Loading..

විශාල පිරිසකට මරණය ගෙන දුන් මොකක්ද මේ ”නැටුම් වසංගතය”


 


නර්තනය අපේ ජීවිතවලට බොහෝ සෙයින් බැඳී ඇති බැවින් විවාහ මංගල්‍යයක්, උපන් දින සාදයක්,හෝ වෙනත් උත්සව අවස්ථාවක් අතරතුර නර්තනයක නොයෙදුණු අයෙක් සොයාගැනීම පහසු නොවේ.
පුද්ගලයෙක් විනාඩි කිහිපයක් නර්තනයක යෙදීම සාමාන්‍ය දෙයකි.

ඇද වැටී මිය යන තෙක් දින, සති සහ මාස ගණනාවක් තිස්සේ යමෙක් නර්තනයක යෙදෙන්නේ නම් එය අසාමාන්‍ය දෙයක් නොවේ ද? 👀1518 වසරේ ප්‍රංශයේ එක්තරා ප්‍රදේශයකට රැස්ව, මාස තුනක් තිස්සේ අඛණ්ඩව නර්තනයේ යෙදුණු සිය ගණනක පිරිසකින් කොටසක් ඇද වැටී තුවාල ලැබීම සහ තවත් පිරිසක් මිය යාම එවැනි අසාමාන්‍ය සිදුවීමකි.

මෙම සිදුවීමට හේතු වූ කරුණු පිළිබඳ ව බොහෝ දෙනකු එකිනෙකට වෙනස් අදහස් පළ කර ඇත. සමහරුන් විශ්වාස කරන්නේ පාන් නිෂ්පාදනය සඳහා භාවිත කළ ධාන්‍ය වර්ගයක අන්තර්ගත වූ යම්කිසි දිලීරයක් මීට හේතු වූ බව යි. එම දිලීරය ශරීරගත වූ පුද්ගලයන්ගේ ශරීරයේ ඇති වූ යම්කිසි ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඔවුන් නර්තනයට පෙලැඹුණු බවත් කියැවේ.



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...