zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දේශගුණ ව්‍යසන හේතුවෙන් දරුවන් මිලියන 43ක් අවතැන්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



UNICEF මඟින් නිකුත් වූ නවතම වාර්තාවකට අනුව 2016 සහ 2021 අතර වසර හයක කාලය තුළ අයහපත් කාලගුණ තත්ත්වයන් සහ දේශගුණ ව්‍යසන හේතුවෙන් අවතැන් වූ දරුවන් සංඛ්‍යාව මිලියන 43කට අධිකයි. ඉදිරි කාලය තුළ සිදු වන දේශගුණ විපර්යාසයන් සහ අහිතකර කාලගුණ තත්ත්වයන් හේතුවෙන් මිලියන ගණනින් තවත් දරුවන්ට එම ඉරණම ම අත් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය සඳහන් කරනවා.

මේ අතරින් අවතැන් වීම් මිලියන 41 ක් පමණ ම සිදු වී තිබෙන්නේ කුණාටු සහ ගංවතුර ආපදා හේතුවෙන්. නියං තත්ත්ව සහ ලැව්ගිනිවලින් අවතැන් වූ සංඛ්‍යාව සාපේක්ෂ ව අඩු වුවත් එය ද නො සලකා හැරිය නො හැකියි.

වැඩි ම ළමා අවතැන් වීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පිලිපීනය, ඉන්දියාව සහ චීනය යන රටවලින්. අධ්‍යයනයට බඳුන් වූ කාල සීමාව තුළ එම රටවල් තුනෙන් අවතැන් වීමට පත් දරුවන් මිලියන 23ක් වාර්තා වී තිබුණා. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඉන්දියාව සහ චීනය ලොව ජනගහනය අතින් ද වැඩි ම රටවල් වීමයි.

කෙසේ නමුත් ළමා ජනගහනය අතින් කැපී නොපෙනෙන රාජ්‍යයන්ගේ ද දරුණු මට්ටමින් ළමා අවතැන්වීම් වාර්තා වනවා. සංවර්ධනය වෙමින් පවතින් දූපත් රාජ්‍යයන් ඒ අතරින් විශේෂයි.

මේ අධ්‍යයනය සඳහා යොදාගත් සංඛ්‍යාලේඛනවල එන දරුවන් ආපදාවකට පෙර සිදු වන ඉවත් කිරීමක දී අවතැන් වීමට ලක් වූවන් ද නො එසේ නම් ආපදාවකට මුහුණ පෑමෙන් පසු අවතැන් වීහට ලක් වූවන් දැ යි නිෂ්චිත වශයෙන් වර්ගීකරණය කර නැහැ. එය අනාගතයේ දී කරන සංගණනවල දී අවධානයට ලක් විය යුතු පැතිකඩක් බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

Scientific American ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!