zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මේ වසරේ දී දැකිය හැකි පියවි ඇසට පෙනෙන නෝවා පිපුරුමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මේ වසරේ පෙබරවාරි සහ සැප්තැම්බර් යන මාස දෙක අතර කාලයේ දී රාත්‍රි අහස සරසන නෝවා පිපුරුමක් පියවි ඇසින් දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව ඔබට ලැබෙනවා. ක්ෂීරපථ චක්‍රාවාටය තුළ නිරීක්ෂණය කර තිබෙන පුනරාවර්තී නෝවා පිපුරුම් පහෙන් එකක් වන මෙය සිදු වනු ඇත්තේ T Coronae Borealis හෙවත් T CrB නමින් හඳුන්වන ද්විත්ව තාරකා පද්ධතිය තුළයි. ආලෝක වර්ෂ 3,000 ක් දුරින් පිහිටන මේ ද්විත්ව තාරකා පද්ධතියට එකිනෙක වටා කක්ෂගත ව පරිභ්‍රමණයේ යෙදෙන රතු යෝධ තාරකාවක් සහ ශ්වේත වාමන තරුවක් අයත් වෙනවා.

පසුගිය පෙබරවාරි මස 27 වෙනි දින NASA ආයතනය නිවේදනය කළ පරිදි මේ නෝවා පිපුරුම ඔබට නිරීක්ෂණය කළ හැකි වන්නේ උතුරු කිරීටය (Northern Crown \) නමින් ද හඳුන්වනු ලබන Corona Borealis තාරකා මණ්ඩලය තුළයි. අර්ධ කවාකාර හැඩයක් ඇති මේ තරු රටාව Bootes (එඬේරා) සහ හර්කියුලීස් යන තාරකා මණ්ඩල දෙක අතරින් පිහිටා තිබෙනවා.

දීප්ති විශාලත්වය + 10 ක් වන නිසා ම ඉහත T CrB ද්විත්ව තාරකා පද්ධතිය පියවි ඇසට දිස් වන්නේ නැහැ.
එහෙත් එහි නෝවා පිපුරුම සිදු වන විට එමඟින් දීප්ති විශාලත්වය + 2 දක්වා වෙනස් වන නිසා ධ්‍රැව තාරකාව හෙවත් පෝලාරිස් තරුවේ දීප්ති විශාලත්වයට සමාන වන නිසා ම එය ඔබට පියවි ඇසින් රාත්‍රි අහසක දැකිය හැකි දසුනක් බවට පත් වෙනවා.

T CrB තාරකා පද්ධතියේ සිදුවන නෝවා පිපුරුමට හේතු වන්නේ එයට අයත් සිය තාරීය පරිණාමයේ අවසන් අදියර වෙත ළං ව ඇති රතු යෝධ තාරකාවේ වැඩි වෙමින් පවතින උෂ්ණත්වය හා පීඩනය හේතුවෙන් එහි බාහිර ස්ථරවලට අයත් ද්‍රව්‍යයන් ශ්වේත වාමන තරුව මතුපිටට විමෝචනය කිරීමයි. එසේ ශ්වේත වාමන තරුව මත ප්‍රමාණවත් තරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් එක් රැස් වූ විට එහි උෂ්ණත්වය වැඩි වී තාප න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආරම්භ වීම හේතුවෙන් ඉහත නෝවා පිපුරුම නමින් හඳුන්වන සංසිද්ධිය ඇති වෙනවා.

එවිට එය දිස් වන්නේ නව තාරකාවක් ඇති වූ ලෙස නිසයි නෝවා පිපුරුමක් නමින් හඳුන්වන්නේ.

වසර 80 කට වරක් සිදු වන මේ නෝවා පිපුරුම අවසන් වරට ඇති වූයේ 1946 වසරේ දීයි.
එනිසා ම ජීවිත කාලයේ දී බොහෝ විට එක් වරක් පමණක් දැකිය හැකි මෙම T CrB නෝවා පිපුරුම මඟින් ඇති වන දීප්තියේ වැඩිවීම නිසා දින කීපයක් යන තුරු එය පියවි ඇසට දිස් වෙනවා ඇති.
සතියකට පමණ පසු එය දෙනෙතිවලින් දැකිය හැකි තරමට දීප්තියෙන් අඩු වී අවසානයේ දී නො පෙනී යාමට නියමිත ව තිබෙනවා.

Space.com සහ NASA Blogs Home ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!