Loading..

ඇමරිකානු ගැහැණු කිඹුලෙකු විසින් ප්‍රථම වරට සංසර්ගයකින් තොරව පැටවුන් බිහි කර ඇත

 

වසර 16ක කාලයක් කොස්ටාරිකාවේ සත්වෝද්‍යානයක හුදකලාව ජීවත් වුවත් ගැහැණු කිඹුලෙකු විසින් සංසේචනය කළ බිත්තර ප්‍රසූත කර තිබෙනවා.
ඒ අනුව කිඹුලකුට සංසර්ගයකින් තොරව පැටවුන් බිහි කළ හැකි බව විද්‍යාඥයන් පෙන්වා දුන් පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ ඩයිනෝසරයන් හටද මෙයම සිදු කරන්නට ඇති බවයි.
සත්වෝද්‍යානයේ පාලකයින් සොයා ගෙන තිබුණේ මෙම අවුරුදු 18 වයසැති ගැහැණු ඇමරිකානු කිඹුලා විසින් බිත්තර 14 ක පොකුරක් ආරක්ශා කරන බවයි.
හුදකලා කිඹුලන් සාමාන්‍යයෙන් සංසේචනය නොකළ බිත්තර දැමීම අසාමාන්‍ය දෙයක් නොවූවත් මෙහිදී පර්‍යේශකයන් පුදුමයට පත් වූයේ බිත්තර 7ක් ඇත්ත වශයෙන්ම සංසේචනය වී තිබුණ නිසයි.
කෙසේ වෙතත් මාස තුනකට පසුව බිත්තර වලින් පැටවුන් බිහි නොවූවත් එක් බිත්තරයක ජානමය වශයෙන් සම්පූර්ණයෙන්ම පාහේ මවට සමාන ගැහැණු කළලයක් ඇති බව ඔවුන් සොයාගෙන තිබෙනවා.
මෙම පරීක්ශණය සිදු කළ වර්ජීනියා ටෙක් හී මහාචාර්‍ය වොරන් බූත් පවසන්නේ මෙම හැකියාව ඔවුන්ගේ පරම්පරාවේ දුරස්ථ මුතුන් මිත්තෙකු සතුව තිබූ ලක්ශණයක් බවයි. ඒ අනුව ඩයිනෝසරයන්ද මෙලෙස "කන්‍යා උපත් " සිදු කර ඇති බව ඔවුන් විශ්වාස කරනවා.
"කන්‍යා උපත්" යනු Facultive Parthenogenesis නම් ස්වභාවික ක්‍රියාවලියක් වන අතර Facultive Parthenogenesis යනු ලිංගික ප්‍රජනන අවශ්‍යයතාවයකින් තොරව දරුවන් බිහි කිරීමේ දුර්ලභ අවස්ථාවකි.මෙහිදී පර්‍යේශකයන් විසින් ජාන විශ්ලේෂණයක්ද සිදු කර තිබෙන අතර එහෙත් පිරිමි සම්බන්ධයක් එහි නොතිබූ  බව ඔවුන් පවසනවා.
එසේම විද්‍යාඥයන් පවසන්නේ ගැහැණු කිඹුලා තමන්ගේම බිත්තර සංසේචනය කර ඇති වවටයි.

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...