Thumbnail :
Video :
2012 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් දුර්ලභ ස්වභාවික සංසිද්ධියක් වන රතු වැස්ස බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. රතු රුධිර සෛලවලට බොහෝ දුරට සමාන රතු පැහැති දූවිලි අංශු ලෙස ජලය සමග මිශ්‍ර වී ඇද හැළුණු මෙම වර්ෂාව ලේ වැස්ස යනුවෙන් ද හදුන්වා ඇත. පර්යේක්ෂකයන්ගේ දත්ත වලට අනුව මෙහි ආසනික් සහ රිදී මූලද්‍රව්‍යවල අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයක් අඩංගු බව තහවුරු විය. පුදුමයට හේතුව නම් ඔවුන් පවසන ආකාරයට මෙවැනි DNA අණු අද වන තෙක් පෘථිවියෙන් සොයාගෙන නොතිබීමයි. එම නිසා මෙයට පිටසක්වල සම්බන්ධතාවක් ඇතැයි ඇතැමුන් විශ්වාස කරයි. තවද මෙයට සමාන වර්ෂාවක් 2006 හා 2009 වර්ෂයන් වලදී ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ද වාර්තා වී තිබීම විශේෂත්වයකි.
දැනගෙන හිටියේ නෑ නේද?

