රුසියාවේ නිෂ්පාදිත ‘Enteromix’ (එන්ටරෝමික්ස්) නමැති පිළිකා මර්ධන එන්නත සාර්ථක ලෙස පූර්වසායනික අත්හදාබැලීම් සම්පූර්ණ කළ බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. රුසියානු ෆෙඩරල් වෛද්‍ය-ජෛවවිද්‍යාත්මක නියෝජිතායතනයේ (Russian Federal Medical-Biological Agency – FMBA) ප්‍රධානී වෙරොනිකා ස්ක්වෝර්ත්සෝවා ඉකුත් සෙනසුරාදා නැඟෙනහිර ආර්ථික ෆෝරමයේ (EEF) දී මේ බව නිවේදනය කළ බව රුසියානු රාජ්‍ය පුවත් සේවයක් වන TASS වාර්තා කරනවා.
වසර ගණනාවක් පුරා සිදු වූ පර්යේෂණවල සහ අවසානයට සිදු වූ පූර්වසායනික අධ්‍යයනයන්ගෙන් පසු මේ වන විට වැක්සීනය භාවිතය සඳහා සූදානම් බවත්, දැන් ඉතිරි ව ඇත්තේ එහි භාවිතය සඳහා බලධාරීන්ගේ අනුමැතිය ලැබීම පමණක් බවත් ස්ක්වෝර්ත්සෝවා මෙහි දී සඳහන් කළ බව සඳහන්. පූර්වසායනික අධියරවලින් ලද ප්‍රතිඵලවලින් වැක්සීනයේ සුරක්ෂිත බව තහවුරු වී ඇති බවත්, කිහිපවරක් එන්නත් කිරීමෙන් වුව ද හානියක් සිදු නොවන බවත් සහ කැපී පෙනෙන ක්‍රියාශීලීත්වයක් පෙන්නුම් කෙරෙන බව ඇය අවධාරණය කර තිබුණා.
රුසියානු බලධාරීන් සඳහන් කරන පරිදි මෙම එන්නතේ පූර්වසායනික අත්හදාබැලීම්වල දී පිළිකා පටකයේ වර්ධනය 60%ත් 80%ත් අතර ප්‍රමාණයකින් මන්දනය කරන බව තහවුරු වී තිබෙනවා (ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ 100%ක පිළිකා සෛල වර්ධනය අඩාල කළ හැකි බව වුවත් එය මෙතෙක් තහවුරු කරගැනීමට හැකි වී නැහැ). TASS වාර්තා කරන පරිදි ‘එන්ටරොමික්ස්’ එන්න මූලික ව ම සංවර්ධනය කර ඇත්තේ මහාන්ත්‍ර පිළිකා (colorectal cancer) ඉලක්ක කරගෙනයි.
එංගලන්තයේ ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් හි සායනික විද්‍යාඥ ඩේවිඩ් ජේම්ස් පිනාටෝ Newsweek වෙත සඳහන් කර තිබුණේ වැක්සීනය පිළිබඳ දැනට නිකුත් කර ඇති දත්ත ප්‍රමාණවත් නොවන බැවින් එහි සංවර්ධන තත්ත්වය පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමට මෙතෙක් නො හැකි බවයි. කෙසේ නමුත් ඔහු පහදන්නේ පූර්ව සායනික පරීක්ෂණ යනු එන්නත සතුන්ට එන්නත් කර පරීක්ෂාවට ලක් කිරීම බවයි. එහි සැබෑ ක්‍රියාකාරීත්වය සහ සුරක්ෂිත භාවය තහවුරු කළ හැක්කේ තෝරාගත් මිනිසුන්ට එන්නත් කිරීමෙන්, එනම් සායනික පරීක්ෂණවලින් පසු ව බව ඔහු පෙන්වා දෙනවා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/KjHdTrn
via Magazine







Post a Comment