Loading..

ඔයාගේ ඇඟිලිත් වතුරේ දාගෙන ඉන්නකොට රැලි ගැහිලා තියෙනවද?




මේ විදියට වතුරේ ඉන්නකොට ඇඟිලි රැලි ගැහෙන්නේ ඇඟිලිවලට සැපයෙන රුධිර සැපයුම අඩු වෙනකොට.වතුර යට ඉන්නකොට ඔයාගේ ස්නායු පද්ධතිය මඟින් රුධිර වාහිනී වලට පණිවිඩයක් දෙනවා වතුරේ ගෑවිලා තියෙන තැන්වලට රුධිර සැපයුම අඩු කරන්න කියලා.ඒ විදියට රුධිර සැපයුම අඩු වුණාම කලින් ලේ පිරිලා තිබ්බ ඇඟිලි ලේ අඩු නිසා ඇකිලෙන්න ගන්නවා.මේක තමයි මේ විදියට වතුරේ ඉන්නකොට ඇඟිලි ඇකිලෙන්න හේතුව.

මේ විදියට ඇඟිලි ඇකිලුනාම වතුර යටදි ඇඟිලි වලින් යමක් අල්ලාගැනීම පහසු වෙනවා.මේ හේතුව නිසා තමයි ස්නායු පද්ධතියෙන් රුධිර සැපයුම අඩු කරන්න පණිවිඩය දෙන්නේ.

මේක වතුරෙදි ඉන්නකොට නැතුව නිකන් ඉන්නකොටත් වෙනවනම් ඒක රෝගී තත්වයක්.බෙහෙත් ගන්න එක හොඳයි.හරියට ශරීරයට ඇති තරම් වතුර බිව්වේ නැති වුනාමත් මේක වෙනවා
.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...