zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යුරෝපයේ පැතිරෙන නව කෝවිඩ් වයිරස ප්‍රභේදය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

XEC ලෙස හැඳින්වෙන නව කෝවිඩ්-19 වයිරස ප්‍රභේදයක් යුරෝපය ප්‍රධානකොටගෙන පැතිර යමින් පවතිනවා. මුලින් සිදු කරන ලද නිරීක්ෂණවල දී පෙර පැවති ප්‍රභේදවලට වඩා පහසු ව්‍යාප්තියක් මෙය සතු බව පෙනී ගොස් තිබුණ ද, යුරෝපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ එය ද පෙර ව්‍යාප්ත වූ ප්‍රභේදවලට සමාන බවයි. එනිසා එය දැනට භාවිතයේ පවතින කෝවිඩ් වැක්සීන මඟින් පාලනය කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

XEC යනු SARS-CoV-2 වයිරසයේ ප්‍රභේද දෙකක් වන KP.3.3 සහ KS.1.1 හි සංයෝගයක්. එය හටගෙන තිබෙන්නේ ප්‍රභේද දෙක ම තනි පුද්ගලයෙකුට හෝ තනි සත්ත්වයෙකුට වැළඳී ඇති විටයි. ඉන් ප්‍රභේද දෙක අතර ජානමය හුවමාරුවකට මං සැලසෙනවා.

XEC යනු 2021 දී දකුණු අප්‍රිකාවෙන් මතු වී වේගයෙන් ව්‍යාප්ත වූ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ම අත්තක් බව ටෙනිසීහි වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ William Schaffner පෙන්වා දෙනවා. “ඔබට මේ අලුත් ප්‍රභේද ඔමික්‍රෝන්වල මී මුනුපුරන් ලෙස හඳුන්වා ගන්නට පුළුවන්.” ඔහු සඳහන් කරනවා. එනම් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් අනුප්‍රභේදවල දක්නට ඇති ලක්ෂණ ම මෙයින් ද දැකිය හැකියි. ඉක්මනින් හා පහසුවෙන් ව්‍යාප්ත වීම, කලින් පැමිණි SARS-CoV-2 ප්‍රභේදවලට වඩා දරුණු බව අතින් අඩු වීම ඒ අතර ප්‍රධාන ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.

පසුගිය අගෝස්තු මාසයේ දී විශේෂඥයන් විසින් XEC මුලින් ම හඳනා ගැනුණේ, බර්ලින් නගරය අවටින් රැස් කරගත් කෝවිඩ් සාම්පල අධ්‍යයනය කිරීමේ දී යි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 



from Vidusara Science Magazine https://ift.tt/y6Kp3xm
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!