. ඒත් එක්කම අර නිල් පාට පිහාටුව පාවෙලා ගියා.
ඒ හීනේ ගොඩක් වෙලා තිබ්බනම් හොදයි කියලා මේබල් ට හිතුණා. ඒත් ජේස් ගෙ හඩින් මේබල් කලබලෙන් ඇහැරුණා.
" මොකද ?? " ජේස් ගෙ ඇස් කදුලු වලින් බොද වෙලයි තිබ්බෙ. මේබල් ට භය හිතුණා. එයා ඉක්මණටම ඇදෙන් නැගිටිලා ජේස් එක්ක පහළට ගියා.
වැස්සෙන්ම ඉස්තාලෙට දුවපු මේබල් ජේස් ව බදාගෙන ඇඩුවා.
" නෑ...... ස්පිරිට් අනෙහ්හ්හ්හ්හ් "
ජේස් ඉකිබින්දා. එයා මේබල් ව තදින්ම බදාත්තා.
ජැක් ස්පිරිට් ළගින් ඉදගෙන හැඩුම්බරව හිටියෙ, රයිලි එයා එක්ක ස්පිරිට් ගෙ ඔලුව අතගාන ගමන්.
ඒත් එක්කම ස්පිරිට් ලොකු හුස්මක් ගත්තා. ඒක ගොඩක් වේගවත් වගේම අවසාන හුස්මක් උනා.
ස්පිරිට් යන්න ගියා. එයාගෙ ආත්මය සුළගට දිය උනා.
මේබල් බෙරිහන් දුන්නා. එයා ජේස් ගෙන් ඈත් වෙලා ස්පිරිට් ව බදාගත්තා.
ඒත් එක්කම ජැක්, රයිලි, ජේස් ත් මේබල් ව බදාගත්තා. ජීවිතේ පළවෙනි පාරට මේබල් එයාලා තුන්ගෙනාගෙම ආදරේ විදගත්තා.
මේබල් ගෙ කදුලු වලින් ස්පිරිට් ගෙ ඔලුව තෙමුණා. එදා මුලු රෑම මේබල් හිටියේ ස්පිරිට් ගාව.
උදේ පාන්දර පාන් සහ චොක්ලට් කිරි වීදුරුවක් එක්ක ජේස් ආවා. ඒ වෙනකොට ස්පිරිට් හිටියෙ නෑ. මේබල් පිදුරු ගොඩක දිගා වෙලා අහස දිහා බලාගෙන හිටියා.
" මේබල් ! ඔයාට පාන් ගෙනාවා " ජේන් හිමින් කිව්වා.
මේබල් මුකුත්ම කිව්වෙ නෑ. ජේස් එයාට කරදර කරන්නත් ගියෙ නෑ.
ටික වෙලාවකින් මේබල් නැගිටලා ජේස් ගෙනාපු පාන් සහ කිරි බිව්වා.
" මට කණගාටුයි ! " ජේස් හිමින් මිමිණුවා.
" ඒකට කමක් නෑ ජේස් ! " මේබල් ශක්තිමත් හඩින් කිව්වා.
" අහ්හ් ඔයා හොදින් නේද මේබල් ! මම ඔයාට ආදරෙයි.. ඔයා දුකින් ඉන්නවට මම ආස නෑ "
මේබල් ට ඇඩෙන්න ගියා. එයා ජේස් ව බදාගත්තා.
" මාත් ඔයාට ආදරෙයි අයියේ.. මං විතරක් නෙවෙයි ස්පිරිට් ත් ඔයාට ආදරෙයි "
ජේස් පුදුම උනා, ඒ වගේම එයාට ගොඩක් සතුටු උනා. මේබල් ගෙ හැසිරීමට.
" අහ් එයා ඔයාට ඒක කිව්වද ?? " ජේස් මේබල් ගෙ ඇස් දිහා බලන් ඇහුවා.
" ඔව්ව් එයා මට ඒක කිව්වා. ඒත් මං දන්නව ඔයා හිතයි මට පිස්සු කියලා.. "
" නෑ නෑ මේබල් එහෙම නෙවෙයි ඔයා හරි මට ඔයාව විශ්වාස යි. ඔයා මගෙ නංගි නෙහ් "
මේබල් ගෙ ඇස් දීප්තිමත් උණා. එයා ට තේරුණා එයා කරපු වැඩ වැරදියි කියලා. එයාට ඕනි උනා හැමෝගෙන්ම ගිහින් සමාව ගන්න. එයා දැනගත්තා එයාට ඉන්නවා කියලා ලස්සන පවුලක් !! ඒ වගේම එයාට තේරුම් ගියා, ස්පිරිට් මැරෙන්න යන එක එයාලා කලින් ඉදලම දැනගෙන කියලා. ඉතිං, මේබල් ට එයා ගැනම ලැජ්ජ හිතුණා.
" ජේස් කෝ අම්මයි තාත්තයි මට එයාලගෙන් සමාවගන්න ඕනි "
" අහ්හ් මෙහෙමයි මේබල් !! ඒ දෙන්න අහ්හ් පොඩි මේ වැඩ්- "
ජේස් ට ඉතුරු ටික කියන්න උනේ නෑ. ජැක් රයිලි එක්ක ඉස්තාලෙට ආවා.
" මේබල් ඔයාට තෑග්ගක් ගෙනාවා.. " ජැක් ජේස් ට ඇහක් ගහලා කිව්වා. ජේස් ගෙ මූණෙ හිනාව පිරිලා ගියා. එයා සතුටින් ඔලුව දෙපැත්තට වැනුවා.
මේබල් පුදුම වෙලා එළියට ආවා.
හිතාගන්නවත් බෑ.. මේබල් හීනෙන් දැක්ක වගේම පුංචි අශ්ව පැටියෙක්. එයා හරිම ලස්සනයි.
අශ්ව පැටියා හේශාවර කළා. එයාට තිබ්බෙ හුරුබුහුටි පෙනුමක්.
මේබල් ට මතක් උනා එයාගෙ හීනෙ. ඒත් මේ අශ්ව පැටියගෙ අර නිල් පාට පිහාටුව තිබ්බෙ නෑ. මේබල් ඒක හෙව්වා. ඒත් එහෙම එකක් තිබ්බෙ නෑ. ඒත් මේබල් අශ්ව පැටියට ගොඩක් ආදරෙ කළා.
" පුංචි ස්පිරිට් " මේබල් කෑ ගැහුවා. " ඔයා තමයි මගෙ හොදම යාලුවා "
එයා පුංචි ස්පිරිට් එක්ක තිරිගු යාය වටේටම දිව්වා. හැබැයි මේ පාර එයාලා එක්ක ජේස් ත් එකතු උනා.
මේබල් හිනා වුණා. හරිම ලස්සනට හිනාවුණා. ඒ හිනාව ගොඩක් ලස්සනයි කියලා ජැක් හිතුවා.
" අම්මෙ තාත්තෙ මට සමාවෙන්න ඔයාලට කරදරයක් උනාට. ඒත් නෑ ආයේ නම් මම මෝඩ විදිහට හැසිරෙන්නෙ නෑ. මම ගොඩක් හොද කෙනෙක් වෙනවා. ජේස් වගේ. එතකොට ඔයාලට පුලුවන් වෙයි මං ගැන ආඩම්බර වෙන්න "
" අපිට ඔයාව විශ්වාස යි මේබල් "
මේබල් කිව්වෙ ඇත්ත කියලා ජැක් රයිලි විශ්වාස කළා. එයාලා මේබල් ව වඩාගෙන සිපගත්තා. ජේස් එයාලා එක්ක තණ පිටිය හරහා දිව්වේ පුංචි ස්පිරිට් වත් අරගෙනමයි.
ස්පිරිට් ! එයා තාම ජීවත් වෙනවා. මේබල් එක්ක. ඒ වගේම ජේස් එක්ක. ඉතිං, එයාලා ආයි කවදාවත් දුක් උනේ නෑ. මොකද එයාලට තියෙනවා ලස්සන පවුලක්.. !! ගොඩක් ලස්සන වටින පවුලක් !! 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!