zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ටයිටන් සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය එළියට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය ඉකුත් දා මාධ්‍යයට නිරාවරණය කෙරුණා. එ එරට නාවික විමර්ශන මණ්ඩලය විසින් (Marine Board of Investigation) සිද්ධිය අළලා සිදු කෙරෙන විශේෂ කරණු විභාගයේ දී යි. මේ වන විට ඇරැඹී ඇති කරණු විභාගය ලබන 27 වැනි දා වන තෙක් පැවැත්වෙනු ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ආරම්භක ඉදිරිපත් කිරීමේ දී නාවික විමර්ශන මණ්ඩලය සඳහන් කළේ ටයිටන් සබ්මැරීනයේ පසුපස කොටසේ පිහිටි කේතු ආකාර වල්ග කොටස සහ අනෙකුත් සුන්බුන් කැබලි පසුගිය වසරේ ජුනි 22 දා සොයා ගැනුණේ සෝදිසි මෙහෙයුම් සඳහා යොදා ගැනුණු දුරස්ථ ව පාලනය වන රොබෝතික යානයක් විසින් බවයි. මෙලෙස පළමු වතාවට නිරාවණය කෙරුණේ ඒ මොහොතේ රොබෝතික යානය මඟින් ලබා ගැනුණු ඡායාරූපයයි. ළා නිල් පැහැති ජල කඳ තුළ බිඳී ගිය කේතු ආකාර වල්ගය අත්ලාන්තික් සාගර පත්ලේ කෙළින් අතට රැඳී ඇති අයුරු එහි දැක්වෙනවා. ඒ ටයිටැනික් සුන්බුන් කොටස් වැතිර පවතින අඩවියට යාර කිහිපයක් නුදුරින්. නාවික විමර්ශන මණ්ඩලය මෙහි දී සඳහන් කළේ ටයිටන් සබ්මර්සිබලය අඩි 12,500ක් සාගර ගැඹුරේ පැවති පීඩනයට ඔරොත්තු නො දී අන්තර් විදාරණයට ලක් ව විනාශ වූ බවට එය නිගමනාත්මක සාක්ෂියක් ලෙස සලකන බවයි.

ටයිටන් සහ එහි මව් යාත්‍රාව වූ Polar Prince නෞකාව සමඟ ඇති වූ පාඨමය පණිවුඩ හුවමාරු මඟින් ද අනතුරේ ස්වභාවය ගැන දළ අදහසක් ලබා ගත හැකියි. එක්තරා මොහොතක Polar Prince වෙතින් යැවෙන පාඨමය අදහස් හුවමාරුවකින් විමසා සිටින්නේ සබ්මැරීනයේ පණිවුඩ තිරය මත Polar Prince පණිවුඩ ගැටලුවකින් තොර ව දර්ශනය වේ ද යන්නයි. ටයිටන් කාර්ය මණ්ඩලය තවදුරටත් පහළ බසින අතරේ එයට පිළිතුරු වශයෙන් එවා ඇත්තේ “all good here” (“මෙහි සියල්ල හොඳින්”) යනුවෙන්.

මේ ක්‍රමවේදය ඔස්සේ අවසන් වරට ටයිටන් වෙතින් ලැබුණු පණිවුඩයේ දැක්වෙන්නේ “dropped two wts” හෙවත් නැවත සාගරය මතුපිටට ඒම සඳහා භාරයන් දෙකක් මුදා හැරි බවයි.
කරුණු විභාගයේ දී ටයිටන් අයත් OceanGate සමාගමේ සේවය කළ පුද්ගලයන් සහ ඒ සඳහා අමුද්‍රව්‍ය සැපයූ පුද්ගලයන් ද අදහස් දක්වා සිටියා. සමාගමේ හිටපු ඉංජිනේරු අධ්‍යක්ෂවරයා වූ Tony Nissen මෙහි දී සඳහන් කර තිබුණේ ටයිටන් දියඹ වෙත දියත් කිරීම සඳහා නො සන්සුන් හදිස්සියක් සමාගමේ ඉහළ පුටුවලට තිබූ බවයි. එසේ කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් පීඩනයක් එල්ල වූ බව ඔහු හෙළි කළා.

සමාගමේ කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කළ Tym Catterson කරුණු දක්වමින් සඳහන් කළේ ටයිටන්හි ගමන් කිරීම සඳහා හිත හදාගැනීමට ඔහුට කිසි ලෙසකවත් නො හැකි වූ බවයි. ඒ එහි පීඩන කුටීරය ටයිටේනියම් හා කාබන් ෆයිබර් මිශ්‍රිත ලෙස යොදාගනිමින් තනා තිබීම හේතුවෙන්.

පසුගිය වසරේ ජුනි 18 වැනි දා ටයිටැනික් සුන්බුන් නැරඹීම සහ ගවේෂණය සඳහා පිටත් ව ගිය ටයිටන් සබ්මර්සිබලය නියමිත වේලාවට යළි මතුපිටට නො පැමිණි අතර දින ගණනක් පුරා ඇදුණු සෝදිසි මෙහෙයුම්වලින් පසු සොයාගැනුණේ එය අන්තර් විදාරණයට ලක් ව විනාශ වී ඇති බවයි. සිදු වීමෙන් OceanGate සමාගමේ නිර්මාතෘවරයා ද ඇතුළු ව එහි ගමන් ගත් පස් දෙනා ම මිය ගියා.

CNN සහ The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/CD6OJzf
via Magazine
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!