zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමේසන් වනය තුළ සැඟව ගිය ඉපැරණි ඉදිකිරීම් දසදහස් ගණනින්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ඇමේසන් වනාන්තරය තුළ මෙතෙක් හඳුනාගැනීමට ලක් නො වූ පූර්ව – කොලොම්බියානු යුගයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන 10,000කට වැඩි ප්‍රමාණයක් පැවතිය හැකි බවට සිදු කරන ලද නවතම ආවේක්ෂණාවලියකින් ඉඟි පළ වී තිබෙනවා.

මේ අධයයනය මෙහෙයවා තිබුණේ බ්‍රසීලයේ National Institute for Space Research හි Luiz Eduardo Oliveira e Cruz de Aragão විසින්. ඔහු සිය පර්යේෂණ සගයන් සමග ඇමේසන් වැසි වනයේ වර්ග කිලෝමීටර 5315ක වපසරියක් ආවේක්ෂණය කළා. මේ සඳහා භාවිතා කරනු ලැබුවේ ලයිඩාර් තාක්ෂණයයි. පරාවර්තනය වන ලේසර් ආලෝක කදම්භයක් මඟින් භූමියෙහි ත්‍රිමාන සිතියමක් තැනීම එමඟින් සිදුවනවා. ගුවන් යානා සහ ඩ්‍රෝන යානාවල සිට ලයිඩාර් තාක්ෂණය උපයෝගී කරගෙන සිදු කෙරෙන ආවේක්ෂණ මඟින් මින් පෙර ද සැඟව පැවති පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමට ඉඩ සැලසී තිබුණා.

Aragãoගේ කණ්ඩායම එම සාපේක්ෂ ව කුඩා වපසරිය තුළ පැවති නශ්ට ව ගිය ඉදිකිරීම් 24ක් සොයාගන්නට සමත් වුණා. ඒවා අදින් වසර 500ත් 1500ත් අතර අතීතයේ එහි වාසය කළ ස්වදේශිකයන්ට අයත් බවයි ඔවුන්ගේ අදහස. ඇමේසන් වනයේ දක්ෂිණ කොටසට අයත්, එවක වැඩි ජනගහණයක් වාසය කළේ යැ යි උපකල්පනය කෙරෙන වැළලී ගිය නගරයක නටඹුන් ද හෙළි කර ගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් වුණා. එය ජනාකීර්ණ ව පවතින්නට ඇතැයි අනුමාන කරන්නේ ඒ අවට ඉදි කිරීම් බහුල ලෙස ව්‍යාප්ත වී තිබීම සමහ මාර්ග පද්ධතියක් ද පැවති බව අනාවරණය වීම නිසයි.

වර්ග කිලෝමීටර 6.7 මිලියනයක් පුරා පැතිරී තිබෙන ඇමේසන් වනයෙන් මේ අධ්‍යයනය සඳහා පාදක වූයේ 0.08% ක් තරම් කුඩා කොටසක් පමණයි. නමුත් මුළු වනාන්තරය පුරා ම සැඟවී ඇති නටඹුන් කොතෙක් පවතී දැ යි අනුමාන කළ හැකි පරිගණක ආකෘතියක් ඔවුන් සතු ව පැවතියා. Aragão සහ කණ්ඩායම විසින් පෙර හඳුනාගෙන තිබූ නටඹුන් 937ක සහ අලුතෙන් සොයාගත් 24 පිළිබඳ දත්ත පරිගණක ආකෘතියක් ඇතුළත් කරනු ලැබුවා. එමඟින් අනුමාන කෙරුණේ ඇමේසන් වැසි වනාන්තරය පුරා විහිදුණු, මෙතෙක් සොයා නො ගත් පුරාතන ඉදිකිරීම් 10,272 සිට 23,648 දක්වා ඔ්නෑ ම ගණනක් පැවතීමේ ඉඩ ඇති බවයි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!