zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යකඩ පෙණහැල්ලෙන් හුස්ම ගත් මිනිසා මිය යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වසර 70ක කාලයක් යකඩ පෙණහැල්ලක ආධාරයෙන් හුස්මගත් පෝල් ඇලෙක්සැන්ඩර් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78 වැනි වියේ පසු වුණා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස්හි ජීවත් වූ ඔහු ජනප්‍රියත්වයට පත් ව සිටියේ “පෝලියෝ පෝල්” ලෙසයි.

1952 වසරේ පෝල්ට පෝලියෝ වයිරසය වැලඳෙන විට ඔහු පසු වූයේ සය වැනි වියේ යි. සිය වැඩිමහල් සොයුරා සමඟ ක්‍රීඩා කිරීමට නිවසෙන් පිටතට ගිය ඔහු යළි පැමිණියේ උණ ගතියකින් හා විඩාබර ගතියකින් පෙලෙමින්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ දී ඔහුට පෝලියෝ ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා.

පෝලියෝ වයිරසය ආක්‍රමණය කරන්නේ සුසුම්නාව ආශ්‍රිත ස්නායු සහ මොළයයි. එහි දරුණු ම අදියරේ දී සදාකාලික අංශභාග තත්ත්වයක් ඇති විය හැකියි.

මේ හේතුවෙන් ඔහු එවක දී ම Iron Lung හෙවත් “යකඩ පෙණහැල්ල” ලෙස හැඳින්වෙන ජීවාධාරක යන්ත්‍රයකට ඇතුළත් කරනු ලැබුණා. හිස හැරෙන්නෙ⁣ට මුළු සිරුර ම වැසෙන පරිදි පිහිටන එම උපකරණය ඍණ පීඩනය උපකාරයට ගනිමින් රෝගියාගේ හුස්ම ගැනීම පහසු කරවනවා.

1960 වසරේන් පසු මේ කෘත්‍යය ඉටු කරීම සඳහා නවීන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර භාවිතයට පැමිණියත් සිය සුපුරුදු ‘යකඩ පෙණහැල්ලෙන්’ ම දිගට ම හුස්ම ගන්නට පෝල් තීරණය කර තිබුණා.

සීමිත චලන කිහිපයක් පමණක් කළ හැකි මට්ටමක සිටියත් පෝල් අධ්‍යාපනය මඟ හැරගෙන තිබුණේ නැහැ. නීතිවේදය පිළිබඳ උපාධි දෙකක් ලබාගෙන ඇති ඔහු ග්‍රන්ත කතුවරයෙකු බවට ද පත් වුණා. මුල් යුගයේ දී විශේෂිත රෝද පුටුවක් මත හිඳ නීති කටයුතුවල නිරත වීමට ද ඔහු සමත් වී තිබුණා.

තම ජීවිතය අළලා ඔහු විසින් රචිත ග්‍රන්ථය මේ වන විට ලොව පුරා පාඨක ප්‍රජාවගේ සම්භාවනාවට පත් ව තිබෙනවා.

ඔහු මෙලොවෙන් සමු ගෙන ගිය ද ඔහු ඉතිරි කර ගිය බපාපොරොත්තුවේ සහ දරාගැනීමේ පාඩම මතුවට ද සැමරෙනු ඇති.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!