Loading..

ලංකාවෙන් අලුත්ම ගිනස් වාර්තාවක්


 



ලොව විශාලතම සහ බරම වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කරලා තමයි මේ වාර්තාව තියලා තියෙන්නේ.පසුගිය ජුනි 01 වෙනිදා කොළඹ යුද හමුදා රෝහලේදි තමයි මේ වාර්තාව පිහිටුවලා තියෙන්නේ.

මෙසේ ඉවත් කරන ලද ගලෙහි දිග සෙන්ටිමීටර 13.372ක් පමණ වන අතර බර ග්‍රෑම් 801ක් වෙනවා.

මීට කලින් දිගම වකුගඩු ගලට හිමි ගිනස් වාර්තාව තිබුණෙ ඉන්දියාවට.ඒ සෙන්ටිමීටර 13ක්.ඒවගේම 2008දී පාකිස්ථානයයෙන් බරින් වැඩිම ගල (ග්‍රෑම් 620) වාර්තා වී තිබුණා.

මෙම ශල්‍යකර්මයේදී ලිංගේන්ද්‍ර මුත්‍රා අංශයේ ප්‍රධානී වෛද්‍ය ලුතිනන් කර්නල් කේ.සුදර්ෂන්,කපිතාන් ඩබ්ලිව්.පී.එස්.සී.පතිරත්න,වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක යන වෛද්‍යවරුන් මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.එමෙන්ම නිර්වින්දන වෛද්‍යවරුන් වන කර්නල් යූ.ඒ.එල්.ඩී.පෙරේරා,කර්නල් සී.එස්.අබේසිංහ යන අයද මීට දායක වී තිබෙනවා.

වෛද්‍ය විද්‍යාවේ දියුණුව ගැන සතුටුයි.ඒත් මෙච්චර ලොකු ගල් හැදෙන එක ගැනනම් සතුටු වෙන්න බෑ 🥲




أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...